.: කාලය = මුදල් ? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "කාලය රන් වටී"

    මේ අපිට පැන්චා කාලෙ ඉඳල ඇහෙන, අපේ මුතුන් මිත්තො කට කහනවට නොකියපු තවත් එක කියමනක්...ඒත් ඇත්තටම අපි මෙ කියන තරම් වටිනාකමක් කාලයට ලබා දෙනවද..? පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපි කොච්චර නම් නිකරුනේ කාලය අපතේ යවනවද කියල...ෆිල්ම් එකක නමක් උඩින් දාල මම මේ මොන විකාරයක් කියවනවද කියල මේක බලන්න ආපු ඔයාල හිතනව ඇති, හැබැයි ඔයාල මෙ ෆිල්ම් එක බලාගෙන යද්දි මම මේ අහල තියෙන ප්‍රශ්නෙම ඔයාලගෙ යටි හිතත් ඔයාලගෙන්ම අහන්න පටන් ගනියි කියල මට හොඳටම විශ්වාසයි....

    මම හිතන්නෙ ඒ කියපු ටිකත් ඇති මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල කුතුහලයක් ඔයාලගෙ හිතේ ඇති කරන්න....ඒත් කමක් නෑ මම තව විස්තර ටිකක් කියන්නම් මෙ ෆිල්ම් එක ගැන...

    මම මෙතෙක් බලල තියෙන අසමසම කතා පුවත් රැගත් ෆිල්ම් අතර උඩින්ම තියෙන ෆිල්ම් එකක් විදියට මේ ෆිල්ම් එක නම් කරන්න පුලුවන්....හැබැයි කතාව වෙනස්ම විදියෙ එකක් උනා කියල තේරුම් ගන්න ගියාම කොයිල් වෙලා යන ෆිල්ම් එකක් නම් නෙවෙයි...මම ඒක කිව්වම ඔයාලට මතක් වෙයි "Inception" කියන ෆිල්ම් එක...මම හරි නේද? මමත් ඒ ෆිල්ම් එක හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ, මොකද ඒ ෆිල්ම් එකේ අන්තිම ටිකට යනකොට ෆිල්ම් එක බලන කෙනාගෙ මනසෙන් වැඩිපුර ඉඩක් ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ගන්න හදනව වගෙ දැනෙනව...හරියට නිකන් දඩ සොෆ්ට්වෙයා එකක් run වෙද්දි PC එකේ මෙමරි වඩිපුර use වෙනව වගෙ...Unique ස්ටොරිස් තියෙන ෆිල්ම් ගොඩක් ඒවගෙ ඔය කේස් එක තියෙනව,ඒත් මෙ ෆිල්ම් එකේ එහෙම අවුලක් නෑ....කතාව හොඳින් දැනෙන වෙන විදියට ෆිල්ම් එක ලස්සනට ගලාගෙන යනව....

    දැන් කට්ටිය බලනව ඇති මේ යකා අර සුපිරි තරු තෝරන කමල් අයිය වගේ කතාව ගැන කියන් නැතුව කුතුහලේ අවුස්ස අවුස්ස ඉන්නව කියල...ඒක නිසා දැන් කියන්න යන්නෙ මම මෙච්චර මේ කියන ස්ටොරි එක මොන වගෙ එකක්ද කියල...හරි එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මෙ දවස් වල අනිත් හැමදේටම වඩා මූලිකත්වය දෙන දේ මොකක්ද කියල අහුවොත් ඔයාල දෙන උත්තරේ මොකක්ද..?
    කතා දෙකක් නෑ උත්තරේ වෙන්න ඔනි "සල්ලි" තමයි, කවුරු මොනව කිව්වත් සල්ලි කියන දෙ තමයි අද කාලේ මිනිස්සුන්ට වැඩියෙන්ම උවමනා දේ.....ඒත් ඇත්තටම ඇයි අපි කිසිම වටිනාකමක් නැති මේ කොල කෑලි ටිකකට මෙච්චර වටිනා කමක් දීල තියෙන්නෙ...? හොඳ ප්‍රශ්නයක් නේද...? ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපි කාගෙ ලඟවත් නෑ....ලෝකෙ යන්නෙ කොයි විඩියටද ඒ විදියට අපිත් යන්න ඔනි....නැත්නම් වෙන්නෙ අපිට ලෝකෙන් යන්න...

    හැබැයි නිකන් හරි මෙහෙම දෙයක් උනොත්, රජයෙන් කියනව අද ඉඳල වටිනා කම මනින මිනුම් ඒකකයක් විදියට භාවිත කරපු "සල්ලි" වෙනුවට ඒ සඳහා "කාලය" කියන ඒකකය යොදාගන්නව කියල....කොහොමට තියෙයිද?

    Now+-+In+Time.jpg

    අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්න මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ....මේ අය අවුරුදු 25ක් ජීවත් උනාට පස්සෙ එයාලගෙ ජීවත් වීම හො නොවීම තීරනය කරන ඔර්ලොසුව වැඩ කරන්න පටන් ගන්නව...ඉතින් ඒ ඔර්ලොසුවෙ කාලය බින්දුව උනොත් ඒ මනුස්සයගෙ ජීවිතේ එතනින් ඉවරයි...ඒක නිසා එයාල කරන්න ඕනි දීල තියෙන කාලයට කොහොම හරි තව කාලය එකතු කරගන්න එක....ඒ කියන්නෙ අපි "සල්ලි" හොයනව වගෙ එයාල හොයන්නෙ "කාලය" , අපි සල්ලි දීල බඩුවක් ගන්නවනම් ඒ ගොල්ලො ඒ බඩුව ගන්නෙ තමන්ගෙ ඉතුරු වෙලා තියෙන කාලයෙන්, එහෙ තියෙන බැන්කු වල ඉතිරි කරන්නෙ සල්ලි නෙවෙයි කාලය, එහෙ ඉන්න හොරු හොරකම් කරන්නෙ සල්ලි නෙවෙයි කාලය.....ඒ විදියට තමයි එයාලව නිර්මාණය වෙලා තියෙන්නෙ....ඉතින් කාලය ඉතිරි කරගන්න, කාලය හොයාගන්න අපේ ලෝකෙ සල්ලි හොයන මිනිස්සු කරනවා වගෙම හොරකම්,මැරකම්,වංචා හැමදෙයක්ම එහෙත් සිද්ද වෙනවා....මේ දේවල් මෙහෙම වෙන අතරේ එක නගරයක ඉන්න කාලය බොහොම අඩු වෙච්ච කොල්ලෙක්ට අහඹු සිදුවීමකින් තවත් කෙනෙක්ගේ කාලයක්(අවුරුදු 100ක්) ලැබෙනවා පරිත්‍යාගයක් විදියට...ඒත් මේ කොල්ලට තමන්ගේ අම්මව කාලය ඉකුත්වීමෙන් බේරගන්න බැරි වෙනවා...ඊට පස්සේ මේ කොල්ල කරන්නේ තමන්ගේ අම්ම එක්ක යන්න හිතන් හිටපු ග්‍රීන්විච් කියන කාලයෙන් පොහොසත් නගරයට යන එක....එහෙ ඉන්න කාලයෙන් පොහොසත්ම පුද්ගලයාගේ දුවත් සමඟ එකතුවෙලා බාධක රැසක් අස්සේ ඔහුගේ නගරයේ කාලය හිඟ වෙලා මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න දරන උත්සාහයක් තමයි කතාවේ ඊළඟට තියෙන්නේ....

    In_Time_Movie.jpeg

    in-time-detail_261011033058.jpg

    InTime_trailer.jpg

    ඔන්න ඕක තමයි ස්ටොරිය.....විශිෂ්ට නිර්මාණයක්....මේ වගේ කතා ගොතන්න හැමෝටම බෑ....මේ චිත්‍රපටිය නිර්මාණය කරපු පුද්ගලයා නම් දක්ෂ කතා මවන්නෙක්.....මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට හිතුනා අනේ අපේ රටෙත් මේ වගේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම්ස් හැදෙනවනම් කියල....මොකද අපේ රටේ ඒ කාලේ ඉඳලම සිද්ද උනේ පිට රටවල හැදිච්ච ෆිල්ම් එකක් අපේ විදියට රී මේක් කිරීමක් නෙ...බලමු අපේ අනාගත පරම්පරාවෙන්වත් එහෙම නිර්මාණයක් බලාගන්න පුළුවන් වෙයිද කියල...

    *****************Torrent Links*********************

    DVDRip(1.3GB) Torrent Link

    BluRayRip(700MB) Torrent Link

    ************************************************************

    මේ තියෙන්නේ ෆිල්ම් රිවිව්ස් දාන්න මම අලුතින් පටන් ගත්ත බ්ලොග් අඩවිය...කැමති අය ගිහින් බලන්න...>>>>>

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    foto-poker-de-lujo-12.jpg

    මේක මේ දවස් වල කවුරුත් දන්න In Time Film එක ගැනයි ඕන්. කතාවෙ ඔක්කොම seen ටික උඩු යටිකුරු වෙන්නෙ ඔන්න ඔය casino club එකක් නිසානෙ. එතන වුන සිද්ධිය නොතේරුන අයට තමයි ඔන්න seen එක කියල දෙන්න යන්නෙ, Justin Timberlake (Will Salas) තමයි ඔන්න ප්‍රධාන නලුව.

    in-time.jpg

    Seen එකේ හැටියට පොර Casino එකේදි ලොකු ගානක් දිනනවනෙ. කොහොමද දින්නෙ කියල තේරුනේ නැතුව ඇතිනෙ. හරි එතන උනු දේ විතරක් මෙකෙන් කියන්නම්.

