කැලේට ගිය බල්ලා

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔන්න එක දවසක් බල්ලෙක්ට පාර වැරදිලා කැලේකට ගියාලු
    කැලේ හිටපු සින්හයෙක් ඒක දැකල "මෙහෙම සතෙක් කලින් දැකලා නෑ. කාලා රස බලන්න ඕනේ" කියලා ටික ටික බල්ලට කිට්ටු වෙන්න ගත්තලු.

    මේක දැකපු බල්ලා බය වෙලා දුවන්න හදද්දී ලග තිබුනු ඇටකටු ගොඩක් දැක්කලු.
    බල්ලට අයිඩියා එකක් ඇවිත් සින්හයට ඇහෙන්න හයියෙන් කිව්වලු "ඒ කාපු සින්හ මස් නම් හරිම රසයි" කියල
    මේක ඇහුනු සින්හයා "මේ සතා නම් ලේසි නෑ" කියල හෙමීට මාරුවුනාලු

    මේ ඔක්කොම බලන් ඉදපු උඩ හිටපු වදුරෙක් සින්හයගෙන් මොකක් හරි වාසියක් බලාපොරොත්තුවෙන් සින්හයට ගිහින් ඇත්තටම වුනේ මොකක්ද කියල කේලම කිව්වලු.
    ඒක අහපු සින්හයා වදුරවත් පිටේ තියාගෙන දැන් ආපහු යනවලු බල්ලව අල්ල ගන්න.

    සින්හයවයි වදුරාවයි දැකපු බල්ලාට වුනේ මොකක්ද කියලා මීටර් වෙලා ආපහු දුවන්න ලෑස්ති වුනාලු. මෙවෙලේ බල්ලට තව අයිඩියා එකක් ඇවිත් හ‍යියෙන් කිව්වලු
    "අර වදුරා තාම නෑනේ..මට කන්න තව සින්හයෙක් අරන් එන්න කියලා දැන් කොච්චර වෙලාද.." කියලා



    මේක ඇහුනු සින්හයා "උබ මාව අරූට අල්ලලා දෙන්න හැදුවා නේද.. හොද වැඩක් කරන්නම්" කියලා පිටේ හිටපු වදුරව කෑවලු.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    වඳුරා : (අපැහැදිලි කුසු කුසුවක්)
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්


    මේක ට්‍රාන්ස්ලේට් කරාට ඔයාට පිං ! 🙏 😁
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මං අහල තියෙන කතාවෙ බල්ල වෙනුවට ඉන්නෙ එලුවෙක්.සිංහය වෙනුවට ඉන්නෙ කොටියෙක්.වඳුරා වෙනුවට ඉන්නෙ නරියෙක්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    වඳුරා : (අපැහැදිලි කුසු කුසුවක්)
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්


    මේක ට්‍රාන්ස්ලේට් කරාට ඔයාට පිං ! 🙏 😁
    :lol::lol:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    වඳුරා : (අපැහැදිලි කුසු කුසුවක්)
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්
    බල්ලා : බව් බව් බව්
    සිංහයා : ග්ර්ර් ග්ර්ර්


    මේක ට්‍රාන්ස්ලේට් කරාට ඔයාට පිං ! 🙏 😁
    (අපැහැදිලි කුසු කුසුවක්) :D
     
    • Haha
    Reactions: Robinhood wage ekek