පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි. විවිද අමාත්‍යංශ ඒ අයගේ වපසරිය අනුව බෝග වගා කරනවා. පොල්, කජු, උණ ගස්, අනෙකුත් වැවිලි බෝග, බෙහෙත් වර්ග වගේ ගොඩක් දේවල්.
මේ වගා කටයුතු සදහා ඒ ඒ අමත්‍යාංශ තමුන්ගේ වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඒ ඒ පළාත් වල තියෙන රජයේ ඉඩම් හදුනාගෙන, තමුන්ගේ වගාවට ගැලපෙන ඉඩම් අමාත්‍යංශය යටතට ගන්නවා. ඊට පස්සේ ඒවායේ වගා කරනවා.
උබ දන්නා රජයේ ඉඩමක් තියෙනවා නං, අමාත්‍යංශයක් හරහා ඉල්ලන්න. ඒ වගාවේදී ඒ අදාල අමාත්‍යංශය කියන වගාවත් දාන්න. ඒකට අවශ්‍ය සහය, ප්‍රතිපාදන, තාක්ෂණික දැනුම ලබාගන්න පුළුවන් ඒ අය හරහාම.
(මේ දවස් වල කජු, පොල් වගේ දේවල් වලට ලොකු සහන දෙනවා. )