කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්‌

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්‌

    කාලෝ ඉවත් කළොත්
    වෛද්‍ය වර්ජනයක්‌
    වෛද්‍ය සංගමයෙන් රතුඑළියක්‌

    අජිත් අලහකෝන්

    වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කර මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරනු ලැබුවහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ සිට රට පුරා වෛද්‍ය වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

    වෛද්‍ය ආඥ පනත අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතත් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක්‌ ඇමැතිවරයාට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා "දිවයින"ට ඊයේ (9 දා) පැවැසීය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලෝ ෆොන්සේකා මහතාගේ වසර 5 ක සේවා කාලය අවසන් වීමෙන් පසු ඇමැතිවරයා විසින් තවත් මාස 6 ක සේවා දිගුවක්‌ දී ඇති බවත් එම සේවා දිගුව දැනට අවසන් වී ඇති නිසා අද (10 දා) සිට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක්‌ ඇතැයි තොරතුර ලැබී ඇති බවත්ය. එවැනි පත් කිරීමක්‌ කළහොත් එය වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමක්‌ යෑයිද හෙතෙම පැවැසීය.

    වෛද්‍ය ආඥ පනතට අනුව සේවා දිගුවක්‌ ලබා දෙන්නේනම් එය මාස 6 කට නොව තවත් අවුරුදු 5 කට බල පැවැත්වෙන බවද, එම වසර 5 තුළ කාලෝ ෆොන්සේකා මහතා සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කළ යුතු බවද සොයිසා මහතා කීය. එම නිසා ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක්‌ බවද හෙතෙම කීය.

    මහනායක ස්‌වාමීන් වහන්සේලාත්, මැල්කම් කාදිනල් අගරදගුරුතුමාත් කළ ඉල්ලීම් මෙන්ම සභානායකවරයා සමග කළ සාකච්ඡාවේදී රෝගීන්ගේ ජීවිත ගැන සලකා බලා පසුගියදා දියත් කිරීමට තීරණය කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය අත්හැරීමට වෛද්‍යවරුන් තීරණය කළ මුත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කරමින් වෛද්‍ය සභාවට තමන්ට හිතවත් සභාපතිවරයකු පත් කිරීමේ ප්‍රයත්නයෙන් සිදුවන්නේද රෝගී ජීවිත අනතුරේ හෙළීමක්‌ බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.

    වෛද්‍ය සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නේ කොයි මොහොතේද ඒ මොහොතේ සිට රට පුරා අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කරන බවද, ඇතැම් විට එය අද හෝ සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    http://www.divaina.com/2017/07/10/news01.html
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුන්ට පිස්සුද බන්... මුන් සේරම එලවල දාන්න ඕන ප්‍රේමදාසගේ කාලෙ වගේ.. සදාකාලික වර්ජනේ
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    හරි වැරැද්ද කෙසේ වෙතත් මුන් ගුටි කන දිනය නම් වැඩි ඈතක නොවේ
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ...සොයිසා මහතා කීය. එම නිසා ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක්‌ බවද හෙතෙම කීය.

    මහනායක ස්‌වාමීන් වහන්සේලාත්, මැල්කම් කාදිනල් අගරදගුරුතුමාත් කළ ඉල්ලීම් මෙන්ම සභානායකවරයා සමග කළ සාකච්ඡාවේදී රෝගීන්ගේ ජීවිත ගැන සලකා බලා පසුගියදා දියත් කිරීමට තීරණය කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය අත්හැරීමට වෛද්‍යවරුන් තීරණය කළ මුත් ...
    :D:D:D
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    දැන් මේ මහත්වරු මොනවටද වැඩවර්ජන නොකරන්නේ...දවසක සයිටම් වලට විරුද්ධයි කියලා...තව දවසක අන්තරේ මානව හිතවාදි (අනේ මුන්ගේ මානවහිතවාදිකම්)ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ සිරගත කිරීම් වලට විරුද්ධයි කියලා ....දැන් වෛද්‍ය සංගමයේ සභාපතියෙක් අල්ලගෙන.....කාලයක් ගුණාත්මක වෛද්‍ය සේවයක් වෙනුවෙන් කියලා උද්ඝෝෂණ රැල්ලක් ආවා සයිටම් විරුද්ධ හඩත් එක්ක....ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ කඩවර යකාගේ වෙස් අරන් ඉන්න සමහර දොස්තර මහත්වරු ප්‍රයිවට් බෙහෙත් දෙන තැන දෙවියන්ට ඇදලා ඉන්න එකයි...ඒක විතරක් නම් හිත හදාගන්න පුළුවන්....ඒත් හොදම කාරණය කියන්නේ ප්‍රයිවට් චැනල් කෙරිල්ලෙන් තමයි ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ ඇදලක් වෙන් වෙන්නේ රෝගියා වෙනුවෙන්....මේ අහවල් දොස්තරයාගේ ලෙඩා කියාගෙන......එහෙම චැනල් දොස්තර මහත්තයාගේ චිට් එකෙන් ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ ඇඩ්මීට් වෙනකොට වීඅයිපී කෙනෙක්ට ගානයි....(හැම දොස්තරලාම මෙහෙම නොකරත් බහුතරයක් මේ සාම්පලයේ....ඒ හැරුණු කොට සල්ලි වෙනුවෙන් තමන්ගේ වෘත්තීය පාවා නොදෙන දෙවිවරුන්ටත් එහා ගිය දොස්තර මහත්වරු නැතුවා නොවේ.....අපේ කරුමේ කියන්නේ ඒ වගේ උත්තමයෝ විරලයි...)
    ආණ්ඩුව තවදුරටත් ඇල්මැරුණු වැටකොලු පතෝල තියරි අනුගමන කරන්න ගියෝත් වෙන්නේ දුප්පත් අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට අරන් මේ කාලකන්නී මුළු ලංකාවම දරුණු විනාශයක් කරා අරන් යන එකයි....ඉතිහාසයේ පාලකයෝ අත්තනෝමතික උද්ඝෝෂණ රැලි වලට ගත්ත සාර්ථක ප්‍රතිකර්ම තියෙද්දි තවමත් අන්ධබීර ලීලාවෙන් ආණ්ඩුව ඉන්නේ කපටි කමටද නැතිනම් දුප්පත් මිනිහගේ කරුමේටද කියන එකයි තේරුම් ගන්න බැරි ගැටළුව......[/SI
    ZE]
     
    අනේ මන්ද බන් මේ යන විදියට ගියොත් මුන්ගේ ගැනුන්ගේ මෙන්සස් පෙරියඩ් එක නැති කරලා දෙන්න කියලත් වර්ජනය කරයිද දන්නේ නෑ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    [FONT=&quot]මා[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot] වර්ජන [/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]බෙල්ල[/FONT][FONT=&quot] කපන්න [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] හොදයි[/FONT][FONT=&quot]..- [/FONT][FONT=&quot]කාලෝ[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] GMOA[/FONT][FONT=&quot] ගෙන්[/FONT][FONT=&quot] වැද වැටී[/FONT][FONT=&quot] ඉල්ලයි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    July 10, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [FONT=&quot]මා[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot] වර්ජන[/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]බෙල්ල[/FONT][FONT=&quot] කපන්න [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] හොදයි[/FONT][FONT=&quot]..- [/FONT][FONT=&quot]කාලෝ[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] GMOA[/FONT][FONT=&quot] ගෙන්[/FONT][FONT=&quot] වැද වැටී[/FONT][FONT=&quot] ඉල්ලයි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    July 10, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්

    what a great man:yes::love::love: