කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..
මීට අවුරුදු 900ක ට පමණ පෙර යුගයේ වරෙක පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන් වහන්සේ විසින් මේ මහාර්ඝ වූ බුද්ධ භූමිය පරසතුරු ආක්‍රමණ පරදවලා එක්සේසත් කලා. එතුමන් විසින් අවුරුදු 30 ක් 35 ක් වැනි කාලයක් ශ්‍රී ලංකාව එක් ධජයක් යටතේ පාලනය කරමින් මේ ශ්‍රේෂ්ට දිවයින සියල්ලෙන් සමෘධ කළා. සියළු දෙනාම දිවි දෙවැනි කොට තෙරුවන් සරණ තුල පිහිටා කටයුතු කළා. ගෞතම බුදුරජාණන් වහන්සෙගේ සාම සංදේශය පැතිරෙව්වා. මහාවංශය ට අනුව අපේ කුමක්දෝ සසරෙ අවාසනාවන්ත යුගයක් ආව. දරුණු පාලකයෙක් මිත්‍යා දෘෂ්ටික සේනාවක් සමඟ ගෞතම ශාසනය විනාශ කිරීමේ අපේක්ෂාවෙන් දඹකොලපටුන ට ගොඩබැස්සා. ඒ තමයි කාලිංඝමාඝ. වෙහෙර විහාර සියල්ල විනාශ කළා. ස්වර්ණමාලි මහා චෛත්‍ය පස් කන්දක් වුනා, අභයගිරිය පස් කන්දක් වුනා, ජේතවනය පස් කන්දක් වුනා, සේල චෛත්‍ය පස් කන්දක් වුනා, දීඝවාපිය පස් කන්දක් වුනා, සේරුවිල, සෝමාවතිය..ආදී සියළු වෙහෙර විහාරස්ථාන පස් කඳු බවට පත්වුනා. සිංහල බෞද්ධයන් හොයා හොයා මැරුවා. වැඩක් පලක් කළහැකි සියලු දෙනාගේ එක් අතක් හෝ පයක් කපා අත්හැරියා. මහාවංශයේ සඳහන් වෙනවා සිංහලයාගේ ඉතාම අවාසනාවන්ත යුගයක් කියල කාලිංඝමාඝ ගේ අවුරුදු 20 ත් ඉන් පසුව පැමිණි මාඝ පරම්පරාවේ අවුරුදු 70 ගණනක කාලය ත්. මේ කාලය තුල ලක් වැසියන්ව මිසදිටු කළා. එදා කාලිංඝමාඝ අපේ අවුරුදු දිනය නැති කළා. කාලිංඝමාඝ අපේ තිබුණු වෙසක් පුන් පෝය දවස නැති කරලා සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීමේ දෙමල අවුරුද්ද (අප්‍රේල් 14) රාජ්‍ය බලය යොදවලා සිංහලයගෙ අවුරුද්ද වශයෙන් පැනෙව්වා.
‘මේක තමයි නුඹලාගේ අවුරුද්දත්, සමරාපන්!’
එදා ඉඳල සිංහලයින් සමරණව අච්චාරු හදාගෙන. කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය. අපේ අය මේක දන්නෙ නෑ. ඒකට බුද්ධාගම යන්තම්වත් සම්බන්ධයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්තම්වත් සම්බන්ධයක් නෑ. අන්තිමට වෙහෙර විහාරස්ථාන වලට පවා නියෝග කළා මේ අවුරුද්ද (හින්දු අවුරුද්ද) සමරපන් කියල. භික්ෂූන් වහන්සේලාට සිදුවුනා හින්දු ආධිපත්‍ය ට යටත් වෙන්ට. ඉන්පසු එය නැවත ඉස්මතු කළා රාජසිංහ රජතුමා. දැන් මහා ඉහලින් සමරන්නේ කාලිංඝමාඝ විසින් මේ ජාතිය විනාශ කරලා බලෙන් අපි මත පටවපු මේ දෙමළ අවුරුද්ද යි. ගොඩක් දෙනෙක් මේ ගැන දන්නෙ නෑ.ඔහේ සමරනවා.
අපේ ජාතිය ආර්ය ජාතියක්, ඒ දෙමල අවුරුද්ද තුල තියෙන්නේ ආර්ය චාරිත්‍ර නෙවෙයි අනාර්ය චාරිත්‍ර
ආර්ය චාරිත්‍ර තුල, තුනුරුවන් වැඳීම, සීල සමාධි ප්‍රඥා, දන් දීම.. මේ වගේ උතුම් ගුණ තියෙන්නෙ.
අරකෙ කිසි දෙයක් නෑ ගෝනි වල බැහැගන දුවනවා, ඇස් වහගෙන මුට්ටි බිඳිනවා, තරඟෙට බොරු කියනවා.. මෙවැනි අනාර්ය චාරිත්‍රයන් හි යෙදෙමින් ඔවුන් ලාමක සතුටක් ලබනවා.
ඒ වගේ බෙලහීන ජාතියක් බිහිවෙලා දැන් අවුරුදු 900කට වැඩි කාලයක් වෙනවා. දිගින් දිගටම ඒ ජාතිය පෘතුගීසි යටතේ ලන්දේසි යටතේ ඉංග්‍රීසි යටතේ හානි වෙවී ගිහින් දැන් බොහොම දුක්ඛිත තත්වයක තමයි ඒ ජාතිය සිටින්නේ.
ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන්න පහල වුනු ජාතියට සිද්ධ වෙච්ච විපත තමයි මේ...
- අතිපූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කල ධර්ම දේශනයක් ඇසුරින් සම්පාදිතයි -