කැමරා ෆෝනයේ ඉතිහාසය - History Of The Camera Phone

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    කැමරා ෆෝනයේ ඉතිහාසය - History Of The Camera Phone

    කැමරා ෆෝනයේ ඉතිහාසය - History of the Camera Phone

    වර්තමානයේ ගොඩක් අය අත නිතරම තියන දෙයක් තමා ජංගම දුරකතනය, ජංගම දුරකතනය ගැන කියද්දි මතක් වෙන වැදගත්ම අංගයක් තමා ඒකෙ තියන කැමරාව.ලෝකෙ පලවෙනි වතාවට කැමරාවක් සහිතව ජංගම දුරකථකයක් නිර්මානය කරන්නෙ පිලිප් කාන් කියන පුද්ගලයා විසින්, ඒ 1997 දී.ඒත් ඒක ඔහු වෙළද පලට නිකුත් කිරීම සදහා කල නිර්මානයක් නෙමේ, තමන් ලග තිබුනු ජංගම දුරකථනයට ඩිජිටල් කැමරාවක් සම්බන්ධ කරල ඔහු විසින් සාදාගත් කැමරාෆෝන් එකක්.ඔහු නිර්මානය කල කැමරා ජංගම දුරකථනය මගින් ඔහුගේ අලුත උපන් දියනියගේ පින්තූරයක් ලොවවටා 2000ක පමණ ජංගම දුරකථන වලට යවා තිබෙන බව කියැවෙනවා.


    _20UyZ9oaeE
    firstcameraphone.gif

    (පිලිප් කාන්ගේ දියනියගේ ෆොටෝව)

    ලෝකෙ පලවෙනි වතාවට වානිජ වශයෙන් කැමරා ෆෝන් එකක් වෙලදපලට නිකුත් කලේ සැම්සුන් සමාගම විසින්, ඒ 2000 ජූනි මාසෙදී, ඒ තමා SCH V-200 කියන ෆෝන් මොඩල් එක.ඒ ෆෝන් එක සැම්සුන් ඉදිරිපත් කලේ මෙගාපික්සල් 0.35ක් සහිත කැමරාවක් සමග.ඒ ෆෝන් එකෙන් සාමාන්‍යෙයන් ෆොටෝ 20ක් විතර ගන්න පුලුවන්ලු, ඒත් ෆෝන් එකකින් තව ෆොන් එකකට යවන්න හැකියාවක් තිබිල නෑ, ගන්න ෆොටෝ ඩේට කේබල් හරහා කම්පියුටර් එකට දාගන්න විතරයි ඒකෙ පහසුකම් තිබිලා තියෙන්නෙ.

    සැම්සුන් ඒ ෆෝන් එක හදුන්වා දීල මාස 5ක් යනවත් එක්කම ජපානයේ ශාප් සමාගමත් වෙළදපලට කැමරා ෆෝන් එකක් ඉදිරිපත් කරනවා, ඒ තමා ශාප් J-Phone නැත්තන් J-SH04 කියන ෆෝන් මොඩල් එක.ඒ ෆොන් එකේ කැමරාව මෙගාපික්සල් 0.11ක වගේ අඩු අගයක් තමා තිබුනෙ, ඒත් ඒ ෆෝන් එකෙන් ගන්න ෆොටෝ අනිත් ෆෝන් සමග හුවමාරු කරගන්න හැකියාව තිබුනා.

    p1.jpg


    පහත දැක්වෙන්නෙ කලින් කලට විවිධ සමාගම් කිහිපයක් විසින් වෙළදපලට නිකුත් කල ජංගම දුරකථන කිහිපයක්...


    SANYO SCP5300

    tw.jpg


    2002 නොවැම්බර් මසදී හදුන්වා දුන් මෙය ඇමරිකාව විසින් වෙළදපලට නිකුත් කල පළවෙනි ජංගම දුරකථනය වේ, මෙගාපික්සල් 0.3ක කැමරාවකින් යුක්ත වූ අතර බැලන්ස් කන්ට්‍රෝල්, සෙල්ෆ් ටයිමර්, ඩිජිටල් සූම් වැනි පහසුකම් වලින් මෙම ජංගම දුරකථනයේ කැමරාව සමන්විත විය.

    CASIO A5401CA

    tumblr_m03yk1RuQ91r4p1bh.jpg


    2003 මැයි මාසයේදී ජපානයේ කැසියෝ සමාගම විසින් හදුන්වාදුන් මෙම ජංගම දුරකථනය මෙගාපික්සල් 1ක කැමරාවකින් යුක්ත වේ.ඩිජිටල් සූම්, පැනරෝමා, මැක්රෝ වැනි පහසුකම් වලින් මෙහි කැමරාව සමන්විත විය.

    Audiovox PM8920

    p31.jpg


    ඕඩියෝවොක්ස් සමාගම 2004දී හදුන්වාදුන් මෙම ජංගම දුරකථනය මෙගාපික්සල් 1.3ක කැමරාවකින් සමන්විත විය.

    Sony Ericsson K750i

    282815_0_original.jpg


    තවමත් සමහරුන් අත තිබෙන සෝනි එරික්සන් හදුන්වාදුන් ප්‍රථම ඔටෝෆෝකස් පහසුකම සහිත ජංගම දුරකථනය වන මෙය මෙගාපික්සල් 2ක කැමරාවකින් හා LED ෆ්ලෑෂ් එකකින් සමන්විත වේ.

    Nokia N95

    nokia-n95-g.jpg


    2006 සැප්තැම්බර් මාසයේදී හදුන්වාදුන් මෙම ජංගම දුරකතනය මෙගාපික්සල් 5ක් කැමරාවකින් යුක්ත විය.2008 2009 කාලයේදී පවා මෙම ජංගම දුරකථනය රුපියල් ලක්ෂයක පමන වටිනාකමකින් යුක්ත විය.ඒ කාලයේ ලංකාවේ තිබූ සුපිරිම ජංගම දුරකතනයක් ලෙස සැලකේ.


    Samsung M8800

    tumblr_m03yw4DNFi1r4p1bh.jpg


    2008 සැප්තැම්බර් මසදී හදුන්වාදුන් මෙම ජංගම දුරකථනය මෙගාපික්සල 8ක කැමරාවකින් සමන්විත විය.

    Nokia N8

    tumblr_m03yyiq9kG1r4p1bh.jpg


    2011වසරේදී හදුන්වාදුන් මෙම ජංගම දුරකථනය මෙගාපික්සල 12ක කැමරාවකින් යුක්ත විය.

    Nokia Lumia 1020

    p9.jpg


    වර්තමානයේ තිබෙන හොදම කැමරාව තිබෙන ජංගම දුරකතනය ලෙස මෙය හැදින්විය හැක.2013වර්ෂයේ හදුන්වාදුන් මෙම ජංගම දුරකථනය මෙගාපික්සල් 41ක කැමරාවකින් යුක්ත වේ.


    හොද නම් සලකලා යන්නකෝ.
    (අන්තර්ජාලයෙන් උපුටාගත් විස්තර ඇසුරිනි)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    [SIZE=5 said:
    Sony Ericsson K750i[/SIZE]

    282815_0_original.jpg


    තවමත් සමහරුන් අත තිබෙන සෝනි එරික්සන් හදුන්වාදුන් ප්‍රථම ඔටෝෆෝකස් පහසුකම සහිත ජංගම දුරකථනය වන මෙය මෙගාපික්සල් 2ක කැමරාවකින් හා LED ෆ්ලෑෂ් එකකින් සමන්විත වේ.

    පට්ටම 4න් එකක් බන්, 10 පාරක් විතර බයිසිකලෙන් වැටිලත් තාම හොදට තියෙනවා මං ලග, අන්න 4න්, දැන් තියෙන මගුල් වගේ නෙමෙයි :angry: