පිස්සුද බන් ඕකුන් එහෙම නඩු දාන්නෙ නැහැ, ඔය වගේ ඒව සෝශල් මීඩියා දාන්නම ඕන, ඕකුන් එහෙම දානවට බයේ තමයි ඔය නඩු කතාව කියන්නෙ
අපිට අසාධාරනයක් උනාම ඒක සෝශල් මීඩියා දාන්න බැරි නීතියක් ඇති කියලා මම හිතන්නෙ නැහැ, නීතියක් තිබ්බත් උන්ගෙ අතේ වැරැද්දක් තියන නිසා මම හිතන්නෙ නැහැ ඔහොම නඩු දාල දිනන්න පුලුවන් කියලා, නඩු දැම්මා කියලා ආයෙ සෝශල් මීඩියා වල ගියාට පස්සෙ උන්ට ආයෙ මේ ලංකාවෙ බිස්නස් කරන්න හම්බෙන්නෙ නැහැනේ බන්,
මම පර්සනලි එකම එක වතාවක් ඔහොම කේස් එකක් FB එකේ දැම්මා පැය දෙකක් ගියේ නැහැ මට කෝල් එකක් දීල වොරන්ටි වැඩේ කරලා දුන්නා, හැබැයි මට කිවුවා පෝස්ට් එක අයින් කරන්න කියලා, මම අයින් කරේ නෑ පෝස්ට් එකටම අප්ඩේට් එකක් දැම්ම මෙහෙම වැඩේ කරලා දුන්නා කියලා
පස්සෙත් දෙපාරක් විතර කෝල් කරලා අයින් කරන්න කිවුවා මම බැහැ කිවුවට පස්සෙ උන් ආයෙ කතා කරේ නැහැ
මේකම මගේ යාලුවකුත් කරලා තිබ්බා, ඇත්තටම ඌ කරපු දේ දැකල තමයි මාත් කරේ, TV එකකට ඌටත් FB දැම්මට පස්සෙ ගෙදරටම ඇවිත් ටීවි එක අරන් ගිහින් හදලා දීලා ආයෙ පෝස්ට් එක අයින් කරන්න කියලා කියලා තිබ්බා ඌ අයින් කරෙත් නැහැ.