කාලාර්ථයේ තීර්ථ යාත්රිකයා - Cafe Racer

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Cafe racer කියන්නෙ motorcycle කලාවේ එක සංදිස්ථානයක්. අවුරුදු කාලෙට ඇවිත් යන බක්මහ අකුණු වගේ නෙවෙයි, cafe එකක් කිසි දවසක වයසට යන්නේ නෑ. මේවා සදාකාලිකයි.

    Ducati 916 එක ලෝකේ මෙතක් හදපු ලස්සනම bike එකක්. ඒත් 996 එක ආපු ගමන් 916 එක යල් පැන ගියා. ඊලග මොඩල් එක ආපු ගමන් කලින් එක පරණ වෙනවා. ඊලග කෑල්ල තවත් රසවත් කියනවනේ. මේක හැම car එකකටම, හැම bike එකකටම පොදු ධර්මතාවක්. ඒත් cafe එකක් පරණ වෙන්න වෙන්න ඒකේ ලස්සන වැඩි වෙනවා. හරියට වයින් වගේ. Cafe එකක් අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් එකසේ ගැළපී යනවා. ඒකයි ඉස්සරහට මොන මොන ස්ටයිල් ආවත් cafe racer එකක් සදාකාලික වෙන්නේ.

    ඉස්සර විජය කුමාරතුංග මහත්මයා අවුරුද්දට හම්බවෙන සරම් ඔක්කොම අල්මාරියේ දාල තියල අදින්න පටන් ගන්නේ ඊලග අවුරුද්දේලු. මොකෝ එතකොට ඒ ස්ටයිල් එකේ සරම් කව්රු ගාවත් නැති නිසා දැන් මේවා අලුත් ස්ටයිල් එකක්. Cafe Racer රුත් ඒ වගේ. එක වගේ cafe දෙකක් ලෝකේ කොහෙවත් නෑ. තියෙන්නත් බෑ.

    Cafe racer ඉස්සෙල්ලාම හැදෙන්නේ ලන්ඩන් වල. ඒ කාලේ හිටපු තරුණ පරම්පරාව ඒ දවස් වල හවසට bike වලින් ඇවිල්ලා කෝපි බොන්න cafe වලදී එකතුවෙනවා. මෙයාල ගාව තිබ්බේ racing bikes නෙමේ, අඩු මුදලකට ගන්න පුලුවන් සාමාන්‍ය bikes. මෙහෙම ඉන්නකොට ඒ අය පුරුදු උනා cafe එකේ තිබ්බ jukebox එකට කාසි දාල සින්දුවක් යවල ඒක ඉවර වෙන්න කලින් රේස් එකක් ගිහින් එන්න. ඉතින් මෙහෙම පොඩි දුරක් වේගෙන් යන්න පුලුවන් විදිහට මෙයාල bike මොඩිෆයි කරා. බර අඩු කරලා, ටැන්කිය පොඩි කරලා, තනි සීට් එකක් දාල, narrow handlebars දැම්මා. මෙහෙම පටන් ගත්තු ස්ටයිල් එකට තමයි Cafe Racer කියන්නේ. හරිම වචනේ නම් cafe racer නෙවෙයි caff racer වෙන්න ඕනේ. මොකද ඒ දවස්වල “cafe” වලට කිව්වේ “caff” කියලයි. ඒත් කාලයත් එක්ක caff racer කියන එක cafe racer බවට පත්වුනා. දැන් ඒක හරිගස්සන්න ප්‍රමාද වැඩියි. ඒත් මොකෝ එක අකුරයිනේ අඩු.

    මේක ලැව්ගින්නක් වගේ පැතිරිලා ගිහින් cafe racer සංස්කෘතියක් නිර්මාණය උනා. මෙහෙම ලෝකෙට ආපු cafe racer රේ ජනප්‍රියතාව ලෝකේ හැම අස්සක මුල්ලකම පැතිර ගියා. ඊට පස්සේ මේ ජනප්‍රියතාව උඩ BMW, Norton, Ducati, Triumph,Yamaha වගේ නිෂ්පාදකයින් කෙලින්ම cafe racer ම හදලා වෙළදපොලට එව්වා.

    ඉතින් cafe racer වලට ජාතියක් ජන්මයක් නෑ. බ්‍රසීලෙත් තියෙනවා. ඉන්දියාවේත් තියෙනවා. ඇමරිකාවෙත් තියනවා. අන්ටාක්ටිකාවේ විතරයි නැත්තේ. කොහොමත් එහේ හිම නිසා snow tyre දාන්න වෙන නිසා වෙන්න ඇති. නැත්තම් එහෙත් තියෙනවා. ලෝකේ හැම තැනම තියන cafe racer ලංකාවේ විතරක් නෑ. මොකෝ ලංකාවේ cafe racer තියා car එකක ස්ටිකර් එකක් වත් ගහන්න බැහැ. මුල් ආකෘතිය වෙනස් කරා කියල අල්ලන් ගිහින් ලාච්චුවේ දානවා. එත් කවදාහරි දවසක ලංකාවට ලෝකෙට නිරාවරණය වෙන්න වෙයි. එහෙම උනේ නැත්තම් ලංකාවට පවතින්න බැරිවෙයි. ලෝකේ ඉස්සරහට යනකොට අපි පස්සෙන් පස්සට ගියොත් අන්ටාක්ටිකාවේ හැප්පිලා කෑලි කෑලි වලට කැඩෙන එක නවත්තන්න බැරිවෙයි.

    අපි මොඩිෆයි කරපු ඔක්කොම bike වලට cafe racer කිව්වට ඔක්කොම cafe නෙමේ. Scrambler, Dirt Tracker, Street Tracker, Bobber, Chopper, Brat සහ Cafe Racer වගේ විවිධ වර්ග තියෙනවා.

    Chicara Nagata මහත්මයා හදපු bikes අන්තර්ජාලයේ පොඩ්ඩක් බලන්න. ලෝකේ කොහෙද අපි කොහෙද කියල තිතෙනවා.

    Daniel Mall මහත්මයා ගේ ප්‍රකට කියමනක් තියෙනවා “Technology over technique produces emotionless design” කියල. Cafe Racer කියන්නේ යකඩ ගොඩක් විතරක් නෙමේ. සමාජය, සංස්කෘතීන්, මිනිසුන්, ජීවන රටා, බැදීම්, වටිනාකම් හා හර පද්දතීන් වල එකතුවක්. රටක් ඉස්සරහට යන්නේ මේවා සමගයි.

    Chicara Nagata.jpg
    Chicara-4.jpg
    Chicara-8-1024x686.jpg
    Chicara-12-1024x675.jpg
    Chicara-6-1024x585.jpg
    Chicara-51-1024x585.jpg
    Chicara-14-1024x625.jpg


    Honda CG125 Bbobbe by FNG Works.jpg
    Honda CG125 by Fernando Casado.png
    Honda CG125 Gold teeth #Radzi by Benzin Caferacers.jpg
    3.jpg
    Honda C70 1975 by @metalgeezer (DT250MX Motor).jpg
    Honda CX500 by Sacha Lakic Design.jpg
    Ducati Monster S4 by Marco One Presenter.jpeg
    Indian Chieftain by Roland Sands Design.jpg
    Honda CB550 by Little Horse Cycles Enginethusiast.jpg
    BMW K1600GT by Krugger Motorcycles.jpg

    ------ Post added on Mar 6, 2022 at 7:57 PM
     

    Attachments

    • 14_03_2014_camera_08.jpg
      14_03_2014_camera_08.jpg
      131 KB · Views: 59
    • image.jpg
      image.jpg
      113.2 KB · Views: 59
    • Chicara-7-1024x585.jpg
      Chicara-7-1024x585.jpg
      61.5 KB · Views: 57
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    පල්ලෙහා photo එකේ තියෙන්නෙ Cafe Racer එකක් නෙමේ. Rollie Free ගේ bikini bike එක. 1948 Vincent HRD Black Shadow. මේ bike එකේ තමයි 1948 දී Rollie Free නාන කලිසමක් හා shower cap එකක් විතරක් ඇදගෙන ඉල්ලගත්ත සපත්තු දෙකක් දාගෙන mudguard එක උඩ මුනින් අතට දිගාවෙලා 242Kmph වේගෙන් ගිහින් Bonneville Salt Flats වලදී land speed record එකක් තිබ්බේ. ඒක වෙනම කලාවක් හා කතාවක්.

    1948 Vincent HRD Black Shadow Rollie Free.jpg
    Rollie Free 1.jpg
    Rollie Free 2.jpg
    Rollie Free 3.jpg