කාලාම සූත්‍රයේ ඇත්තටම එහෙමද තියෙන්නෙ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බුදුන් දේශනා කරන දේවල් කොහොමත් ඇත්ත කියලා පිලිගන්නවා

    ඒත් බං පිටකේ?

    රාහු දෙවියා ඉර ගිල්ල ඒවා
    කතාකරන සත්තු
    හදේ හාවා ඇඳපුවා..

    පොඩ්ඩක් ප්‍රශ්න නොකර අමුවෙන් ගිලින්න අවුල් වගේ නැද්ද 😅
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    රාහු දෙවියා ඉර ගිල්ල ඒවා
    රාහු නම් අසුරයා විසින් (සිරුරෙන් ආලෝකය විහිදුවන, අහසේ වෙසෙන, වටකුරු ජටාවක්/ඔටුන්නක් පැළඳ සිටින) සුරිය නම් දිව්‍යපුත්‍රයාව ග්‍රහණය කර ගත්ත විස්තරය නම් අපේ අය පටලවාගෙන ඉන්නවා කාලාම සූත්‍රය වගේ. සිංහලට පරිවර්තනය කරන කොටත් අර ජ්‍යෝතිෂය එක්ක යන අර්ථම දාලා කියලා තමයි මට නම් පේන්නේ.

    කතාකරන සත්තු
    අවුරුදු බිලියන ගාණකට කලින් තිබුණ හැකියාවක්, කාලයත් එක්ක දුර්වල වුණ අවසාන පුරුක් අද ඉන්නවා වෙන්න බැරිද?.

    හදේ හාවා ඇඳපුවා..
    අවුරුදු බිලියන ගාණකටත් කලින් දෙයක් සහ අද අපිට පෙනෙන දෙය එකක්ද කියන ප්‍රශ්නය ගැනත් හිතන්න ඕනෙ.
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තම තමන්ගේ දහම් පොත්වල තිබෙනවාය කියා කියූ පමණින් ගන්නත් එපා.
    බුදුහාමුදුරුවෝ කිව්වෙ තමන් කී පමණින් වත් පිළිගන්න එපා කියල තමයි.. ඒකනේ දහම එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තන් වේදිතබ්බයි කියන්නෙ.. බුදුන් කියපු දේ කියල ඔහේ කනට වැටෙන ටික ප්‍රශ්න නොකර පිළිගත්ත නිසා තමයි මේ රටවල මිනිස්සුන්ගේ චින්තනය මොට්ට වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: aneasarayana

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුහාමුදුරුවෝ කිව්වෙ තමන් කී පමණින් වත් පිළිගන්න එපා කියල තමයි.. ඒකනේ දහම එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තන් වේදිතබ්බයි කියන්නෙ.. බුදුන් කියපු දේ කියල ඔහේ කනට වැටෙන ටික ප්‍රශ්න නොකර පිළිගත්ත නිසා තමයි මේ රටවල මිනිස්සුන්ගේ චින්තනය මොට්ට වෙලා තියෙන්නෙ
    ස්වාක්ඛාත කියන්නෙ ධර්මය කිසිම අඩුවක් නැතුව, සර්ව සම්පූර්ණව, මනාව දේශනා කළ නිසා.
    ඒ ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකි දෙයක් නිසා සන්දිට්ඨිකයි.
    ඕනෙම කාලයකට වලංගු නිසා අකාලිකයි.
    ඒ ධර්මය වහලා, හංගලා තියෙන දෙයක් නෙවේ. ඕනෙම කෙනෙකුට ඇවිත් බලන්න කියන්න පුළුවන් නිසා ඒහිපස්සිකයි.
    තමන්ම ප්‍රගුණ කළ යුතු, තමන්ට ගළපා ගත යුතු දෙයක් නිසා ඕපනයිකයි.

    ඒ ධර්මය තමයි සරණ යන්න ඕනෙ. අපේ මිනිස්සු තුළ තියෙන්නෙ වැනෙන ශ්‍රද්ධාවක්. ඉතිං එහෙටත් නෑ, මෙහෙටත් නෑ.

