කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය

    මීට වසර 41 කට පෙර යොම් කිපූර් යුද්ධයේදී ඊශ්‍රායලයේ 401 වන සේනාංකය සිනායි හි සටන් කරමින් ඊජිප්තු හමුදා ඊශ්‍රායලයට ඇතුලු වීම නවතා දමන ලදි.එකම සේනාංකයේ එවක සිටි තරුණ හමුදා නිලධාරියෙක් වූයේ දකුණු පෙරමුණේ සටන් වැදුණු ලුතිනන් කර්නල් අවි ගුර්ය.යුද්ධය සමයේ ඔහු තම වර්ගයේ කැමරාව යොදාගෙන ලබා ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.


    tank-cannon-640x485.png

    මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඊශ්‍රායල යුද ටැංකිය ප්‍රබලත්වයයි.ලු.ක.ගුර් මෙහෙයවූ මෙම යුධ ටැංකිය කිලෝමීටරයක් පමණ දුරින් වූ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවක් මෙහි දැක්වේ.


    යුද්ධයේ තතු ලු.ක.අවි ගුර්ගේ වචන වලින්...



    " යුද්ධය ආරම්භ වූ පසු මා සිටියේ ඉදිරි පෙරමුණේ සූවස් ඇල ප්‍රදේශයේ උප අණදෙන්නා ලෙසයි.පැය කිහිපයකට පසුව මගේ අණදෙන්නා මියගිය අතර හමුදා කණ්ඩයේ අණදෙන්නා ලෙස මා පත්විය."


    Lt.-Col.-Emanuel-Sakal.png
    නිලධාරී අවි ගුර්ගේ හිටපු අණදෙන නිලධාරියා වූ ලු.ක.එමැනුවෙල් සකාල්


    යොම් කුපුර් යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය සතුව ප්‍රහාරක ගුවන් යානා 358ක්,යුධ ටැංකි 2100ක් සහ නාවික යාත්‍රා 37ක් තිබිණි.නමුත් ඊජිප්තුව සහ සිරියානු හමුදා සතුව ප්‍රහාරක ගුවන් යානා 998ක් ,යුධ ටැංකි 5350ක් සහ නාවික යාත්‍රා 137ක් තිබිණි."වර්ග කි.මී. 143ක් ආරක්ෂා කිරීමට තිබුණේ යුධ ටැංකි 30කි.සතුරු හමුදා සෙබලුන් 30කට සිටියේ එක් ඊශ්‍රායල සෙබලෙක් පමණි.නමුත් අපි ඊශ්‍රායල සෙබලුන්.අප ඉදිරියේ දහස්ගණනක් සිටියද අපි පලාගියේ නැත.වීරයන් මෙන් සටන් කලෙමු" ලු.ක. අවි විස්තර කරන ලදි.



    night-yom-kippur-war-640x548.png

    රාත්‍රියේ පවා අපට විමසිල්ලෙන් පසුවන්නට විය.ඊජිප්තු හමුදාවේ කාලතුක්කුවල ප්‍රබලත්වය අපේ ඒවා මෙන් 30ක් විය
    .



    "මම යුද ටැංකිය වෙත යද්දී කැමරාවක්ද රැගෙන ගියා.අපි ගමන් කරන්නට පටන් ගත් විට ඊජිප්තු ගුවන් යානා අපිට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.සූවස් ඇල තරණය කල ඊජිප්තු යුධ ටැංකිවලින් මෙන්ම ඊජිප්තු කොමාන්ඩෝ බලකායේ යුධ ටැංකි නාශක ප්‍රහාරවලටද අපිට මුහුණ දෙන්නට සිදුවිය."



    cannon-and-targets.png
    ඊශ්‍රායල යුද ටැංකියක් ප්‍රහාර එල්ල කරන අයුරු


    "දෙවන දිනයේදී දස දහස් ගණන් ඊජිප්තු හමුදා සූවස් ඇල තරණය කර සියගණන් යුධ ටැංකිත් සමග ඊශ්‍රායලයට ඇතුල්විය.මම දැක්කා මගේ යාලුවන් මිය යනවා.ඔවුන් තුවාල ලබනවා.නමුත් අපි දිගටම සටන් කලා"



    Browning-0.3-machine-gun-640x502.png
    කැලිබර් .3 මැෂින් තුවක්කුවකි.මේ තුවක්කුවෙන් තත්ත්පර 10ක් එක දිගට වෙඩි තැබිය හැකිය.ඊජිප්තු කොමාන්ඩෝ බලකායන්ට එරෙහිව මෙම අවිය යොදාගන්නා ලදි.


    "දින කිහිපයකට පසුව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රති ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.එහිදී අපිට සූවස් ඇල හරහා යන්නට නියෝග ලැබිණි.මා පළමුවරට මගේ ඩෝග් ටැග් එක රැගෙන ගියේ එදිනය.ඒ මා ජීවත් වේවිදැයි විශ්වාසයක් නොතිබුණු නිසාය.හේතුව? මගේ ටැංකිය ධාවනය කල යුතුව තිබුණේ සූවස් ඇල හරහා ඉදිකල ස්ථායි පාලමක් ඔස්සේය.එසේම ඔබ පාලම මැද මඟ හිටිය හොත් ඔබට වමට හෝ දකුණට යා නොහැකිය.එවිට ඔබ ලෙහෙසියෙන්ම සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට පත්වේ."




    egyptian-missile-base-640x461.png

    ඊජිප්තු මිසයිල ස්ථානගත කර තිබූ ස්ථානයක් ඊශ්‍රායල හමුදාව අතට පත්වූ පසු



    group-with-tank.png
    මෙම ඡායාරූපය ලබාගත්තේ මගේ ටැංකියේ තුවක්කුකරුය.මය ලබාගත්තේ මා අපිට උතුරින් වූ ප්‍රදේශයේ සටන් කල පාබල හමුදා කණ්ඩයේ අණදෙන නිලධාරියා අමතන මොහොතකදීය.එවිට අප සිටියේ ඊජිප්තුව ඇතුලතය.නමුත් විශාල ප්‍රදේශයක් අල්ලා සිටින්නට අපට තිබුණේ ටැංකි සුලු ප්‍රමාණයකි.



    reporting-to-commander-640x440.png


    yom-kippur-war-avi-640x466.png

    යුද්ධය අවසන් කාලයේ ඊශ්‍රායල හමුදා විසින් ඊජිප්තුවේ තුන්වන හමුදාව වටලනු ලැබීය,401 වන සේනාංකය මෙම යුද්ධයේ විශිෂ්ඨතම ජයග්‍රහණයන් ලබාගැනීමට දායක විය.ඊජිප්තු තුන්වන හමුදාව වටකිරීම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවීය.නමුත් එය විශ්වාස කල නොහැකි දෙයක්විය.




    Source:idfblog.com


    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පට්ටම ආමි එකක් තමා ඊශ්‍රායල් වලට තියෙන්නෙ. උන් එක්ක හැප්පෙනව බොරු වටේ ඉන්න උන්ට.
     
    • Like
    Reactions: Rosaine_Doll

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    Good post . sry cannot give rep "You have given out too much Reputation in the last 24 hours, try again later."