කැටපිලර් කතාවක්
මේක උනේ මට මතක විදිහට 2009 විතර.මගේ හොඳ යාළුවෙක් හිටියා ඒකල පැත්තේ.මෑන්ස් රට ගියා අවුරුදු 7 කට විතර.ඒ කාලේ ඉතින් අයියගේ පුරප්පාඩුව පිරෙව්වේ මෑන්ස්ගේ මල්ලි තමයි.මිනිහගේ නම ලක්මාල්.සිරාම කොල්ලා.අයියට වැඩිය ෆිට් එකේ හිටියා අපිත් එක්ක.ලක්මාල් මල්ලියා පොඩි කඩයක් කලා ඒකලම.දැන්නම් මගේ යාළුවම තමයි කරන්නේ.
ඉතින් කතාව මේකයි. සමහර දවස්වලට මගේ යාළුවෝ එකෙක් දෙන්නෙකුත් එක්ක අපි පොඩ්ඩක් සෙට් වෙනවා,දන්නවනේ ඉතින්.,,,,,,,,.මේ කියන දවසත් ඒ වගේ සෙට්වෙන්න හිතාගෙන හිටපු සෙනසුරාදා දවසක්.එදානම් හිටියේ මමයි ලක්මාල් මල්ලී වීරයි. ඉතින් ඔන්න හවස 4 ට විතර දෙයියනේ කියලා ලක්මාල් මලිලියලගේ ගෙදර ගියා.මම යන කොට මල්ලියාගේ තවත් යාළුවෙකුත් ඇවිල්ලා හිටියා.අපි ඉතින් කලින් සෙට් වෙලා තිබුනෙනම් නැහැ ඕං.කට්ටියගේ බ්රෑන්ඩ් 1 ඉතින් ෆ්රැන්කා තමයි.කොහොම හරි හවස 5.30 වගේ වෙනකොට අපි තුන්දෙනාම පරණ පුරුදු පොට් 1ටම සෙට් උනා.ජා ඇල පැත්තේ ඉන්න එළකිරියේ සමහරු දන්නවත් ඇති තොටුපල හංදිය ලඟ තියෙන රෙස්ටුරන්ට් එක තමයි තැන.අර පාලමත් එක්කම පහලට තියෙන පාරේ තියෙන්නේ .හිටහල්ලකෝ විස්තරෙ කියනකම්.
ඔන්න ඉතින් ෆ්රැන්කා 1යි/සෝඩා මෙගා 1යි අරගෙන ගිහින් අපිත් සෙට් උනා මේසෙට.කට්ටියත් ටිකක් හිටියා.සෝඩා/කෝක් වගේ ඒවා පිටින් ගෙනත් බොන්න දෙන්නේ නැහැනේ මේවල.අපිත් ඕක දන්නවා.අපි ඉතින් කරන්නේ අලියා සෝඩා 1ක් ගෙන්නගෙන අඩු වෙන ගානට අපේ එකෙන් වක්කරනව.හැබැයි හොරෙන් තමයි කරන්නේ.එතකොට අලියසෝඩා අලියා මැජික් සෝඩා වෙනවා.ඇයි ඉතින් ඉවර වෙන්නෙම නෑනේ..
ඔන්න වේටර් අයියා ලඟට ආවා.සැන්ඩියට සෝඩා 1යි, බයිට් 1ට මොනවද ගන්නේ කියල කට්ටිය තත්පර 20 ක සාකච්චාවක් දැම්මා.වේටර් අයියත් ලඟටම වෙලා ඉන්නව.ලක්මාල් මල්ලියයි මමයි සෙට් උනහම ඉතින හුරු පුරුදු චිකා ඩෙවල් 1යි/ඔම්ලට් 1යි හරි නැත්නම් අර ලියන කොට BBQ කන කොට බාබකිවු කරපු චිකන් 1 ක් හරි තමයි ගන්නේ.’’අයියේ චිකන් නැතුව වෙන මොනවහරි ගමු කියලා මල්ලියගේ යාළුව කිව්වා.හැමදෑම කන 1 අද නොකෑවට මොකද කියල අපි දෙන්නත් වැඩේට AGGRY වෙලා මල්ලියගේ යාළුවටම කිව්වා එනෙම් වෙන මොනවහරි ඕඩර් කරන්න කියල.මේකා වේටර් අයියට කියනව “එහෙනං අපිට කැටපිලර් දෙකක් දාගෙන එන්ඩකෝ “කියලා.වේටර් අයියා තක්බීර් වෙලා/අපි ගල්වෙලා/ලඟම හිටපු ටේබල් 1කේ කොල්ලො දෙන්නා රොටේට් වෙලා බලාගෙන ඉන්නවා.මොන මගුලක්ද යකෝ මේක,කැටපිලර්,,,,,,,,
තප්පර ගානකට පස්සේ වේටර් අයියා කථාකලා,"මල්ලි කැටපිලර්නම් නෑ මම තව චුට්ටකින් එන්නම් කතාකරල බලල කියන්නකෝ මොනවද ඕනේ කියල" කියාගෙන කින්ඩි හිනාවකුත්දාගෙන මාරු උනා.මිනහනම් එහෙම කියල මාරු උනා.අපි දෙන්නා මොකද කරන්නේ.දැන් මෑන් ඉන්නවා මේසෙට ඔළුව ගහගෙන අත්දෙක ඔළුව උඩ තියාගෙන බොරු කකුල කැඩිච්ච බොරු කකුල්කාරයාවගේ ."මොනවද බන් කැටපිලර් කියන්නේ උඹ මොනවද ඕඩර් කරන්න හැදුවේ" කියලා මල්ලි අහන කොට "නෑ අයියේ මම කියන්න හැදුවේ කට්ල්ෆිෂ් (CUTTLE fish)දෙකක් කියලනේ" කියාපි.
අපි දෙන්නට ඉන්න තැන මතක නැහැ වෙරි වෙනකම් හිනා.වටේ ඉන්න උනුත් බලනව මේ මගුල.මුන් බොන්න පටන්ගන්නෙත් නැතුව මොකක්ද මේ කුලප්පුව කියල.වේටර් අයියා ටිකකින් ආවා.පුරුදු විදිහට චිකන්ඩෙවල් 2 ක් ගෙන්නගෙන අරූවත් බයිට් 1 ට අරගෙන ෆ්රැන්කා එකත් ඉවර කරල බිලත් ගෙවාගෙන අතපය වාරු ඇතුව 8 විතර වෙද්දි එලි බැහැල ආවා.
මේ කතාව මේ ලඟදිත් මතක් කලා.ලක්මාල් මල්ලියනම් මේ ලඟදි රට ගියා.ඌගැන කියන්න ගිහින් තමයි සිද්දිය අයෙත් මතක්
ෆන්වගේ හිතුන හින්දා එළකිරියට දැම්මා.