    නුවණැති අය ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නවා.
    ඒ ධර්මය පිළිපදිනවා නම් මෙලොව, පරලොව දෙකම සාර්ථක වෙනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ස්වාක්ඛාත කියන්නෙ ධර්මය කිසිම අඩුවක් නැතුව, සර්ව සම්පූර්ණව, මනාව දේශනා කළ නිසා.
    ඒ ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලැබිය හැකි දෙයක් නිසා සන්දිට්ඨිකයි.
    ඕනෙම කාලයකට වලංගු නිසා අකාලිකයි.
    ඒ ධර්මය වහලා, හංගලා තියෙන දෙයක් නෙවේ. ඕනෙම කෙනෙකුට ඇවිත් බලන්න කියන්න පුළුවන් නිසා ඒහිපස්සිකයි.
    තමන්ම ප්‍රගුණ කළ යුතු, තමන්ට ගළපා ගත යුතු දෙයක් නිසා ඕපනයිකයි.
    ඔව්.. ධර්මය සැක නොකර ප්‍රශ්න නොකර නිවන් දකින්න පුලුවන්ද? ප්‍රශ්න අහන්න අහන්න තමයි විචාර බුද්ධිය දියුණු වෙලා අපැහැදිලි තැන් පැහැදිලි වෙන්න පටන් ගන්නේ.. තමන්ට ගලපා ගන්න නම් ඔය ටික කරන්නම වෙනවා..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,884
    4,285
    113
    රාහු නම් අසුරයා විසින් (සිරුරෙන් ආලෝකය විහිදුවන, අහසේ වෙසෙන, වටකුරු ජටාවක්/ඔටුන්නක් පැළඳ සිටින) සුරිය නම් දිව්‍යපුත්‍රයාව ග්‍රහණය කර ගත්ත විස්තරය නම් අපේ අය පටලවාගෙන ඉන්නවා කාලාම සූත්‍රය වගේ. සිංහලට පරිවර්තනය කරන කොටත් අර ජ්‍යෝතිෂය එක්ක යන අර්ථම දාලා කියලා තමයි මට නම් පේන්නේ.
    ත්‍රිපිටකයේ තියෙන දේට මෙහෙම අර්ථ දැක්වීමක් එන්න ඇත්තේ ලියල තියෙන දේ වචනාර්ථයෙන් පිලිගන් නැතිව ඒ ගැන හොයල බලපු නිසානේ බං.

    එහෙම බලද්දී ත්‍රිපිටකයේ තියෙන දේවල් උන්ත් සාකච්ඡාවට ලක් කරලා විමසලා තේරුම් ගන්න එක තමා හොඳ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ත්‍රිපිටකයේ තියෙන දේට මෙහෙම අර්ථ දැක්වීමක් එන්න ඇත්තේ ලියල තියෙන දේ වචනාර්ථයෙන් පිලිගන් නැතිව ඒ ගැන හොයල බලපු නිසානේ බං.

    එහෙම බලද්දී ත්‍රිපිටකයේ තියෙන දේවල් උන්ත් සාකච්ඡාවට ලක් කරලා විමසලා තේරුම් ගන්න එක තමා හොඳ...
    ඒක ත්‍රිපිටකයේ දෝෂයක් නෙවේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම බලද්දී ත්‍රිපිටකයේ තියෙන දේවල් උන්ත් සාකච්ඡාවට ලක් කරලා විමසලා තේරුම් ගන්න එක තමා හොඳ...
    ඉස්සර හාමුදුරුවරුත් එළිවෙනකන් සමුහ විදිහට ධර්ම සාකච්ජා කරලා තියෙනවා... එතකොට තමයි ගැටළු නිරාකරණය වෙන්නේ.. පොතේ තියෙන නිසා හරියි කියල හිතාගෙන හිත රවටගත්තම නෙවෙයි..
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,884
    4,285
    113
    ඒක ත්‍රිපිටකයේ දෝෂයක් නෙවේ.

    මම ත්‍රිපිටකය දෝෂ සහගතයි කීවේ නැහැ..

    ඒත් සංවාදයට ලක් කරන් නැතිව, විමසා බලන් නැතිව පිලිගතොත් එකෙන් වැරදි වැටහීමක්, වැරදි දෘෂ්ටියක් ඇතිවෙන්න පුළුවන් කියලයි කීවේ...

