කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට
කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට
නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්
මඩවළක සිටි කාවයියකු කටින් සපාගෙන තවත් මාළුවෙකු ඇල්ලීමට තැත් කළ තිදරු පියෙකු ඊයේ (6 දා) උදේ 6.00 ට පමණ කාවයියා උගුරේ සිරවී එම ස්ථානයේදීම මියගිය පුවතක් නාත්තන්ඩියෙන් වාර්තා වේ.
මෝටර් දමා පෙරදින රාත්‍රියේ සිට නාත්තන්ඩිය මානිංගල රත්මල් ඔයේ වළක වතුර ඉසීමෙන් පසුව ඊයේ (6 දා) උදෑසන තවත් පිරිසක් සමඟ මෙසේ මසුන් ඇල්ලීමට ගොස් තිබුණේ දුන්කන්නාවගම පදිංචි ඩබ්ලිව්. ඇම්. රංගන ප්‍රසන්න නමැති 29 හැවිරිදි තිදරු පියෙකි. වෘත්තියෙන් ඔහු පෙදරේරුවෙකි. දරුවන් අවුරුදු 1 1/2, 3 1/2, හා 8 හැවිරිදි වේ.
මොහු දත් අතර රඳවාගත් කාවයියා එක්වරම ලිස්සා ගොස් උගුරේ සිරවී ඇති අතර දැඩි අපහසුතාවයකින් මියගොස් තිබුණි.
නාත්තන්ඩිය හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ශ්‍රියානි වලිසිංහ මහත්මිය පැවැසුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව ජනතාව දැනුවත් කළත් ඵලක් නොවී ඇති බවයි.
හදිසි මරණ පරීක්ෂකවරිය සමඟ මාරවිල අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එච්. ඡේ. එන්. කුලරත්න මහතා, මාරවිල පොලිසියේ කොස්තාපල් (62707) මහින්දසිරි යන නිලධාරීහු ඊයේ (6 දා) පස්වරුවේ මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.
http://www.divaina.com/2015/08/07/provin06.html
වල ඉහලා මාළු ඔක්කොමටම ගේම දෙන්න නේ මූ ප්ලෑන් කරන්න ඉන්න ඇත්තේ .දිට්ට ධම්ම විදියට වැඩේ පල දීලා.