කාලෝ ඉවත් කළොත් වෛද්‍ය වර්ජනයක්
කාලෝ ඉවත් කළොත්
වෛද්‍ය වර්ජනයක්
වෛද්‍ය සංගමයෙන් රතුඑළියක්
අජිත් අලහකෝන්
වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉවත් කර මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කටයුතු කරනු ලැබුවහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ සිට රට පුරා වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
වෛද්‍ය ආඥ පනත අනුව වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත් කිරීමේ බලය සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතත් සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් ඇමැතිවරයාට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා "දිවයින"ට ඊයේ (9 දා) පැවැසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලෝ ෆොන්සේකා මහතාගේ වසර 5 ක සේවා කාලය අවසන් වීමෙන් පසු ඇමැතිවරයා විසින් තවත් මාස 6 ක සේවා දිගුවක් දී ඇති බවත් එම සේවා දිගුව දැනට අවසන් වී ඇති නිසා අද (10 දා) සිට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීමේ සූදානමක් ඇතැයි තොරතුර ලැබී ඇති බවත්ය. එවැනි පත් කිරීමක් කළහොත් එය වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමක් යෑයිද හෙතෙම පැවැසීය.
වෛද්‍ය ආඥ පනතට අනුව සේවා දිගුවක් ලබා දෙන්නේනම් එය මාස 6 කට නොව තවත් අවුරුදු 5 කට බල පැවැත්වෙන බවද, එම වසර 5 තුළ කාලෝ ෆොන්සේකා මහතා සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කළ යුතු බවද සොයිසා මහතා කීය. එම නිසා ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවද හෙතෙම කීය.
මහනායක ස්වාමීන් වහන්සේලාත්, මැල්කම් කාදිනල් අගරදගුරුතුමාත් කළ ඉල්ලීම් මෙන්ම සභානායකවරයා සමග කළ සාකච්ඡාවේදී රෝගීන්ගේ ජීවිත ගැන සලකා බලා පසුගියදා දියත් කිරීමට තීරණය කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හැරීමට වෛද්‍යවරුන් තීරණය කළ මුත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය ආඥ පනත උල්ලංඝනය කරමින් වෛද්‍ය සභාවට තමන්ට හිතවත් සභාපතිවරයකු පත් කිරීමේ ප්රයත්නයෙන් සිදුවන්නේද රෝගී ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීය.
වෛද්‍ය සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නේ කොයි මොහොතේද ඒ මොහොතේ සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද, ඇතැම් විට එය අද හෝ සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2017/07/10/news01.html