    ඒක ත්‍රිපිටකයට විතරක් නෙවේ. ඕනෑම ලිඛිත මූලාශ්‍රයකට අදාලයි.
     
    • Like
    Reactions: siri_ayya and S_M_S

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මමත් දන්න තරමින් ත්‍රිපිටකය කියන්නේ ක්‍රමිකව සංවර්ධනය වුණු දෙයක්. ධර්මය පිළිගැනීම කියන්නේ ත්‍රිපිටකය පිළිගැනීම කියන්න අමාරුයි නේද? හදේ හාවා ඇන්ද කතාව වුණත් ජාතක පළියේ නෑනේ. පශ්චත්කාලීන අට්ඨකතාවලදිනේ සදහන් වෙන්නේ. ඒ වගේ දේවල් බුද්ධ දේශනාව ලෙසම පිළිගන්න අපහසුයි කියලයි මට හිතෙන්නේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මමත් දන්න තරමින් ත්‍රිපිටකය කියන්නේ ක්‍රමිකව සංවර්ධනය වුණු දෙයක්. ධර්මය පිළිගැනීම කියන්නේ ත්‍රිපිටකය පිළිගැනීම කියන්න අමාරුයි නේද? හදේ හාවා ඇන්ද කතාව වුණත් ජාතක පළියේ නෑනේ. පශ්චත්කාලීන අට්ඨකතාවලදිනේ සදහන් වෙන්නේ. ඒ වගේ දේවල් බුද්ධ දේශනාව ලෙසම පිළිගන්න අපහසුයි කියලයි මට හිතෙන්නේ.
    බොහොම හරි යාළුවා. දැන් මෙතනම උදාහරණයක් තියෙනවා. ධර්මධර පණ්ඩිත හාමුදුරුවරු සාකච්චා කරලා හදපු බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පැත්තකින් තියලා තව අය සූත්‍ර පිටකය පරිවර්තනය කරල ලියලා ප්‍රසිද්ධ කරනවා. දැන් අනාගතයේ කවුරුහරි බුද්ධ ජයන්ති ත්‍රිපිටිකය වැරදියි කියන්න පුළුවන්.
    කාලෙන් කාලෙට ධර්ම සංගායනා තියලා තියෙන්නෙත් ඒකයි. පොත පතෙන් ආපු දේ 100% නිවැරදියි කියලා පිළිගන්න බෑ.
    සමහර අය අභිධර්ම පිටකය අවශ්‍ය නැහැ කියනවා. ඒත් දහම් පාසලෙන් හරි අභිධර්මය ඉගෙන ගත්ත අය දන්නවා කොච්චර දේවල් පැහැදිලි කරගන්න පුලුවන්ද කියලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    සමහර අය කියනවා ඔබ අහලා ඇති... කාලාම සූත්‍රයේ තියෙනවාලු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්වත් පිළි ගන්න එපා කියලා. අපි ටිකක් බලමු ඒ ගැන.......

    කාලාම සූත්‍රය පිළිබඳව එක්තරා වැරදි මතයක් සමාජගත වී ඇත. එයට ප්‍රධාන හේතුව ඇතැම් අය අර්ථය නොගෙන වචන පමණක් අල්ලා ගැනීමයි. ඒ හරහා ඔවුන් තමන්ගේම දෘෂ්ඨියකට අනුගත වී සසර ගමන තවත් දීර්ඝ කරගනු ඇත. මාන්නයෙන් තොර, පිනෙන් පිරුණු අය ධර්මයම පිළිගෙන, ධර්ම මාර්ගයම අනුගමනය කර සසර කෙටි කරගනිති.
    තෙරුවන් සරණයි!

    එස්එම්එස් ගේ මේ ලිපිය නිවරදියි. මේ මතය සමග මම එකඟයි.

    ඉහත තියෙන්නෙ එස්එම්එස් පෙන්වන්න හදන දේට හොඳ උදාහරණයක්. ඕකෙ තව වේරියේශන්ස් තියනවා. ඉහත නිදර්ශඅනූඑක දාලා තියන වචන ටික පැහැදිලි මදිනම් පහත එකෙන් බලන්න.

    226870-Believe-Nothing-No-Matter-Where.jpg
     
    Last edited:
    • Love
    Reactions: S_M_S