කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..

    මීට අවුරුදු 900ක ට පමණ පෙර යුගයේ වරෙක පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන් වහන්සේ විසින් මේ මහාර්ඝ වූ බුද්ධ භූමිය පරසතුරු ආක්‍රමණ පරදවලා එක්සේසත් කලා. එතුමන් විසින් අවුරුදු 30 ක් 35 ක් වැනි කාලයක් ශ්‍රී ලංකාව එක් ධජයක් යටතේ පාලනය කරමින් මේ ශ්‍රේෂ්ට දිවයින සියල්ලෙන් සමෘධ කළා. සියළු දෙනාම දිවි දෙවැනි කොට තෙරුවන් සරණ තුල පිහිටා කටයුතු කළා. ගෞතම බුදුරජාණන් වහන්සෙගේ සාම සංදේශය පැතිරෙව්වා. මහාවංශය ට අනුව අපේ කුමක්දෝ සසරෙ අවාසනාවන්ත යුගයක් ආව. දරුණු පාලකයෙක් මිත්‍යා දෘෂ්ටික සේනාවක් සමඟ ගෞතම ශාසනය විනාශ කිරීමේ අපේක්ෂාවෙන් දඹකොලපටුන ට ගොඩබැස්සා. ඒ තමයි කාලිංඝමාඝ. වෙහෙර විහාර සියල්ල විනාශ කළා. ස්වර්ණමාලි මහා චෛත්‍ය පස් කන්දක් වුනා, අභයගිරිය පස් කන්දක් වුනා, ජේතවනය පස් කන්දක් වුනා, සේල චෛත්‍ය පස් කන්දක් වුනා, දීඝවාපිය පස් කන්දක් වුනා, සේරුවිල, සෝමාවතිය..ආදී සියළු වෙහෙර විහාරස්‌ථාන පස් කඳු බවට පත්වුනා. සිංහල බෞද්ධයන් හොයා හොයා මැරුවා. වැඩක් පලක් කළහැකි සියලු දෙනාගේ එක් අතක් හෝ පයක් කපා අත්හැරියා. මහාවංශයේ සඳහන් වෙනවා සිංහලයාගේ ඉතාම අවාසනාවන්ත යුගයක් කියල කාලිංඝමාඝ ගේ අවුරුදු 20 ත් ඉන් පසුව පැමිණි මාඝ පරම්පරාවේ අවුරුදු 70 ගණනක කාලය ත්. මේ කාලය තුල ලක් වැසියන්ව මිසදිටු කළා. එදා කාලිංඝමාඝ අපේ අවුරුදු දිනය නැති කළා. කාලිංඝමාඝ අපේ තිබුණු වෙසක් පුන් පෝය දවස නැති කරලා සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීමේ දෙමල අවුරුද්ද (අප්‍රේල් 14) රාජ්‍ය බලය යොදවලා සිංහලයගෙ අවුරුද්ද වශයෙන් පැනෙව්වා.

    ‘මේක තමයි නුඹලාගේ අවුරුද්දත්, සමරාපන්!’

    එදා ඉඳල සිංහලයින් සමරණව අච්චාරු හදාගෙන. කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය. අපේ අය මේක දන්නෙ නෑ. ඒකට බුද්ධාගම යන්තම්වත් සම්බන්ධයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යන්තම්වත් සම්බන්ධයක් නෑ. අන්තිමට වෙහෙර විහාරස්‌ථාන වලට පවා නියෝග කළා මේ අවුරුද්ද (හින්දු අවුරුද්ද) සමරපන් කියල. භික්ෂූන් වහන්සේලාට සිදුවුනා හින්දු ආධිපත්‍ය ට යටත් වෙන්ට. ඉන්පසු එය නැවත ඉස්මතු කළා රාජසිංහ රජතුමා. දැන් මහා ඉහලින් සමරන්නේ කාලිංඝමාඝ විසින් මේ ජාතිය විනාශ කරලා බලෙන් අපි මත පටවපු මේ දෙමළ අවුරුද්ද යි. ගොඩක් දෙනෙක් මේ ගැන දන්නෙ නෑ.ඔහේ සමරනවා.
    අපේ ජාතිය ආර්ය ජාතියක්, ඒ දෙමල අවුරුද්ද තුල තියෙන්නේ ආර්ය චාරිත්‍ර නෙවෙයි අනාර්ය චාරිත්‍ර
    ආර්ය චාරිත්‍ර තුල, තුනුරුවන් වැඳීම, සීල සමාධි ප්‍රඥා, දන් දීම.. මේ වගේ උතුම් ගුණ තියෙන්නෙ.
    අරකෙ කිසි දෙයක් නෑ ගෝනි වල බැහැගන දුවනවා, ඇස් වහගෙන මුට්ටි බිඳිනවා, තරඟෙට බොරු කියනවා.. මෙවැනි අනාර්ය චාරිත්‍රයන් හි යෙදෙමින් ඔවුන් ලාමක සතුටක් ලබනවා.
    ඒ වගේ බෙලහීන ජාතියක් බිහිවෙලා දැන් අවුරුදු 900කට වැඩි කාලයක් වෙනවා. දිගින් දිගටම ඒ ජාතිය පෘතුගීසි යටතේ ලන්දේසි යටතේ ඉංග්‍රීසි යටතේ හානි වෙවී ගිහින් දැන් බොහොම දුක්ඛිත තත්වයක තමයි ඒ ජාතිය සිටින්නේ.
    ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන්න පහල වුනු ජාතියට සිද්ධ වෙච්ච විපත තමයි මේ...

    - අතිපූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කල ධර්ම දේශනයක් ඇසුරින් සම්පාදිතයි -​
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    දැන් රැවටුනා ඇති.


    අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්ය කිය කිය අපි සමරන්නේ් දෙමල බමුණන්ගේ විකාරයක්.

    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව, නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි. මහා වංශයේ ඔීක පැහැදිලිව සදහන් වෙනවා.


    සිංහල බ‍ෞද්ධ අපේ මහා මංගල්‍යය තමයි වෙසක් උත්සවය.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    10 වෙනි සියවසෙන් පස්සේ හිරු දෙවියන් වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත විය. මෙය බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කල වන්දනා ක්‍රමයක්. අනුරාධපුර යුගයෙන් පසු එනම් 10 වෙනි සියවසෙන් පසු තමයි ඉන්දියාවෙන් ලංකාවේ බලය අල්ල ගන්න ඉන්දීය හමුදා ඇවිත් තියෙන්නේ.

    මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පස්සේ සිදුවුන කාලිංග දේශයෙන් උපන් බමුණෙක් වන උපන් මාඝ ගේ ආක්‍රමණයෙන් තමයි ඔය සුර්ය වන්දනාව ලංකාවට ආවෙ. ඒක මහාවංශ‍යේ සදහන් වෙන්නේ මාඝ නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍යය නැමැති මහා වනය පෙලන්නට බොහෝ යෝධයන් නැමැති ලැව්ගිණි මෙහෙයවුයේය.

    ලෝකයාට පීඩා කරන්නන් වු ඔහුගේ කෘර මහා යෝධයෝ අපි කේරළ යෝදයම්හ යැයි උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්හ, බොහෝ කල් පාලනය කරන ලද්දාවු කුලාචාර (රාජ පරම්පරාව) කඩ කලහ. හස්ත පාදාදී කැපූහ. (සිංහලයන්ව මරා දමන ලදී). බොහෝ ගෙවල් බිදපූහ. ගවමහීෂාදීන් තමා අයත් කොට බැදපූහ. මහා ධනවත් වු ආර්‍ය්‍ය ජනයා බැද කෛාට සියලු බොහෝ වු චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙලුහ. දරුවන් තැලූහ. ජනයා ලවා බර ඉසිලූහ, බොහෝ කාර්යය කරවුහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ථ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිරූහ. ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස් වු මහා චෛත්‍යය හෙලමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවයට සමාන වු ‍බොහෝ ශාරීරක ධාතුන් වහන්සේලා අතුරුදන් කලහ. මෙසේ දුෂ්ඨ ඇත්තා වු මාර යෝධයන් සමාන ද්‍රවිඩ යෝධයෝ සසුනද නැසූහ. ඉකිබිති පුලතිසි නම් පුරය සර්වප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රමබාහු නම් එවකට සිටි ඉන්දිය ද්‍රවිඩ පඩි රජුගේ ඇස් උපුටා මැරූහ. මුතු වෙරලු මිණි ආදී සියලු ධනය පැහැරගත්හ. ඒ කාලිංග මාඝ රජුහු මානාභරන ආදියේ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයේ අභිෂේක කලහ. මෙසේ නරේන්ද්‍රතෙම (මාඝ) රට හස්තප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේක කොට පො‍ලොන්නරුවේ විසුහ.
    ඒ මහීපාල‍ (මාඝ) තෙම මහත් ජනයා මිස දිටු ගන්වා අමිශ්‍ර වු සතර කුලයේ ජනයා අත්‍යත්‍යයෙන් මිශ්‍ර කලේය. සිංහලයනට අයත් ගම්කෙත් ගෘහාරාම දාස මහීෂ සියල්ල කේරලයන්ට දෙවීය. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කලේය. එතෙමේ බුදුන් අයත් වු එසේම දහම් සග අයත් වු ධනය අරගෙන නරකයට යනු පිණිස බොහෝ පවු ඉපදවුයේය. මාඝ නම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට එක් විසි වසක් ලක් දිව රාජ කරවීය.


    මෙන්න මේ විසි එක් වසර තුල තමයි අපේ ‍මහා උත්සවය වන වෙසක් උත්සවය නැති වෙලා සුර්ය මංගල්‍යය ආවේ.
    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: ctooi

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් රැවටුනා ඇති.


    අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්ය කිය කිය අපි සමරන්නේ් දෙමල බමුණන්ගේ විකාරයක්.

    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව, නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි. මහා වංශයේ ඔීක පැහැදිලිව සදහන් වෙනවා.


    සිංහල බ‍ෞද්ධ අපේ මහා මංගල්‍යය තමයි වෙසක් උත්සවය.
    හිනා ගියා ඔයි. වෙසක්... අඩු තරමේ පොසොන් නම් තව හිතුවැකි. වෙසක් උත්සවේ කොහෙද ඔයි සින්හල වෙන්නේ. තෙමගුලෙන් එක මගුලක් වත් ලන්කාවේ උනැයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හිනා ගියා ඔයි. වෙසක්... අඩු තරමේ පොසොන් නම් තව හිතුවැකි. වෙසක් උත්සවේ කොහෙද ඔයි සින්හල වෙන්නේ. තෙමගුලෙන් එක මගුලක් වත් ලන්කාවේ උනැයි.

    හිනා යන්නේ පුකෙන් ඔයි. සිංහලයට සිංහල කියන වචනෙවත් හරියට ලියාගන්න බැරි හැටි.

    සිංගලය කොහොම වෙතත් බෞද්ධ අපේ මහා උත්සවය වෙසක් තමයි තම්බී

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    අලුත් අවුරුදු උත්සවය සහ කාලිංග මාග අතර සම්බන්දයක් මම දන්නේ නැහැ. ඒ ගැන ඉතිහාස පොත්වල තියෙනවනම් මෙතන කවුරුහරි පෙන්නන්න. කාලිංග මාග පටන් ගත්තත් අවුරුදු උත්සවය අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ සංස්කෘතියේ අංගයක්. නැකත් ගැන මගේ පුද්ගලික විවේචනයක් තිබ්බත් අවුරුදු උත්සවය කියන්නේ මුළු රටම එකට සමරන අති විශාල සංස්කෘතික මංගල්‍යයක්. එක හෙළාදකිම නොකළ යුතු දෙයක්.
    මෙහෙත් ඔය කතාව ඊයේ පෙරේද අහන්න ලැබුන මහමෙවුනාවට සම්බන්ද කට්ටියගෙන්. ඒ ගොල්ලෝ අන්දයන් වගේ කියන ඕන දෙයක් පිළිපදින වග නම් පෙනී යනවා
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිනා යන්නේ පුකෙන් ඔයි. සිංහලයට සිංහල කියන වචනෙවත් හරියට ලියාගන්න බැරි හැටි.

    සිංගලය කොහොම වෙතත් බෞද්ධ අපේ මහා උත්සවය වෙසක් තමයි තම්බී

    හොදයි හොදයි... පුකේ ඉදන් හිනා ඔයාට. ස්‍රි ලන්කාව ගැන. සුද්දට ඔනා උනාම සිලොන් කිව්ව, ඊට පස්සේ ස්‍රි ලන්කා උන ලන්කාව ගැන හරි සතුටුයි. ඉන්දියාවේ ඉදන් ආපු බුදු දහම හොදා, සින්හල අවුරුදු අප්සෙට්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    හොදයි හොදයි... පුකේ ඉදන් හිනා ඔයාට. ස්‍රි ලන්කාව ගැන. සුද්දට ඔනා උනාම සිලොන් කිව්ව, ඊට පස්සේ ස්‍රි ලන්කා උන ලන්කාව ගැන හරි සතුටුයි. ඉන්දියාවේ ඉදන් ආපු බුදු දහම හොදා, සින්හල අවුරුදු අප්සෙට්.

    ඔවු මචන්

    අවුරුද්දට බීලා නැසෙන ජීවිත වලට වඩා
    අවුරුදු මේසෙට එන්න මරන සත්තුන්ට වඩා
    බමුණන්ගේ මැනුවල් අනුව නැකැත් වැඩ කරනවට වඩා

    මට නම්

    දන්සල් දෙන පන්සල් යන වෙසක් උත්සවේ හොදා
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය හාමුදුරුවන්ගෙ කතානම් මම පිළිගන්නෙ නෑ. ඒත් නවීන විද්‍යාවෙන් මෙච්චර පරීක්ෂණ කරල අවුරුද්ද පටන් ගන්න දවස විදිහට ජනවාරි 1 ලස්සනට දීල තියෙද්දි මේ යල් පැනගිය කේන්දර මගුලකින් අප්‍රේල් 14 අපි මොන මගුලට සමරනවද කියල මන් දන්නෙ නෑ. මේව තනිකර බොරු. අවුරුද්ද පටන් ගන්නෙ ජනවාරි 1.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවු මචන්

    අවුරුද්දට බීලා නැසෙන ජීවිත වලට වඩා
    අවුරුදු මේසෙට එන්න මරන සත්තුන්ට වඩා
    බමුණන්ගේ මැනුවල් අනුව නැකැත් වැඩ කරනවට වඩා

    මට නම්

    දන්සල් දෙන පන්සල් යන වෙසක් උත්සවේ හොදා
    කොහෙද බොස් අවුරුද්දට බොන්න කියලා තියෙන්නේ. කොහෙද මස් මරලා මේසෙට ගේන්න අවුරුදු කැම කියලා. ඒ වගේම කියපන් උබ ඔය පූජිත විදියට කෙරෙන වෙසක් එකට කොල්ලො බීලා දන්සැල් ලග ඉන්නේ නැද්ද? කරවල එක්ක බත් දෙන්නේ නැද්ද දන්සැල්වල. එතකොට උබ කිව්ව පොයින්ට් දෙකම උත්සව දෙකේම තියෙනවා බ්‍රො..

    :lol::lol::lol::lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    කොහෙද බොස් අවුරුද්දට බොන්න කියලා තියෙන්නේ. කොහෙද මස් මරලා මේසෙට ගේන්න අවුරුදු කැම කියලා. ඒ වගේම කියපන් උබ ඔය පූජිත විදියට කෙරෙන වෙසක් එකට කොල්ලො බීලා දන්සැල් ලග ඉන්නේ නැද්ද? කරවල එක්ක බත් දෙන්නේ නැද්ද දන්සැල්වල. එතකොට උබ කිව්ව පොයින්ට් දෙකම උත්සව දෙකේම තියෙනවා බ්‍රො..

    :lol::lol::lol::lol:


    උඹ කිව්ව වගේම පොයින්ට්ස් දෙකම අවුල්. එහෙත් Quantities වල පොඩි අවුලක් තියෙනව නේද?
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ කිව්ව වගේම පොයින්ට්ස් දෙකම අවුල්. එහෙත් Quantities වල පොඩි අවුලක් තියෙනව නේද?
    බුදු දහමේ කොහෙද බ්‍රො කොන්ටිටිස් වලින් පව් පින් බෙරන්නේ. ඒ පොයින්ට් එකත් ඉන්වැලිඩ්. එක හරකෙක් මරුවත් පව්. හරක් දුසිමක් මැරුවත් පව්. කොන්ටිටිවලින් පව් පින් තොරන්නේ නැ අයුබොන්. ඉගෙන ගනින්..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    බුදු දහමේ කොහෙද බ්‍රො කොන්ටිටිස් වලින් පව් පින් බෙරන්නේ. ඒ පොයින්ට් එකත් ඉන්වැලිඩ්. එක හරකෙක් මරුවත් පව්. හරක් දුසිමක් මැරුවත් පව්. කොන්ටිටිවලින් පව් පින් තොරන්නේ නැ අයුබොන්. ඉගෙන ගනින්..

    Grow up child.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අවුරුදු උත්සවය අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ සංස්කෘතියේ අංගයක්. නැකත් ගැන මගේ පුද්ගලික විවේචනයක් තිබ්බත් අවුරුදු උත්සවය කියන්නේ මුළු රටම එකට සමරන අති විශාල සංස්කෘතික මංගල්‍යයක්. එක හෙළාදකිම නොකළ යුතු දෙයක්.

    :yes::yes::yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලමාකාලයක් හරියට නොතිබුනු අයට තමයි මෙහෙම අදහස් පතුරන්න ඕනකම තියෙන්නෙ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Grow up child.
    ඉන්ග්‍රේසි එපා. මේ ත්‍රේඩ් එකේ පොයින්ට් උබ ගෙනාපු ඔක්කොම ඉන්වැලිඩ්. හෙලුවෙන් වනපන් මචන්. බැරි උනාම ඉන්ග්‍රිසි කිව්වට බෙරෙන්නබැ. දැන් කියපන් කොන්ටිටි අනුව අපායේ යන්නේ වෙසක් සැමරුවමද අවුරුදු සැමරුවමද? කොන්ටිටි මත කුකුලට පොයින්ට්ස් කීයද? හරකට පොයින්ට්ස් කියද? හාල්මැස්සට කීයද? බිත්තරේට කීයද? හාල් හුන්ඩුවට කීයද? මේවට පව් අනුව අවරොහන ක්‍රමේට පෙලගස්වන්න. ඉක්මනින්ම කලොත් හොට් සීට් එකට එන්න පුලුවන්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    බුදු දහමේ කොහෙද බ්‍රො කොන්ටිටිස් වලින් පව් පින් බෙරන්නේ. ඒ පොයින්ට් එකත් ඉන්වැලිඩ්. එක හරකෙක් මරුවත් පව්. හරක් දුසිමක් මැරුවත් පව්. කොන්ටිටිවලින් පව් පින් තොරන්නේ නැ අයුබොන්. ඉගෙන ගනින්..

    පොයින්ට් එක එතන නෙවෙයි බබෝ.

    අවුරුද්දට ව‍‍ගේ වෙසක් එකට සත්තු ගොඩාක් මරන්නේ නැහැ. මස් කඩත් වහනවා

    අවුරුද්දට ව‍‍ගේ වෙසක් එකට ‍ගොඩක් බොන්නේ නැහැ. බාර් වහනවා

    ග්‍රෝ අප් බබෝ.
     

    dilchi16

    Junior member
  • Aug 27, 2016
    34
    21
    18
    සිංහල අලුත් අවුරුද්ද ලබන නැකත (දැන් ගන්නෙ රාශි මාරුව උනාට ) මම අහල තියෙන විදිහට, ඉස්සර කාලේ අරන් තියෙන්නේ මන්නාරමට ඉර මුදුන් වෙන වෙලාවලු. මහා සම්මත මනු මහ රජ්ජුරුවන්ගේ අගනුවරට. ඔක කියුවෙ අපේ මුත්ත. ඒ කියපු විදිහට විදිහට විවිද නම් වලින් (අලුත් සහල් මංගල්ලය වගේ) අපි අවුරුද්ද සමරල තියෙනවා අපේ පලවෙනි රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා. ඒ හින්ද හොයලා බලලා කථා කරන්ඩ. මහමෙඋනාවට කඩේ ගියාට ඉතිහාසය වෙනස් වෙන්නෙ නෑ.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොයින්ට් එක එතන නෙවෙයි බබෝ.

    අවුරුද්දට ව‍‍ගේ වෙසක් එකට සත්තු ගොඩාක් මරන්නේ නැහැ. මස් කඩත් වහනවා

    අවුරුද්දට ව‍‍ගේ වෙසක් එකට ‍ගොඩක් බොන්නේ නැහැ. බාර් වහනවා

    ග්‍රෝ අප් බබෝ.
    ගොන් බබො (වස්සෝ ) ඒ පොයින්ට් එකත් ඉන්වැලිඩ්. නානවා නැමක් රජ.. යකො වෙසක් එකටත් මස් කඩ වහලා.. හෙට අවුරුදු දාටත් වහලා. වෙසක් එකටත් බාර් වහලා. හෙට අවුරුදු දවසටත් බාර් වහලා. සො ලොකු ෆොන්ට් එකෙන් ගැහුවට එපික් ෆේල් පොයිට් එක.