කාලයේ වැලිතලාවෙන් වැසීගිය ඇත්ත

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මේක වැදගත් ඉතිහාස කතාවක්. කොහෙවත් ලියවිලා නෑ. මං තමයි මුලින්ම ලියන්නේ. පරිස්සමින් කියවා අවබෝධ කරගන්න. ලංකාව වෙනස් උන ටර්නින් පොයින්ට් එක මේ. දැනටත් එක එක ප්‍රතිරූප හදාගෙනඑක එක්කෙනාව වන්දනා කරන අය කල්පනාවෙන් තමන්වම කියව ගන්න.
    මං ඉපදුනේ 60 දශකයේ. 2000 වෙනකම්ම ඔහොම ප්‍රශ්න තිබුනෙ නෑ. මස් කියලා තිබුනෙත් හරකා ඌරා එලුවා විතරයි. බ්‍රොයිලර් චිකන් තිබුනෙම නෑ. කොත්තු උනත් හැම කඩේකම තිබුනේ හරක්මස් කොත්තු විතරයි. කාටවත් කිසිම අවුලක් උනෙත් නෑ. දරුවන්ට ලෙඩ්ඩුන්ට, කිරිදෙන අම්මලාට ඇඟට ලේ වඩන්න ගෙනත් දුන්නේ හරක් පීකුදු.
    ඔය කාලේ ඉරහඳ කියලා නක්ශාස්ත්‍ර පත්තරයක් සෑහෙන්න ජනප්‍රිය උනා..රේඩියෝ එක දැම්මොත් ඉර හඳේ දැන්වීම් තමයි ඇහුනේ. ඒවා වොයිස් කලේ ගැමුණු විජේසුරිය.
    ඉරහඳ ගියේ දේව ලයින් එකක. සැරසිලි හඳමාමා වගේ පත්තර කරන්න ගිහින් ඇනගෙන හිටපු ප්‍රියන්ත කියලා කෙනෙක් තමයි ඒක කලේ.
    ධනයට අධිපතිනි ලක්ෂ්මී කියන ඉන්ඩියන් සංකල්පය තමයි බුවා උඩදාං අරං ගියේ.
    පොහොසත් වෙන්න හීන මව මවා අතුකෝරල මහත්තයගෙ පරිවර්තන පොත් කියව කියවා හිටපු සෙට් එකත් මේකට අහු උනා.
    සුමනදාස මහත්තයගෙ චිත්ත ධර්ම විද්‍යා අනුගාමික සෙට් එකත් මේකට මර්ජ් උනා.
    සිද්ධාලේප මුදලාලිගෙ වෙලෙන්ඳා සඟරාවෙ පාඨකයොත් මේකට හරියටම සෙට් උනා.
    ඒ අස්සේ ඉර හඳ මෑන් රට පුරා දේවාල හදාගෙන කේරලෙන් කට්ටඩි ගෙනල්ලා ලොකු යාග හෝම ඉවෙන්ට් කරලා, ගෙවල්වල එල්ලන්න වාසනා මුට්ටි හදලා, දුං අල්ලන්න දුංකුඩු ගෙනැල්ලා, යන්තර හදලා ලංකාවම හෑවා.
    සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලයක් හැදුවා. මැනික් ගඟ මැද්දෙ බලි පූජා තිබ්බා. (ඔය රත්මලානෙ තෙලවල හන්දියෙ තියෙන්නෙත් ඒ කාලෙ හදපු දේව පිලිමයක්.)
    ඒ මදිවට වාස්තු විද්‍යා කියලා තව මගුලක් ගෙනැල්ලා මිනිස්සුන්ගෙ ඔලුකෑවා.
    ඉරහඳ කියපු දෙයක් වැරදුනේ නෑ කියන එක තමයි පොරගෙ ටැග් ලයින් එක. අපේ අනුවන දනෝ (90%ක්ම මෙහෙ ඉන්නෙ එහෙම උන් තමයි) මේක ගෙඩි පිටින් ගිල්ලා.(දේශපාලන අනාවැකි හෙඩ්ලයින් ගහලා ඇනගත්ත සීනුත් ඒ අතරේ නොතිබුනා නෙවෙයි)
    මේක දවසින් දවස නැගලම ගියා. හඳහන සුබසෙත වගේ එව්වයේ මාකට් බැස්සා.
    හඳහන පත්තරේ කරපු මුදලාලිලා මේක වට්ටන්න ගැටයක් ගැහුවා. එයාලා පත්තර ගැහුවට ඇත්තම බිස්නස් එක උනේ ඔට්ටු පොලවල් පවත්වාගෙන යන එක.
