අනේ මන්දා බන්, උබලට තේරෙන්නේ නැත්ද මෙතන වෙන දේ?? නිදහස් අධ්‍යාපනය නැතිකරන්න හදන ක්‍රියාවලියේ එක කොටසක් මේක. ටිකක් හිතලා බලපන්, ලන්කාවේ ඕන ඉගෙනගන්න කෙල්ලෙක් කොල්ලෙක් කවදාහරි හොදට ඉගෙනගෙන ඇතුල්වෙන්න හිතන පළවෙනිම තැන තමා පේරාදෙණිය කියන්නේ.. කොච්චර කිව්වත් ඉගෙනගත්ත එකෙක් අනිවා ඔය සිහිනය දකිනවා... අඩු තරමේ පේරා ගිහින් තියෙනවනම් හරි එහෙම හිතෙනවා.. ඉතින් මේවගේ ප්‍රචාර දාලා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ හීනේ ඇතිවෙන එක වලක්වන්න. මේවගේ බොරු බයිලා දැම්මම ඇත්ත මොකක්ද කියලා දන්නේ නැති දෙමව්පියොයි, උබලා වගේ කට්ටියයි මේක විශ්වාස කරනවා.. ඊට පස්සේ නිකන්ම ඔක්කොම ඉගෙනගන්න ළමයි කොහෙද යන්නෙ? private university වලට. මේ වගේ කතාවක් ඕන එකෙක්ට හැදුවහැකිනේ බන්. මෙතන මේක ඇත්ත කියලා ඔප්පු කරන්න කව්ද ඉන්නෙ? මේක බොරුවක් කියලා පෙන්නන්න ඕනෙතරම් කට්ටිය හොයාගන්න පුලුවන් ඇත්තටම පේරා ඉන්න අයගෙන්. කීයක් හරි දුන්නම මේ වගේ ලිපියක් ඕන එකෙක්ට පරිකල්පනාව තියනවනම් ගොතන්න පුලුවන් බන්... මෙච්චර දෙයක් තේරුම්ගන්න බැරි මිනිස්සු ගැන තමා දුක හිතෙන්නේ.. තමන් විසින්ම තමන්ගේ ළමයිගේ සහ රටේම අනාගතය විනාශ කරගන්නවා... පේරා ඉන්න ඕන එකෙක් සහතික වෙයි මේවගේ ඒවා දැන්නම් වෙන්නෙ නෑ කියලා... (ඉස්සර ගැන දන්නේ නෑ මම... ඒත් අපේ වැඩිහිටියෝ ඒ ගැන සාක්ෂි දරයි) මොන ප්‍රශ්න තිබුනත් මේ වගේ චා සීන්නම් වෙන්නේ නෑ බන්..


