කැරපොත්තා මරන්න එපා

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කැරපොත්තා මරන්න එපා

d9-1.jpg


ලෝකයේ අප්‍රියජනකම ගෘහ කෘමියා ස්‌ථිර වශයෙන්ම කැරපොත්තාය. එහෙත් දැන් හෙළි වී ඇති සත්‍යය වන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රයෝජනවත් කෘමියා කැරපොත්තා බවය.

කැරපොත්තා තරම් පිරිසිදු කෘමියකු සත්ව ලෝකයේ තවත් නැත. එසේම ඌ තරම් වේගවත් කෘමියෙක්‌ද තවත් නැත. මේ දැන් සිවිලිමේ දකින කැරපොත්තා තප්පරයක්‌ තුළ බිත්තියක්‌ මතත් ඊළඟ තප්පරයේදී ගෙබිම මතත් දැකිය හැකිය.

මේ ක්‍ෂණික කැත කෘමියා ලෝකය රැක ගැනීමේ ක්‍රියාවලිය තුළ ඉදිරියෙන්ම සිටී. පෘථිවියේ අනර්ඝ සෝබාදම් පද්ධතිය රැක ගැනීමට මේ සතා නැතුවම බැරිය.

ප්‍රශ්නය, ඒ ඇයිද යන්නයි. ටෙක්‌සාස්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සි්‍රනික්‌ කම්භපාති කියන පරිදි පෘථිවියේ නයිට්‍රජන් චක්‍රය සුරකින්නේ කැරපොත්තන්ය. මිනිසුන් වස විෂ තබා සෙරෙප්පුවලින් ගසා කැරපොත්තන් විනාශ කර දැමුවොත් අපේ පරිසරයට සිදුවන්නේ නයිට්‍රජන් වායුව නැතුව මියයන්නටය.

කැරපොත්තා නිතරම ආහාරයට ගන්නේ කුණුවෙමින් පවත්නා දේය. මේ කුණුගොඩවල්වල නයිට්‍රජන් විශාල වශයෙන් තිබේ. කැරපොත්තන් කුණු ගොඩවල් කඩා කන විට නිදහස්‌ වන නයිට්‍රජන් වායුව පරිසරයට එක්‌වේ. අනතුරුව පස සමඟ එක්‌වී පැළවලට උරා ගනී.

පෘථිවිතලය මත කැරපොතු වර්ග දස දහසක්‌ සිටිති. මේ සියලුම දෙනා පෘථිවියේ පැවැත්මට අත්‍යවශ්‍යය. එසේම කුරුලු වර්ග දහස්‌ ගණනක්‌ ජීවත්වන්නේ කැරපොත්තන් ආහාරයට ගැනීමෙන්ය. මෙසේ උස්‌මහත්වන කුරුල්ලන් වඩා ලොකු සතුන් විසින් ආහාරයට ගනු ලැබේ. කැරපොත්තන් මිහිතලයෙන් වඳවී යැමේ තර්ජනයක්‌ තවමත් හටගෙන නැත. මේ සුවිශේෂ සතා න්‍යෂ්ටික යුද්ධයකින් පසු වුවද මිහිතලය මත ඉතිරිවිය හැකි එකම කෘමියා විය හැකිය.

සංඛනාද
http://www.divaina.com/2012/07/08/diyaga06.html
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කැරපොත්තා තරම් පිරිසිදු කෘමියකු සත්ව ලෝකයේ තවත් නැත.
    mona pissuda ban giya sathiye ekek awilla ape toilet wala sudda kara!:dull: wala athule kerapotto wimaanyai:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    pissu munta.

    mama giya sathiye munwa samula ghathanaya kala. 100 kata wage gema dunna.

    2nd round eka next week denna inne.

    eye meeyanta waha dunna.

    thawa dawas 2-3 kin unge mala gewal
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත අහල තියෙනව ඕක පිරිසිදුම සතා කියල..
    ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ...
    ඉතුරු ටිකනම් අද තමයි දැන ගත්තෙ.. Good post Bro (වටෙ යන්නලු රෙප් දෙන්න)
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    pissu munta.

    mama giya sathiye munwa samula ghathanaya kala. 100 kata wage gema dunna.

    2nd round eka next week denna inne.

    eye meeyanta waha dunna.

    thawa dawas 2-3 kin unge mala gewal


    ammata siri...uba hari bayanaka porak ne...:shocked::shocked::shocked:...math mehema thama ban..meka kiyawanna kalin math 20kta withara mortin gehuwa..:confused:
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මමත අහල තියෙනව ඕක පිරිසිදුම සතා කියල..
    ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ...
    ඉතුරු ටිකනම් අද තමයි දැන ගත්තෙ.. Good post Bro (වටෙ යන්නලු රෙප් දෙන්න)

    rep nethuwata
    :(...kamak ne..thanks machn..:D
     

    -striker-

    Member
    Feb 4, 2012
    409
    14
    0
    කෑරපොත්තා ගොඩක් වෙලවට තමන්ගෙ හෑව අරිනවා එකයි පිරිසිදු
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කැරපොත්තෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ටොයිලට් වලට හරියට එනවා. මුන්ව මරලත් බෑ. මොනා කරන්නද කියලා හිතාගන්න බෑ