කැමරන්ට කෙලවෙන්න හේතුව..?
මචංලා,
උඹලා හිතන්නේ කැමරන්ට මෙහෙම වුනේ ඇයි..?
(උපුටා ගැනීමකි)
උඹලා හිතන්නේ කැමරන්ට මෙහෙම වුනේ ඇයි..?
එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතුද නැද්ද තීරණය කිරීමට ඊයේ 23දා පැවති ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ පිල පරාජයට පත්වීම අධිරාජ්‍යවාදයට කත් නොඅදින සියලු දෙනාට සතුටට කරුණකි.
එය අපට ප්‍රවෘත්තියක් වන්නේ ඇයි?
පසුගිය වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිටරට සවාරියකින් අනතුරුව ලංකාවට ගොඩ බැස්සේ ජාත්‍යන්තරයද එක්සේසත් කරගෙන බවට උදම් අනමිනි. එංගලන්ත ජනතාවගෙන් තමන්ට
පුදුමාකාර පිළිගැනීමක් ලැබුණ බවත් අගමැති ඩේවිඩ් කැමරන් එළියට පැමිණ කාරයෙන් බහින තැනටම පැමිණ අතට අතදීම සහ එහි කූටප්ප්රාප්තිය ලෙස මහ රැජිණ සුදු මේස් ගලවා තමන්ට අතදුන් ආකාරය නොබෙල් ත්‍යාගය ලැබුණාටත් වඩා ඉහළින් වර්ණනා කළ ආකාරය ඔබටත් මතක ඇති .
ඉන් පසු මෛත්‍රීපාලත් රනිල් වික්රමසිංහත් කටයුතු කලේ මේ අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් ලෙසය.
අප සිංහල අවුරුද්ද මෙන්ම වෙසක් උත්සව පවා සැමරිය යුත්තේ කෙසේද යන්න ගැන නිවේදන මගින් උපදෙස් දුන් අය අතර මිලිබෑන්ඩ් සහ ඩේවිඩ් කැමරන් පෙරමුණේම සිටී. මිලිබෑන්ඩ් එක් ජන වර්ගයකට පමණක් කොතරම් හිතෛෂීවීද යත් ඔහු අවරුද්දට සුබ පැතුවේ දෙමළ ජනයාට පමණි.
එපමණක් නොව ඊට පෙර යුධ සමයේ උතුරේ මානුෂිය මෙහෙයුම නවත්වන ලෙස ඇඹිලිපිටියට ගොස් හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂට තරවට්ටු කළේය. ඊට අවනත නොවූ විට අප සමග වෛර බැඳ ගත්තේය .මේ අය එදා සිට කටයුතු කලේ මේ රටට එරෙහි ද්‍රෝහීන්ගේ කදවුර නියෝජනය කරමිනි.
යහපාලන ආණ්ඩුවද බලයට පත්වූ විගස කලේ අපට උදව් කළ මිත්‍ර රටවල් පවා නොතකා මේ අධිරාජ්‍යවාදීන්ගේ පදයට නැටීමයි. රටක ස්වරීත්වයත් නොතකා ඔවුන්ට එතරම්ම හීලෑවීමට හේතුව මේ ඇතිකරපු වෙනසේද ස්වාමිවරුන් ඔවුන් නිසා විය යුතුය.
මෛත්රීපාලගේ අශිර්වාදයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කැමරන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ගොම්පස් ඇල්ලීමට මෙරටින් නියෝජිතයන් යවන්නේද ඊට හිලව් වශයෙන් කැමරන්ට කළගුණ සැලකීමටය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා තෝරාගෙන තිබෙන්නේ හරීන් ප්‍රනාන්දු,හර්ෂද සිල්වා, රෝසි සේනානායක යනමහත්ම මහත්මීන් ඇතුළු පිරිසකි. හරීන් ප්‍රනාන්දු කවුද? මේ මොහොතේ රගදක්වන දේශපාලන ගොන්පාට් වැඩ අතින් ඔහු දෙවැනි වන්නේ රන්ජන් රාමනායකට පමණය.ඒ අතින් ඔහු රන්ජන්ගේ නිවුන් සහෝදරයාය. ඔහු ජාත්‍යන්තරයේ වඩාත් ප්රකටව ඇත්තේ දේශපාලන සංවාද වලදී තම ප්රතිවාදියගේ කන් කඩා කෑමට උපන් හපන්කමක් ඇති පුද්ගලයකු වශයෙනි. එංගලන්තයේ ඡන්ද දිනවීමට ඔහු තෝරා ගන්නට ඇත්තේ එංගලන්තයත් බදුල්ල වගේ කියාදැයි නොදනිමු.
ඊළගට තමන්ගේ ඡන්දයවත් දිනාගෙන පාර්ලිමේන්තුවට යාමට නොහැකි වූ රෝසි සේනානායක එංගලන්තය දිනවීමට යාම තවත් විහිළුවකි..මහජනතාවගේ මුදලින් ඔවුන් මේ මහද්වීපික ජය ගන්න යන්නේ මෙරටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදලා වෙන කරන්න දේවල් නැති නිසා විය යුතුය.
නිදහස් චතුරශ්‍රයේ සිකුරිටි අයියලා හීලෑ කළ ආකාරයට එංගලන්ත අයියලා හීලෑ කිරීමට නොහැකි බව මේ පරාජයෙන් හර්ෂද සිල්වාද තේරුම් ගත්තා නම් ඒකත් ලොකු දෙයක්. එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වියයුතු බව අවධාරණය කරමින් පැවති ජනමත විචාරණ ජයග්‍රහණය ඊට විරුද්ධවූ කැමරන්ගේ පරාජයක් පමණක්ම නොව අධිරාජ්‍යවාදීන්ගේත් ඊට ගොම්පස් ඇල්ලීමට ගිය රෝසි ,හරීන් හර්ෂ ඇතුළු කණ්ඩායමේත්, බටහිරට උවමනාවටත් වඩා ගැතිකම් කරන රනිල්-මෛත්‍රී ගේත් පරාජයකි.

Last edited: