කාලගුණ-අනාවැකිය-July19

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කාලගුණ-අනාවැකිය-July19

    මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

    2019ජුලිමස 19 දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.



    දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයත්,මධ්‍යම සහ සබරගමුව පළාත්වල පවතින වැසි තත්ත්වයත් තවදුරටත් බලාපොරොත්තුවේ.

    බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (70-80) පමණ දක්වාවන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ දක්වා තද සුළං ද ඇති විය හැක.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද,කලුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩිතරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

    සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

    2019ජුලිමස 19 දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.


    දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය ජූලි මස 21 වන දින උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තුවේ.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 50 පමණ වේ.

    මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (80-90) දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතාරළු වේ.

    මෙම මුහුදු ප්‍රදේශය තුල 2019 ජූලි21 වන දින උදෑසන කාලය දක්වා ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ප්‍රජාවට අවවාද කරන අතර නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපිට නම් හුලං ටික ටික ආයේත් වැඩි වෙනවා.....හෙන මුස්පෙන්තු පාටයි, අව්වක් කියලා කොටින්ම නෑ, : වයබ
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මරුසිරා;24645951 said:
    බම්ප් .

    කාටවත් විපත්තියක් කරදරයක් ඇතිනොවෙවා .:nerd:

    අව් 29 කෙනෙක් මැරිලා බං, ගහක් කඩන් වැටිලා බයික් එකේ යද්දි :(:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අව් 29 කෙනෙක් මැරිලා බං, ගහක් කඩන් වැටිලා බයික් එකේ යද්දි :(:(

    13.gif


    දෙයි හාන්දුරුවනේ..... කරුම චක්කරේ හැටි තමයි...