කැරපොත්තා මරන්න එපා
ලෝකයේ අප්‍රියජනකම ගෘහ කෘමියා ස්ථිර වශයෙන්ම කැරපොත්තාය. එහෙත් දැන් හෙළි වී ඇති සත්‍යය වන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රයෝජනවත් කෘමියා කැරපොත්තා බවය.
කැරපොත්තා තරම් පිරිසිදු කෘමියකු සත්ව ලෝකයේ තවත් නැත. එසේම ඌ තරම් වේගවත් කෘමියෙක්ද තවත් නැත. මේ දැන් සිවිලිමේ දකින කැරපොත්තා තප්පරයක් තුළ බිත්තියක් මතත් ඊළඟ තප්පරයේදී ගෙබිම මතත් දැකිය හැකිය.
මේ ක්ෂණික කැත කෘමියා ලෝකය රැක ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉදිරියෙන්ම සිටී. පෘථිවියේ අනර්ඝ සෝබාදම් පද්ධතිය රැක ගැනීමට මේ සතා නැතුවම බැරිය.
ප්රශ්නය, ඒ ඇයිද යන්නයි. ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සි්රනික් කම්භපාති කියන පරිදි පෘථිවියේ නයිට්රජන් චක්‍රය සුරකින්නේ කැරපොත්තන්ය. මිනිසුන් වස විෂ තබා සෙරෙප්පුවලින් ගසා කැරපොත්තන් විනාශ කර දැමුවොත් අපේ පරිසරයට සිදුවන්නේ නයිට්රජන් වායුව නැතුව මියයන්නටය.
කැරපොත්තා නිතරම ආහාරයට ගන්නේ කුණුවෙමින් පවත්නා දේය. මේ කුණුගොඩවල්වල නයිට්රජන් විශාල වශයෙන් තිබේ. කැරපොත්තන් කුණු ගොඩවල් කඩා කන විට නිදහස් වන නයිට්රජන් වායුව පරිසරයට එක්වේ. අනතුරුව පස සමඟ එක්වී පැළවලට උරා ගනී.
පෘථිවිතලය මත කැරපොතු වර්ග දස දහසක් සිටිති. මේ සියලුම දෙනා පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍යය. එසේම කුරුලු වර්ග දහස් ගණනක් ජීවත්වන්නේ කැරපොත්තන් ආහාරයට ගැනීමෙන්ය. මෙසේ උස්මහත්වන කුරුල්ලන් වඩා ලොකු සතුන් විසින් ආහාරයට ගනු ලැබේ. කැරපොත්තන් මිහිතලයෙන් වඳවී යැමේ තර්ජනයක් තවමත් හටගෙන නැත. මේ සුවිශේෂ සතා න්‍යෂ්ටික යුද්ධයකින් පසු වුවද මිහිතලය මත ඉතිරිවිය හැකි එකම කෘමියා විය හැකිය.
සංඛනාද
http://www.divaina.com/2012/07/08/diyaga06.html

wala athule kerapotto wimaanyai

...kamak ne..thanks machn..