කැලම් මැක්රේ බලය වැඩසටහනෙන් පැන ගියාද?
චැනල් 4 රූපවාහිනී නාලිකාවේ ජොනතන් මිලර්, කැලම් මැක්රේ ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක් පසුගියදා ශ්‍රීලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් පසුගිය කාලයේ පුවත් මවන චරිත බවට පත්විය. චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකා යුධ අපරාධ සම්බන්ධයෙන් නගන චෝදනා වලට රටක් ලෙස අප නැගී සිටිය යුතුය.
නමුත් ඔවුන්ට ලංකාවට පැමිණෙන්නැයි වීසා ලබා දී ඔවුන්ට සිදු කල අපහසුතා අනුමත කල නොහැකිය. එයින් සිදුවුයේ අමාරුවෙන් එකතු කරගෙන යාමට පැමිණි වීඩියෝ පට එකතුව චැනල් 4 නඩයට පහසුවෙන් එක් රැස්කර ගැනීමට හැකිවීමයි. එසේනම් කල යුතුව තිබුනේ චැනල් 4 කණ්ඩායමට වීසා ලබානොදී සිටීමය.
ඒ අනුව ලංකාවට පැමිණි චැනල් 4 කණ්ඩායම පසුගිය කාලය පුරාවටම ලංකාවේ වූ තත්වය විනාඩියෙන් විනාඩිය අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන කරන්නට විය. කටුනායක ගුවන්තොටුපොළේ විරෝධය, අනුරාධපුරයට යාමේදී සිදුවූ විරෝධය, ජයික් හිල්ටන් හෝටලය තුල සිරකරුවන් වීමට සිදුවූ සිද්ධිය, ජනාධිපතිවරයාගේ මාධ්‍යය හමුවට යාමට අවස්තාවක් නොදීම, ඔවුන් විසින් වාර්තාකොට තිබුණි.
ඒ සියල්ල පිටුපස රජයද සිටින බවට ඔවුන් චෝදනා ගොනුකොට තිබුණි. මේවනවිට ඔවුන් විසින් මෙගාබයිට් 890 ක Android ඇප් එකක් No Fire Zone නමින් නිකුත්කොට ඇත. එහි ශ්‍රී ලංකාවේ 1973 සිට 2013 දක්වා කාලය පුරාවට සිදුවූ යුධ අපරාධ විස්තර හා වීඩියෝ ඇත.
කැලම් මැක්රේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මත පල කල එක් අවස්තාවකදී මෙය තමාගේ වෘතිය බවත් තමා ලංකාවට පමණක් නොව ඉරාකය,ඉරානය, ඇෆ්ගනිස්තානය වැනි රටවලටද යුධ අපරාධ සම්බන්ධයෙන් චිත්‍රපට නිපදවා ඇති බව ප්‍රකාශකොට තිබුණි. නමුත් මැක්රේ විසින් එම ඒක යුද්ධයකටවත් මෙසේ "ඇප්" නිකුත්කොට තිබුනේ නැත.
වෙනත් රටවලට යුධ අපරාධ චිත්‍රපට නිපදවුවාට එම රටවලින් විරෝධයක් තබා ඔවුන් එය ගණන් ගත්තේද නැත. නමුත් ලංකාවේ විරෝධය වැඩිවන තරමට, උද්ඝෝෂණ වැඩිවන තරමට මැක්රේ ට එය ජාත්‍යන්තරයේ මාකට් කල හැකිය.
මේ අතර හිරු නාලිකාව විසින් මෙහෙයවන බලය දේශපාලන වැඩසටහනට පසුගිය 17 වනදා කැලම් මැක්රේ හට අරාධනාකොට තිබු අතර 17 වනදා උදෑසන 8:30 වනවිට ඔහු විසින් එදින රාත්‍රියේ පැවැත්වෙන වැඩසටහනට තමාට පැමිණීමට නොහැකි බව දන්වා සිටින ලදී. ඒ අන්කිසිවක් නිසා නොව රජය විසින්ම සිදුකල බලපෑම් හේතුවෙනි.
මැක්රේ කියන මෙම කතාවේ යම් සත්‍යක්ද තිබිය හැක. මන්ද ලංකාවට පැමිණි කාලය පුරාවට ඔවුන්ට ජයික් හිල්ටන් හෝටලයේ සිරකරුවන් ලෙසට සිටීමට සිදුවූ නිසාය. හෝටලය පුරාවට හමුදා බුද්ධි අංශ මගින් යොදවා තිබු අතර මැක්රේ විසින් ගන්නා සියලු ක්‍රියාමාර්ග ඔහු සමීපයේ සිටම රජය විසින් අධීක්ෂණය කොට තිබුණි.
ඒ අනුව කැලම් මැක්රේ හමුවීමට ඔහුගේ කාමරයට පිටතින් කිසිදු මාධ්‍යවේදියෙකුට යාමට තහනම් විය. එමෙන්ම හෝටලය තුල හෝ හෝටලයෙන් පිටත කිසිදු මාධ්‍යවේදියෙකුට මාධ්‍ය සාකච්චා ලබාදීමට අවසර ලබා නොදී තිබුණි.
මැක්රේ සමග සාකච්චා කිරීමට අවසර තිබුනේ රජයේ මාධ්‍ය ආයතන හා රජයට සමීප දිවයින වැනි පුවත්පත් වලට පමණි. ඒ වටපිටාව තුල මැක්රේ හට සජීවී රූපවාහිනී සාකච්චාවක් ලබාදීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවේ.
17 වනදා රාත්‍රියේ විකාශය වීමට තිබු වැඩසටහනට 17 වනදා උදෑසනම පැමිණීමට නොහැකි බව මැක්රේ දන්වා සිටියත් හිරු ටීවී විසින් එය මවා පා තිබුනේ අවසන් මොහාතේ මැක්රේ විසින් එය පැහැරහැරි ලෙසිනි.
රාත්‍රී 7:30 පුවත් වලද එය විකාශය නොකොට රාත්‍රී 9:30 පුවත් විකාශය තුල ඔවුන් එය විකාශය කලේ අවසන් මොහතේදී මැක්රේ විසින් එය දැනුම් දුන්නක් ලෙසිනි
ඉන්දියාවට ඇතුල් වීමට නොලැබුණු මැක්රේට ලංකාවට පැමිණීමට හැකිවුයේ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතුවය. ජනාධිපතිතුමා එසේ අවසර ලබාදුන්නේ මැක්රේ ට රටපුරා ගොස් ඇත්ත දැනගෙන සත්‍ය වාර්තා චිත්‍රපට තැනීමට බව කෙහිලිය අමාත්‍යවරයා ප්‍රකාශකොට තිබුණි.
ලංකාව සම්බන්ධයෙන් මැක්රේ ගේ මාධ්‍යය භාවිතාවේ ගැටළු තිබුනත් එයට පිළිතුරු දිය යුත්තේ මැක්රේ ට එන්න කියා පොල්පිත්තෙන් තඩි බෑමෙන් නොවේචැනල් 4 හි "මැක්රේ" ට නැති ප්‍රසිද්ධියක් ලබාදී මැක්රේ චරිතයක් බවට පත්කරනු ලැබුවේද ලංකාවේ මාධ්‍යය විසිනි.
** 33000lk **

Last edited: