**පසුව දැනුම් දීමයි - උදව් කිරීමට අවශ්‍ය සහෝදරයෙක් ඉන්නවා නම් ඒක මේ නූලේ දැනුම් දෙන්න.වැඩි විස්තර PM මගින් දැනුම් දෙන්නම්..
අවුරුදු 14 ක් එළකිරියේ ඉන්න මම මේ වගේ දෙයක් උඔලට කියන දෙවෙනි වතාව..
කතාට ටිකක් දිගයි..ඒ හන්දා වෙලාව අරන් පොඩ්ඩක් මේක කියවන්න කියලා ඉල්ලනවා.
01. මේ තියෙන්නේ මම කියපු පළවෙනි ත්‍රෙඩ් එක.(ඒක 2012 වෙච්ච දෙයක්)..ඇත්තටම මේකට ගොඩාක් දෙනෙක් උදව් කරලා තිබ්බා.ඒක ඒ පවුලට ලොකුම ලොකු හයියක් වෙන්න ඇති ඒ වෙලාවේ ඒ පොඩි එවුන් ටිකට..
කැමති-ද-එහෙනම්-එන්න (1)
මේ මම කියන්න හදන්නේ දෙවෙනි කතාව
ලංකාවේ දුෂ්කරම ගමක් වෙච්ච අම්පාර නගරයේ ඉඳලා තවත් කිලෝමීටර් 35+ වෙච්ච පාසලක තමයි මම කලින් වැඩ කරේ. ඒ පාසලේ අධ්‍යාපන ප්‍රතිඵල අතින් ලොකු ප්‍රගතියක් තිබ්බේ නෑ ඒ දවස් වල.නමුත් මම ගිහින් මාස 6කින් වගේ ටිකක වෙනස් විදුහල්පති කෙනෙක් පත් වෙලා ආවා.තරමක් තරුණ..හරිම අලුත් විදියට හිතන සාම්ප්‍රදායික නොවන තරමත් රැඩිකල් කෙනෙක් (මීට කලින් ඒ සර් වැඩ කරපු ඉස්කෝලට ජාතික ඵලදායිතා සම්මානයේ පාසල් අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානය අරන් දීලා තිබ්බ කෙනෙක්) ඉතිං ඒ සර් එක්ක එකතු වෙලා මේ පාසලටත් ලොකු පෙරළියක් කරන්න මට පුලුවන් වුනා. හොඳම දේ මුන් ටික ඉංග්‍රීසි බෑ...කොහොම හරි අනිත් ටිකට වැඩ කරලා කරලා A passes ගෙනාවට, අවුරුදු ගාණක්ම English වලට A නෑ. පාසල් ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල A passes තුන හතරකට සීමා වෙලා තිබ්බ O/L ප්‍රතිඵල, A9 දරුවෝ තුන් දෙනෙක් දක්වා ගේන්න අපි කණ්ඩායමට පුලුවන් වුනා.කිසිම අමතර පන්තියකට ඒ දරුවෝ ගියේ නෑ. සියල්ල පාසලෙන් කරේ..ඉතිං ඒකේ ලොකුම කැප කිරීමක් කරපු අයගෙන් මම ඉස්කෝලෙට ගොඩක් වෙලාවට 6 වෙද්දි ඉස්කෝලෙට යනවා...මුන්ට English ටික කරනවා.පස්සේ ඉස්කෝලේ හවසත් පන්ති ඉවර වුනාම ආයේ රෑ වෙනකං English ටික කරනවා.ඒ දවස්වල එද්දි රෑ 9ට කිට්ටුයි ගෙදර..අලි ප්‍රශ්න එහෙන්.. එහෙම කරලා තමයි පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට A 9 දරුවෝ 3ක් දක්වා ගේන්න අන්තිමේදි පුලුවන් වුනේ. දැන් අපි කතාවට එමු එළකිරිනි,
උඔලා ඔය ගම ලස්සනයි සුන්දරයි කිව්වට ඒක ඇතුලට එබිලා බලපු අපිට නම් ඒකේ පරිසරය ලස්සන වුනාට ඒ ගැමි සංස්කෘතිය නම් ලස්සන වුනේ නෑ (මේ සංස්කෘතියේ ඉතිහාසය ගැන දැන ගන්න නම් මායාරන්ජන්ගේ - දිගාමඩුලු ආශ්චර්යය කියන පොත කියවන්න.)
මේ සංස්කෘතිය තුල මිනිස්සු බහුතරයක් විශ්වාස කරේ කෙල්ලෙක් අවුරුදු 15 ක් ඉගෙන ගත්තාම හොඳටම ඇති කියලා.අවුරුදු 16 වෙච්ච ගමන් ගොඩක් අය දෙමව්පිය අවසරය ඇතුව හෝ නැතුව විවාහ වුනා..රැකියාව ගොවිතැන.නැත්තං කොල්ලා ආමි හෝ සිවිල් ආරක්ෂක.
ඉතිං අඩු වයසින් වෙන විවාහ ගොඩක් කල් තියෙන්නෑ කියලා මේකේ ඉන්න උඔලට අමුතුවෙන් කියන්න ඕන්නෑනේ..(දවසක් පොඩි එකෙක්ගේ(අපි නම සිතාර කියලා කියමුකෝ) කේස් එකක් වෙලා ගෙදර ඉන්නේ කවුද කියලා ඇහුවාම ඉන්නේ ආච්චිත් එක්ක කිව්වා ..අම්මයි තාත්තයි වෙන වෙන පවුල් වෙලා ආයේ.ඉතිං ඔන්න ආච්චි එනවා..යකෝ අවුරුදු 40-45 විතර වෙන තරමක් ඇහැට කනට පේන්න ඉන්න ගෑණු කෙනෙක් එනවා නලවා නලවා.මං හිතුවා නැන්දා කෙනෙක් කියලා..පස්සේ ඒ ගෑණු කෙනා කියනවා..,”සර් මම සිතාරගේ ආච්චි”.) ඉතිං හිතලා බලපංකෝ ඒ ආච්චි බැදපු වයසයි ඒ සිතාරගේ අම්මා බැඳපු වයසයි.
ඉතිං මේ විදියට අම්මා හරි තාත්තා හරි දාලා නොගියපු දරුවෙක් ඒ පාසල් භුමියේ හිටියේ 50%ක් වගේ.අනිත් බහුතරයකට අනියම් සබඳතා තිබ්බා..ඒවා දෙන්නටම තිබ්බ නිසා පවුල රැකෙන ගමන් තහනම් ගෙඩිත් කනවා රස කර කර.ඒ මන්දා බිදුණු පවුල් සංස්කෘතියක් තිබ්බ ඒ ගමේ ඉස්කෝලේ කලාතුරකින් විශිෂ්ට මට්ටමේ ඉගෙනීමේ හැකියාව තියෙන දරුවෝ එකෙක් දෙන්නෙක් හිටියා.එහෙම අය පුංචි කාලෙම තෝරගෙන අපි කණ්ඩායම උඩට ගෙනැල්ලා තමයි මේ දේවල් හැම එකක්ම කරේ..
දැන් කෙලින්ම පොයින්ට එකට එමු යාලුවනේ...
මෙතෙක් කල් (2016 සිට 2020 දක්වා) A 8 හා A9 ගත්ත දරුවන්ගෙන් බහුතරයක් තරමක් හෝ ආර්ථික හැකියාව තිබ්බ අය.දෙමව්පියෝ වුනත් තරමක් බුද්ධිමත් (මහාලොකු උගත් නොවුවත්).එයාලා ගොඩ දෙනෙක් දැන් තමන්ගේ දරුවන් හරි ට්‍රැක් එකේ අරන් යනවා.
2021 O/L කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ගෙන් දෙන්නෙක් ඉන්නවා හරිම සුවිශේෂි. උපතින්ම හරිම බුද්ධිමත්.හරිම විචක්ෂණශීලී අය..ඉගෙන ගන්න පුදුමාකර උනන්දුවත් තියෙන..ගතිගුණ පවා ගොඩක් හොඳ දෙන්නෙක්.
01.එක දරුවෙකුට ලොකුම ලොකු ගැටලු දෙකයි.