    මේකයි seen එක. ඔය game එක
    poker game එකක්. Dealer කොල 5ක් අදිනව. Film එකේ පෙන්නනව නොවැ. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ Dealer's කොල 5 කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට ලොකුම suit එක එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්.

    දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම
    bets තියන අයට තමයි dealer කොල 2ක් දෙන්නේ. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක හා ඉස්සරහට dealer ට එන කොලය guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් bet එක call කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න බැරි අය surrender කරනව. ඒ seen එක මම poker post එකෙන් කියල දෙන්නම්.

    හරි දැන් Timberlake කාරය බය නැතුව ගේමට බහිනව. අනිත් එකත් අත අරින්නෙ නෑ. මොකද මුන් දෙන්නම හිතන්නෙ තමන් ගෙ ලග තියන suit එක තමයි ලොකුම suit එක කියල.

    හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි
    suits ඔක්කොම 10ක් තියනව.
    ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.

    poker-hands.jpg

    In Time Film එකේ Dealer ට එන cards තම්යි
    Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6,

    හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Timberlake කාරයට එන්නේ
    Hearts 8 and Spades 4 නෙ. එතකොට අනිකට එන්නේ Clubs Queen and Spades Queen.

    දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි
    3 of Kind Suit එක. 3 Queens. ඒත් Timberlake කාරයට හදන්න පුලුවන් Straight Suit එක.

    ඒකියන්නෙ මිනිහ win.
    උඩ රූපයෙන් Ranking ටික බලාගන්න පුලුවන්.
    Film එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ Timberlake කාරයට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්.
    Wining Straight Suit එක
    Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8

    ඔන්න ඕකයි Seen එක. හරි දැන් අනිත් අයටත් බලාගන්නත් එක්ක කමෙන්න්ටුවක් දාල යන්ඩෝ.

    කලින් ඒව ඕන අය මෙතනින් බලන්ඩෝ..
     
    • Like
    Reactions: wisal and argan

    communist

    Member
    Mar 8, 2012
    25
    4
    0
    මේක ම්ලේච්චවාදි ධනවාදය ගැන හදපු හොඳම චිත්‍රපටයක්.හන්ගර් ගේම්ස් කියලා මේ දවස්වල යන ‍ෆිල්ම්ස් එකත් රුදුරු ධනවාදය ගැන කියනවා. ධනවාදය කියන්නේ වංචනිකයන්, කපටින්, සොරුන් ඉහලට ගොස් ඉතාම බලවත්වත් පුද්ගලයන් බවට පත් වීමට ඉඩ දෙන ඉතාම වැරදි ප්‍රාථමික ක්‍රමයක්. වංචනිකයන් කපටින් බලවත් වුනාම ඒ අය රාජ්‍ය පාලනයට පවා සෘජුවම මැදිහත් වෙලා රටවල් විනාශකාරි අධම මාවතකට අරගෙන යනවා.මේක අද ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාව වැනි රටවල් වල ඉතාම පැහැදිලි දෙයක්.ඉතාම භයානක ක්‍රමයක්.ලෝකය මුලුමනින්ම විනාශය විය හැකි ක්‍රමයක්.
    අනාගතය තුල ධනවාදින් බලවත් වීම නිසා ඉහත චිත්‍රපටියටත් අන්ත දේවල් වෙන්න පුලුවන්.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක ම්ලේච්චවාදි ධනවාදය ගැන හදපු හොඳම චිත්‍රපටයක්.හන්ගර් ගේම්ස් කියලා මේ දවස්වල යන ‍ෆිල්ම්ස් එකත් රුදුරු ධනවාදය ගැන කියනවා. ධනවාදය කියන්නේ වංචනිකයන්, කපටින්, සොරුන් ඉහලට ගොස් ඉතාම බලවත්වත් පුද්ගලයන් බවට පත් වීමට ඉඩ දෙන ඉතාම වැරදි ප්‍රාථමික ක්‍රමයක්. වංචනිකයන් කපටින් බලවත් වුනාම ඒ අය රාජ්‍ය පාලනයට පවා සෘජුවම මැදිහත් වෙලා රටවල් විනාශකාරි අධම මාවතකට අරගෙන යනවා.මේක අද ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමරිකාව වැනි රටවල් වල ඉතාම පැහැදිලි දෙයක්.ඉතාම භයානක ක්‍රමයක්.ලෝකය මුලුමනින්ම විනාශය විය හැකි ක්‍රමයක්.
    අනාගතය තුල ධනවාදින් බලවත් වීම නිසා ඉහත චිත්‍රපටියටත් අන්ත දේවල් වෙන්න පුලුවන්.

