කෑගලු දිස්ත්‍රික්කයේ පුංචි නුවරඑළියට යම&

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    කෑගලු දිස්ත්‍රික්කයේ පුංචි නුවරඑළියට යම&

    Punchi-NuwaraEliya.jpg

    අපි බොහෝ දෙනෙක් නුවරඑළිය ගැන දන්නවා; ඒ වගේම බොහෝ දෙනෙක් ජීවිතයේ එක වරක් හෝ නුවරඑළියට යන්නත් ඇති; නමුත් පරිසර ලෝලීන් ‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සිසිල් සුවදායක කඳුකර පරිසරයක් කෑගල්ල දිස්ත්‍රික්කයේත් තියන බව ඔබ දන්නවාද ? මේ ප්‍රදේශය හඳුන්වන්නේ උඩපැලම්පිටිය නමින්. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ ඉඳන් දේදුගල පාරේ කිලෝමීටර් විස්සක දුරක් යන ඔබට මේ පුංචි නුවරඑළියට සේන්දු වෙන්න පුළුවන්. මේක කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති වුණාට මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ කඳවලට අතිශයින් සමීප ගමක්. නුවරඑළිය දිස්ත්‍රික්කයටත් තරමක් සමීපයි.
    ඔබ මේ පුංචි නුවරඑළියට යනවා නම් ඒ අතරමග ඇති දේදුගලටත් ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා; අපේ රටේ බොහෝ ගම්මාන නගර බවට පත්වෙන අතරේ මේ දේදුගල නගරය දැන් ගමක් බවට පත් නගරයක්. ඉංග්‍රීසින් තේ වගාව ඇරඹූ සමයේ නගරාංග රැසකින් සමන්විත වෙලා තිබුණු දේදුගල 1970 දශකයේ වතු ආර්ථිකය බිඳවැටීමත් සමග පිටිසර ගම්මානයක් බවට පත්වෙලා. අපි යනකොට දේදුගල මහ වීදිය මැද පාර පාරෙ බලු රාළලා කීප දෙනෙක් සනීපෙට නිදි. ඉතින් ඒකෙන්ම හිතාගන්නකෝ මේ නගරයේ ජනාකීර්ණ බව.
    දේදුගල ඉඳන් උඩපැලම්පිටියට කිලෝමීටර් හතක් විතර තියනවා; ඒ කිලෝ මීටර් හත ඇතුළත භූ විෂමතාව මුහුදු මට්ටමින් අඩි දෙදහස් හත්සියක් දක්වා ඉහළ යන නිසා ඒ ඒක ශීඝ්‍ර බෑවුමක් සහිත පාරක්.


    Punchi-NuwaraEliya1.jpg


    බුලත්කොහුපිටියේ ඉඳන් උඩපැලම්පිටියට යන මග අද්දර දර්ශනීය දිය ඇලි කිහිපයක් තිබෙනවා. ඒ මාර්ගයේ මුලින්ම රිකිලි ඇල්ල නම් පුංචි දිය ඇල්ලක් හමුවෙනවා. ඊළඟට හමුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දියඇලි අතරට ගැනෙන නළඟන ඇල්ල. හැබැයි ඒ ඇල්ල නරඹන්න නම් ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් පන්සීයක් විතර ඇතුළට යන්න වෙනවා.
    ඒ මාර්ගයේ දී හමුවන තුන්වන ඇල්ල තමයි දේදුගල කිට්ටුව ඇති රුක්මල් ඇල්ල; ඊළඟට දිය ඇල්ලක් දකින්න ලැබෙන්නේ උඩපැලම්පිටියෙදී ඒකට කියන්නේ දිය ඇගිරෙන ඇල්ල කියලා.
    නුවරඑළියේ තරම් තද ශීතලක් නැතත් පරිසරවේදීන් උඩපැලම්පිටියට පුංචි නුවරඑළිය කියන්න හේතු ගණනාවක් තියනවා. ඉන් එකක් තමයි හොඳට අව්ව පායලා තියන ඒ ප්‍රදේශය එක්වරම වැහි අඳුරකින් සහ තද මිහිදුමකින් වැසී යාම. ඒ වගේම දොළොස් බාගේ කඳු දෙසින් වරින්වර හමා එන සිසිලැල් සුළං නිසා ඒ ආශ්‍රිත පරිසරය ගතට වගේම සිතටත් සිසිලසක් දීමට සමත්.
    මේ උඩපැලම්පිටියේ ඉඳලා මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ නගරයට තියෙන්නේ කිලෝමීටර් පහක් විතරයි. නමුත් කඳු වැටි සහ ප්‍රපාතාකාර බෑවුම් අතරින් වැටිලා තියන මේ මාර්ගය තවමත් සම්පූර්ණයෙන් තනා නැහැ. කෑගල්ල, බුලත්කොහුපිටිය හරහා නුවරඑළිය දක්වා අලුතින් තැනෙන මහාමාර්ගයක මුල් අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. ඒ කොහොම හරි මේ මාර්ගය තනා නිමවුණු පසුව කොළඹ නුවරඑළිය අතර දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිහකින් විතර අඩු වන බවක් කියැවෙනවා.

    Punchi-NuwaraEliya2.jpg



    උඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන තැන හරිම අපූරු ස්වාභාවික ක‍පොල්ලක් පිහිටා තිබෙනවා. මේ ස්ථානයේ සිට බලනකොට සිරිපා කඳුවැටිය අතේ දුරින් වගේ දැක ගන්න පුළුවන්. ඒ වගේම මිහිදුමින් තොර රාත්‍රී කාලවලදී කොළඹ නගරයේ ආලෝකය ද මේ ක‍පොල්ලට එපිටින් දර්ශනය වන බව ගම්මුන් කියනවා. ඒ කෙසේ හෝ තවමත් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ විශාල පැමිණීමක් නැති නිසා උඩපැලම්පිටියේ සංචාරක පහසුකම් නම් නැහැ. ඒ නිසා මේ ගමනේදී නවාතැන් පහසුකම් ලබා ගත හැක්කේ කිලෝමීටර් විස්සක් දුරින් පිහිටි බුලත්කොහුපිටියෙන්ම තමයි. ඒ කොහොම වුණත් පරිසර දූෂණයෙන් කිළිටි නොවූ සොබාදහමේ අසිරියෙන් නොඅඩු පරිසරයක දවසක් ගත කිරීමට සිහින මවන ඔබට කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පුංචි නුවරඑළිය හෙවත් උඩපැලම්පිටිය ඒ සඳහා කදිම සොඳුරු පාරාදීසයක් වනු ඇති.

    Punchi-NuwaraEliya3.jpg


    Punchi-NuwaraEliya4.jpg


    Punchi-NuwaraEliya5.jpg


    Punchi-NuwaraEliya6.jpg


    Punchi-NuwaraEliya7.jpg


    Punchi-NuwaraEliya8.jpg


    Punchi-NuwaraEliya9.jpg




    උපුටා ගැනීම ලක්බිම.කොම් මගිනි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    මේ තමයි මම ලංකාවේ ගිහින් තියන ලස්සනම පාර. අය්යගේ වත්තක් තියනවා දොළොස්බාගේ. සෝ මේ පාරෙන් මම ගොඩක් වෙලාවට යනවා එනවා. මේ පාරේ ලස්සන ගැන වචනයෙන් කියන්න බැහැ. ගිහින්ම බලන්න ඕනි. පාරේ මොනවා හරි දැනගන්න දෙයක් තියනවා නම් අහන්න සහෝදරවරුනි.
     
    • Like
    Reactions: sudu23

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    යන්න ඕනි දවසක...


    TFS
    Nice...

    shaha niyamaine.............

    fattta rep++



    මේ තමයි මම ලංකාවේ ගිහින් තියන ලස්සනම පාර. අය්යගේ වත්තක් තියනවා දොළොස්බාගේ. සෝ මේ පාරෙන් මම ගොඩක් වෙලාවට යනවා එනවා. මේ පාරේ ලස්සන ගැන වචනයෙන් කියන්න බැහැ. ගිහින්ම බලන්න ඕනි. පාරේ මොනවා හරි දැනගන්න දෙයක් තියනවා නම් අහන්න සහෝදරවරුනි.

    yanna one. me pawilla nathi unama

    Ado patta. 9+

    යන්න ඕනි දවසක... :P

    Rep add
     
    • Like
    Reactions: pathumdc