01.(පළවෙනි එක) මේ දරුවා ඉගෙන ගන්න පුදුමාකර උනන්දුවක් තියෙන දරුවෙක්.බුද්ධිමත් කමක් එහෙමයි. ඒ දරුවගේ තාත්තා මේසන් වැඩ කරනවා.ඒකත් වැඩ තිබ්බොත් සල්ලි නැත්තං වෙන ආදායම් නෑ...ප්‍රශ්නේ තියෙන්නේ මේ දරුවට අධ්‍යාපනයට කිසිම තල්ලුවක් නෑ ගෙදරින්.O/L විභාගේ අවුරුද්දේ අම්ම මේ දරුවට කොල්ලෙක් සෙට් කරලා.උන්ට කුඹුරු එහෙම තියෙන නිසා අම්මා කියනවා ඒ කොල්ලට කැමති වෙන්න කියලා.(අම්මත් එල්ලෙන්න ලොකු අත්තක් බලන්නේ) ඒ කොල්ලා නිතරම ගෙදර එනවා...අන්තිමේදී තවත් ටීචර් කෙනෙකුත් මමත් මැදිහත් වෙලා ඒක ඒ කෙල්ලට කියලා කියලා ඒක හිතින් අයින් කෙරෙව්වා..අන්තිමේදි ඌට මල පැනලා දීපුවත් ඉල්ලන් ගිහින් තිබ්බේ..ගෙදරින් අධ්‍යපනයට කිසිම උදව්වක් නෑ ඒ දරුවට.මේ දරුවා ගෙවල් ගාව ජෝතිෂ්‍ය කරන කෙනෙක්ගේ ලියන කියන වැඩ කරලා තමයි වියදමට සල්ලි හොයා ගන්නේ..ඇඟිලි එළියට පැනලා තිබ්බ සපත්තු දෙක අරන් දුන්නෙත් ළමා දිනයට මම.Term Test පේපර් වලට සල්ලි එකතු කරනකොට අර ටීචර් තමයි ඒ සල්ලිත් දීලා තිබ්බේ. කියලා වැඩක් නෑ බං මේ මම කරපු එකක් විතරයි දරුවෙක් වෙනුවෙන් තවත් දරුවෝ වෙනුවෙන් කරපු දේවල් ගොඩයි. 2019 කොරෝනා නිසා ඔන්ලයින් උගන්ද්දි ඔන්න ආයේ ප්‍රශ්නේ ලොකු වුනා.මොන ස්මාර්ට් ෆෝන් ද උන්ට. බැරිම තැන අර ජොතිෂ්‍ය කරන කෙනා එයා ගාව තිබ්බ ෆෝන් එකක් දීලා තිබ්බා.ඒක පරණ එකක් හරිම ස්ලෝ.ඒකෙන් යාන්තම් ඕලෙවල් ටික කවර් කර ගත්තා.ඒත් සූම් ක්ලාස් නම් හරියන්නෑ ඒ ෆෝන් එකට. ඒකට ඩේට දැම්මේ මම සූම්/වට්ස් ඇප් එහෙම..තාමත් දාන්නේ මම තමයි බං.(මොනවා කරන්නද ඉගෙන ගන්න දරුවෙකුට අත දෙන්න පුලුවන්කම තියෙද්දි ඒක මග අරින්න හිත දෙන්නෑ මට.)
අන්තිම මාස ටිකේ විද්‍යා ගුරුවරිය මාරු වෙලා ගිය හන්දා අතින් පන්ති සල්ලි දීලා දරුවෝ දෙන්නම පන්ති යැව්වෙත් මම (ඒ කාලේ රට ඇරලා ආයේ පන්ති පටන් ගත්තා මතක ඇති නේද).මොකද උන් දෙන්නට හරි ලස්සන අනාගතයක් පේන නිසා සතුටින් ඒක කරා.