    ඇත්ත සහෝ.....:yes:නමට ගැලපෙන විදියටම ප්‍රකාශයක් කරලා තියෙනවා...;)එල එල...ස්තුතියි:)!!!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    foto-poker-de-lujo-12.jpg

    මේක මේ දවස් වල කවුරුත් දන්න In Time Film එක ගැනයි ඕන්. කතාවෙ ඔක්කොම seen ටික උඩු යටිකුරු වෙන්නෙ ඔන්න ඔය casino club එකක් නිසානෙ. එතන වුන සිද්ධිය නොතේරුන අයට තමයි ඔන්න seen එක කියල දෙන්න යන්නෙ, Justin Timberlake (Will Salas) තමයි ඔන්න ප්‍රධාන නලුව.

    in-time.jpg

    Seen එකේ හැටියට පොර Casino එකේදි ලොකු ගානක් දිනනවනෙ. කොහොමද දින්නෙ කියල තේරුනේ නැතුව ඇතිනෙ. හරි එතන උනු දේ විතරක් මෙකෙන් කියන්නම්.

    මේකයි seen එක. ඔය game එක
    poker game එකක්. Dealer කොල 5ක් අදිනව. Film එකේ පෙන්නනව නොවැ. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ Dealer's කොල 5 කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට ලොකුම suit එක එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්.

    දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම
    bets තියන අයට තමයි dealer කොල 2ක් දෙන්නේ. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක හා ඉස්සරහට dealer ට එන කොලය guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් bet එක call කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න බැරි අය surrender කරනව. ඒ seen එක මම poker post එකෙන් කියල දෙන්නම්.

    හරි දැන් Timberlake කාරය බය නැතුව ගේමට බහිනව. අනිත් එකත් අත අරින්නෙ නෑ. මොකද මුන් දෙන්නම හිතන්නෙ තමන් ගෙ ලග තියන suit එක තමයි ලොකුම suit එක කියල.

    හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි
    suits ඔක්කොම 10ක් තියනව.
    ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.

    poker-hands.jpg

    In Time Film එකේ Dealer ට එන cards තම්යි
    Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6,

    හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Timberlake කාරයට එන්නේ
    Hearts 8 and Spades 4 නෙ. එතකොට අනිකට එන්නේ Clubs Queen and Spades Queen.

    දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි
    3 of Kind Suit එක. 3 Queens. ඒත් Timberlake කාරයට හදන්න පුලුවන් Straight Suit එක.

    ඒකියන්නෙ මිනිහ win.
    උඩ රූපයෙන් Ranking ටික බලාගන්න පුලුවන්.
    Film එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ Timberlake කාරයට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්.
    Wining Straight Suit එක
    Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8

    ඔන්න ඕකයි Seen එක. හරි දැන් අනිත් අයටත් බලාගන්නත් එක්ක කමෙන්න්ටුවක් දාල යන්ඩෝ.

    කලින් ඒව ඕන අය මෙතනින් බලන්ඩෝ..

    මටත් මේ කේස් එක නම් තේරුනේ නෑ ෆිල්ම් එක බලද්දී....හැබැයි කොල්ලගේ ට්‍රික් එක නම් තේරුණා....මතකද පොර අන්තිම තත්පර ගාන වෙනකන් එන්න දීල අනිත් මිනිහගේ අවධානය බිඳලා ජයග්‍රහණය කරන හැටි....ඒක පොරගේ තාත්තගෙන් ඉගෙන ගත්ත එකක් කියලනේ කියන්නේ.....එල සහෝ මේ ගැන අපිව දැනුවත් කලාට තුති!!! :)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    hard eke thiyenawa ban............
    thawama balanna beri wuna........

    මාත් ඔය වගේ තියන් ඉඳල ඊයේ නිකමට මැදක් හරියෙන් බලද්දී තමයි සෙට් උනේ....මේකේ තියෙනවා මචන් සිරා Car Design එකකුත්....පට්ට ලස්සනයි ඒ වාහන ටික.....ඒක දැකල තමයි බලන්න ඕනි කියල හිතුනෙත්....