කාලෙට ගැලපෙන සිංදුවක්
බයියන්ටයි ටොයියන්ටයි අපි හැමෝටමයි
සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය නන්දා මාලනී
බයියන්ටයි ටොයියන්ටයි අපි හැමෝටමයි
සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
බීපු ළිඳේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දනින් වැටී නළල ඔබා නිළතල අර ගනිල්ලා
කල දුටු කළ වල ඉහගෙන මඩි තඩි කරගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කවුසිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට අැවිල්ලා
රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා ගයල්ලා
ගේය පද මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය නන්දා මාලනී