02.(දෙවෙනි එක) මේක තමයි දැනට තියෙන ලොකුම ගැටලුව. ඒ දරුවගේ අයියා වැරදි පාරක යන්න යන කෙනෙක්.ඉතිං මත්ද්‍රව්‍ය හොරකං වංචා හැම දෙයකටම සම්බන්ධයි.කොටින්ම පහුගිය ටිකේ ඒ දරුවා AL ක්ලාස් යන්න සල්ලි ටිකක එකතු කර ගන්න පොඩි ළමයින්ට පන්ති කරලා මාස ගාණක් එකතු කරපු රුපියල් 5000 ක් විතර හොරකං කරං ගිහින්.මේ කෙල්ලට පිස්සු හැදිලා හිටියේ.යන්තං හිත හදලා අනාගත ඉලක්ක මතක් කරවලා ට්‍රැක් එකට ගත්තේ.ගෙදර තියෙන සල්ලි හොරකම් කරනවා.කුඩු ගහනවා.බොනවා.නොකරන කැත වැඩක් නෑ ඌ. (ඌ ඉස්සරත් එහෙමයි.මම ඒ ඉස්කෝලෙට යද්දි 11 හිටියේ)
අනිත් දරුවගේ කතාටත් ඔයිට වැඩිය පොඩ්ඩයි බන් වෙනස්...ගෙදරින් තල්ලුවක් නොලැබෙන තරම්.ඒ දරුවට නම් ෆෝන් එකක්වත් නෑ.පුලුවන් නම් කා ගාව හරි තියෙන ටිකක පරණ එකක් වුනත් කමක් නෑ...එවන්න පුලුවන් නම් ලොකු පිනක්...
මමත් ඕලෙවල් දැක්වා ඇදගෙන ආව නිසා බැලුවා උසස් පෙළට මොකද වෙන්නේ කියලා.මොකද දැනටමත් සමහර විෂයන් වලට ඔන්ලයින් පන්ති පටන් අරන් මාස ගාණක් වෙනවා..සමහර විෂයන් වලට මේ මාසේ ඉඳලා පටන් ගන්නවා.කියන්න කණගාටුයි බං...මේ දරුවට නෝ හෙල්ප් ගෙදරින්.ඉතිං ඔක්කොම නවත්තලා වැඩ ටික.ඉතිං මම මේ දවස් ටික ආයේ ඒ දරුවට යම් අනුග්‍රහයක් දක්වනවා.මේ දරුවා ජෝතිශ්‍ය ලියන කියන වැඩ වලින් තව ටිකක් හොයා ගන්නවා..ඒක ඉතිං ලොකු ගාණක් නෙවෙයි.ඒත් පන්ති ඔක්කෝටම දෙන්න මට අමාරුයි බං....මටත් දැන් වගකීම් ගොඩයි...
මේ පාසලේ දුප්පත් දරුවෝ ගොඩයි.ඒත් දුප්පත් හැමෝටම අපිට උදව් කරන්න බෑ...එහෙම බැලුවොත් මම හිටපු පාසලේ විතරක් දරුවෝ 80%ක් විතර එහෙම අය.ඒත් මේ දරුවෝ දෙන්නා හරිම සුවිශේෂියි.හැකියාව හා දක්ෂතාවය අනුව අත දුන්නොත් සමාජයේ ඉහළම ස්ථරයකට යන්න පුලුවන්.එහෙම ගිහින් දවසක පල්ලෙහා තවත් කෙනෙකුට අත දේවි කියලා විශ්වසත් කරනවා මම.ඒ නිසාමයි මමත් උදව් කරන්න ඕනේ කියලා හිතුවේ.
ඒහෙම නොවුනොත් ඒක හරි අපරාදයක් කියලා මට හිතෙනවා. ඒ හන්දා මම දෙවෙනි සැරේට (අවුරුදු 9කට පස්සේ) ආයෙමත් මේ දරුවන් දෙන්නට උදව් කරන්න කැමති අයගෙන් අය පුලුවන් උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා.පුලුවන් නම් මේ කතාව ඔයාලගේ පරිත්‍යාගශීලී යාලුවෙකුට යවන්න පුලුවන් නම් ඒකත් ලොකු පිනක්..මේ කාලේ හැමෝටම අමාරුයි කියලා දන්නවා..ඒත් පොඩි හරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒ එයාලට හරි වටිනවා.
බොහොමත්ම ස්තූතියි.
පුලුවන් නම් බම්ප් එකක් දා ගෙනම යන්න..ඒකත් ලොකු පිනක්...

Last edited: