කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට

    කාවයියකු උගුරේ හිරවී තිදරු පියා මරුට

    නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

    මඩවළක සිටි කාවයියකු කටින් සපාගෙන තවත් මාළුවෙකු ඇල්ලීමට තැත් කළ තිදරු පියෙකු ඊයේ (6 දා) උදේ 6.00 ට පමණ කාවයියා උගුරේ සිරවී එම ස්‌ථානයේදීම මියගිය පුවතක්‌ නාත්තන්ඩියෙන් වාර්තා වේ.

    මෝටර් දමා පෙරදින රාත්‍රියේ සිට නාත්තන්ඩිය මානිංගල රත්මල් ඔයේ වළක වතුර ඉසීමෙන් පසුව ඊයේ (6 දා) උදෑසන තවත් පිරිසක්‌ සමඟ මෙසේ මසුන් ඇල්ලීමට ගොස්‌ තිබුණේ දුන්කන්නාවගම පදිංචි ඩබ්ලිව්. ඇම්. රංගන ප්‍රසන්න නමැති 29 හැවිරිදි තිදරු පියෙකි. වෘත්තියෙන් ඔහු පෙදරේරුවෙකි. දරුවන් අවුරුදු 1 1/2, 3 1/2, හා 8 හැවිරිදි වේ.

    මොහු දත් අතර රඳවාගත් කාවයියා එක්‌වරම ලිස්‌සා ගොස්‌ උගුරේ සිරවී ඇති අතර දැඩි අපහසුතාවයකින් මියගොස්‌ තිබුණි.

    නාත්තන්ඩිය හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය ශ්‍රියානි වලිසිංහ මහත්මිය පැවැසුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව ජනතාව දැනුවත් කළත් ඵලක්‌ නොවී ඇති බවයි.

    හදිසි මරණ පරීක්‍ෂකවරිය සමඟ මාරවිල අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එච්. ඡේ. එන්. කුලරත්න මහතා, මාරවිල පොලිසියේ කොස්‌තාපල් (62707) මහින්දසිරි යන නිලධාරීහු ඊයේ (6 දා) පස්‌වරුවේ මෙහි පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි.



    http://www.divaina.com/2015/08/07/provin06.html

    වල ඉහලා මාළු ඔක්කොමටම ගේම දෙන්න නේ මූ ප්ලෑන් කරන්න ඉන්න ඇත්තේ .දිට්ට ධම්ම විදියට වැඩේ පල දීලා.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මේ වගෙ සීන් එකක් මම කලිනුත් අහල තිබුන එක පාරක් කරාපිටියේ මෙඩිකල් exebition එකේ තිබුන බන් ෆෝමලීන් වල දාල මනුස්සයෙක්ගේ උගුරේ ඔය වගේම මලුවෙක් හිරවෙලා ඉන්න එකක්. ඒක වෙන්නේ මාලුව බිලී කට්ටෙන් ගලවන්න කටින් අදින්න ගියාමලු. පිස්සු හැදෙනවා. මාලුව මැරෙන්න විදපු දුකටත් වඩ දුකක් විදල මැරෙන්න ඇත්තේ :(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sacrifices people make to provide for their families :(

    sad thing is, he will be remembered not for his struggle to live..but for how he died.. and the self righteous bastards will as usual always try to bring their stupid karma into it..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ වගෙ සීන් එකක් මම කලිනුත් අහල තිබුන එක පාරක් කරාපිටියේ මෙඩිකල් exebition එකේ තිබුන බන් ෆෝමලීන් වල දාල මනුස්සයෙක්ගේ උගුරේ ඔය වගේම මලුවෙක් හිරවෙලා ඉන්න එකක්. ඒක වෙන්නේ මාලුව බිලී කට්ටෙන් ගලවන්න කටින් අදින්න ගියාමලු. පිස්සු හැදෙනවා. මාලුව මැරෙන්න විදපු දුකටත් වඩ දුකක් විදල මැරෙන්න ඇත්තේ :(

    නෑ මචන් මට මතක හැටියට මාලුවා ගොඩින් තිබ්බම ඌ ආපහු වතුරට පනිනවාලු.ඌ එහෙම පනින එක වලක්වන්න තමයි කටින් අල්ලගෙන ඉන්නේ
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    kawayyata 72 hours inna puluwanlu goda. ithin uwa maranne bella hapala. Oya wage scene kipayakma math ahala thiyenawa.