    පත්තර කලේ අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක කොටසක් හැටියට. කොටින්ම රටේ බලය අල්ලන්න.
    සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයෙ බලය තිබුනෙත් එයාලා අතේ. (දේශපාලන පක්ෂෙකුත් හිමීට හදාගෙන ගියා.)
    එයාලගෙ කුමරි රැජින ලක්බිම වගෙ පත්තර ඒ කාලෙ හරි ජනප්‍රියයි.
    හිටි ගමන් ඒවයේ ලිපි පලවෙන්න ගත්තා මෙල්බර්න් වාසී ගංගොඩවිල සෝම කියන නමකින්. තිලක් සේනාසිංහ තමයි වැඩේ කෝඩ්නේට් කලේ.
    ඒවා, ඉන්දියන් දේව විස්වාස සහ ඇදහීම් හෙලාදකින ලියවිලි. ටික කලක් යද්දි මෙයාලගෙ කැම්පේන් එකෙන් පොලොව හදලා පෝරු ගාලා, වපුරන්න ලෑස්ති කලා.
    වපුරන්න ඉම්පෝට් කලේ අර කියපු මෙල්බර්න් හාමුදුරුවන්ව. උන්නාන්සේ වපුරලා ආයෙ හාලා ආයෙ වපුරලා ආයෙ හාන්න ගත්තා.
    ලංකාව පුරාම බණ ෂෝ ඕගනයිස් කළා. සෙනග පිරිලා ඉතිරුනා. ඇත ගම් වල බණ වලට වන්දනා චාරිකා පවා සංවිධානය උනා. දේව විරෝධී බණ අහපු මිනිස්සු, ගෑනු තමන්ගෙ ගෙවල්වල තිබුන දේව පිලිම පන්සල් වල තාප්ප උඩින් තියලා යන්න පටන් ගත්තා.
    පන්සල් වලට, දහම් පාසැල් වලට යද්දි සුදු අඳින්න පටන් ගත්තා. පට්ට ආගමික පුනරුදයක් වගේ එකක් පේන්න ගත්තා. හන්දිවල වීල් පාක් වල හිටපු චණ්ඩි, පාරවල් මැද්දේ බුදුපිලිම තියලා, උදේ හවස ලවුස්පීකර් වලින් mp3 පිරිත් සජ්ජායනා පවත්වන්න ගත්තා. කටින පෙරහැරවල් දළඳා පෙරහැර ගානට ලොක වෙන්න ගත්තා. කොටින්ම මිනිස්සුන්ට පන්සල් ඉස්මුරුත්තා උනා.
    ඒ හරහා උන් පොරවල් වෙන්න ගත්තා. හන්දියේ රජයේ ඉඩම්වල නිල නොවන අයිතිකාරයො උනා. පාරවල් වහලා බණ කියවන, දන්සැල් දාන වගේ ධර්ම චන්ඩි සීන් වලට බැස්සා.
    කඩවල් වල හරක්මස් වෙලදාම, කුකුල්මස් වෙලඳාම බවට පත් උනා. සෝයාමීට් වෙලඳ පල පුලුල් උනා.
    හිජ්රා, බහිරා, ත්රීස්ටා, ක්‍රිස්ටෝම්බු, ප්‍රීමා වගේ දැවන්ත ෆාම් කාරයෝ ගේමට බැස්සා. සමහරු සල්ලි වියදම් කරලා මස්කඩ ටෙන්ඩර් අරං ඒ කඩ වහලා දාන්න පටන් ගත්තා.
    කතරගම, සෙල්ල කතරගම, දෙවුන්දර, මුන්නේෂ්වරම, කන්දෙ විහාරය, බෙල්ලන්විල වගේ ප්‍රසිද්ධ දේව කඩ ටිකේ මැස්සො ඇහිරෙන්න ගත්තා.
    මහරගම නගරය කේන්ද්‍ර කරගෙන අමුතු රැල්ලක් හමාගෙන ගියා.
    138 බස් වල වින්ඩ්ස්ක්රීන් එකේ සන්ෂේඩ් එකට, මේ බුදුන්ගේ දේශයයි වගේ වචන ලුමිනස් ස්ටිකර්වලින් කපලා අලවන්න ගත්තා.
    ත්රීවීල් ඊටත් එහා ගිහින් මේ බුදුන් උපන් දේශයයි වගේ හෑලි ස්ටිකර් අලවගන්න පටන් ගත්තා.
    හෝමාගම කඩවල්වල සිගරට් විකිනීම නතර කලා. මහරගම හෝමාගම අන්‍ය ජාතිකයන්ට වෙළඳාම් කරන අවස්ථා අහිමි වෙන්න ගත්තා.

    උපුටා ගැනීම -

    Chintaka Abeyratne

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෝම හාමුදුරුවන් ලංකාවේ බුද්ධාගම කියලා කරන ගොඩක් විකාර වලට ප්‍රධාන හේතුවක්..උන් වහන්සේ ගේ බණ හොදයි නමුත් අර toxic cult එකකුත් හැදුවා අන්න ඒක නම් චොර..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,890
    113
    සෝම හාමුදුරුවන් ලංකාවේ බුද්ධාගම කියලා කරන ගොඩක් විකාර වලට ප්‍රධාන හේතුවක්..උන් වහන්සේ ගේ බණ හොදයි නමුත් අර toxic cult එකකුත් හැදුවා අන්න ඒක නම් චොර..
    eka eka eva wenawa.nikanma newe, yuddeta baye ponnayin kelin karala gatte hamuduruwo
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමත් ලංකාවට කෙල වුනේ ඔය මගුල් නිසා තමයි අතීතයේ ඉඳලා...

    හැමදේම කරුමය, ලබා උපන් හැටි කියලා බ්‍රේන්වොෂ් වුන මිනිස්සු එතනින් එහාට දෙයක් ලබන්න සටන් කරන්නේ නෑ :(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    නියමෙට විශාරයක් ලියලා තියෙනවා ..
    ඇත්ත ඉස්සර මගුල් ගෙවල් වල විතරයි චිකන් දුන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ හෑල්ලේ fb පෝස්ට් එකේ comments බලපන්. හුරේ දාල තියෙන උන්ගෙ profiles වල ඉපදුන දවසේ ඉදන් බුදු දහමට අපහාස කරලා
    හරක් මස් කඩ කාරයෙක්ද බන් පෝස්ට් එක දාලා තියෙන්නේ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    සෝම හාමුදුරුවන් ලංකාවේ බුද්ධාගම කියලා කරන ගොඩක් විකාර වලට ප්‍රධාන හේතුවක්..උන් වහන්සේ ගේ බණ හොදයි නමුත් අර toxic cult එකකුත් හැදුවා අන්න ඒක නම් චොර..
    සෝම හාමුදුරුවන් කියන්නේ 1992 දී එයා වැඩ හිටපු, එවකට මුළු ඔස්ට්‍රේලියාවේම තිබුන එකම සිංහල බෞද්ධ පංසල වුන Springvale පංසලෙන් එලවපු කෙනෙක්. ගිහියෙක් හැටියටත් බෞද්ධයෙක් හැටියටත්, ඊට වඩා විස්තර කියන එක උචිත නැහැ කියලයි මම හිතන්නේ.