කාලගුණෙන් රතු නිවේදනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ප්‍රදේශ කිහිපයකට තද වැසි

    හෙට (07) සහ ඉදිරි දින දෙක (08,09) දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් මේ බව අපේක්ෂා කරන බව නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.


    Aruna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    deiyo kopa nounoth thamai puduma wenna ona kashtiya.........
    hondatama karala, wemin pawathina thathwayak meka.........
    anthimata lipe gal thunath nathi wei mehema yanako......
    dan sapai, saneepai daaaa....
     
    • Like
    Reactions: Solo Rider