මගේ වෛද්‍ය වෘත්තීය තුල මිනිස්සු අපමණ සතුටට පත් වෙන අවස්ථා දෙකක් දැකලා තියෙනවා.
එකක් තමයි ඇහේ සුද මතු වෙලා තිබෙන ආච්චිල සීයලට කාච දාන මොහොත. ඒ ශල්‍යකර්මය කරන්නේ සිහි නැති කරන්නේ නැතුව හිරි වට්ටලා. අර සුද මතු වෙලා පේන්නේ නැතුව තිබුන ඇහට එක පාරට කාචය දාපු ගමන් දැන් පේනවද කියලා අහන කොටම රැලි වැටුන මූණ මැද්දේ තියෙන දත් හැලිච්චි කටවල් වලින් 'ඔව්' කියලා උත්තරේ පිටවෙන්න කලින් හරි අපූරු හිනාවක් යනවා. කොහු ලණුවකින් හයිය නැති අඹ අතු වල ගැට ගහපු රෙදි වැලකට තෙත රෙදි වැනුවා වගේ මැද්දෙන් බර වෙලා කටේ කොන් දෙක කනේ හැප්පෙන්න තරම් උඩ යනවා. ඒක බලන්න වටින අපූරු මොහොතක්. ආලෝකයේ වටිනාකම දන්නේ අන්ධකාරයේ හිටපු මිනිස්සු කියනවනේ.
අනිත් මොහොත තමයි දරුවෙක් උපදින මොහොත. මාස දහයක් දරා ගෙන ඉඳලා, පැය දහයක් දොලහක් විළිරුදා විඳලා තමන්ගේ ශරීරය තුලින් ජීවිතයක් බිහි වෙන දවස අම්ම කෙනෙකුට කියන්න බැරි තරම් සතුටක්. ඒ වදපු දරුවා හීන් කෙඳියට අඬන ගමන් ඒ මොහොතේම අම්මාගේ පපුව මැද්දට දෙනවා, මූණ පෙන්නනවා. අර ඉවස ගන්න බැරි වෙන්න විඳපු වේදනාව මොහොතින් අමතක කරලා ඒ අම්මගේ මූණට එන හිනාව දකින එක සිත පිනා යන වැඩක්.
අපේ රටේ බොහෝ තාත්තලාට ඒ සතුට විඳ ගන්න අවස්ථාව ලැබුනේ නෑ. ඒ හයිය තමන්ගේ බිරිඳට දෙන්න සැමියන්ට ලැබුනෙත් නෑ. මොකද රජයේ රෝහල් වල පෝළිමට දරුවෝ වදන ප්‍රසූත කාමර වල එකිනෙකාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගෙන ඒක කරන්නත් බෑ. නමුත් කැපවීම තියෙනවා නම් පුළුවන්.
දැන් ඒ අවස්ථාව දෙන්න කොළඹ කාසල් රෝහල ඉදිරිපත් වෙලා. ඒක හරි අපූරු අත් දැකීමක් වේවි. රටේ අනෙකුත් රෝහල් මේ පූර්වාදර්ශය අරගෙන අලුත් වෙනවා නම් හොඳයි.
පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර