..:: කෑගහන්නෙ මොකටද ::...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ..:: කෑගහන්නෙ මොකටද ::...

    උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ.

    “හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ.

    අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර මාළු දීසිය මුලින්ම අතට ගෙන එහි වූ මාළු කෑලි දෙකෙන් ලොකු කෑල්ල තෝරා එය තම පිඟානට බෙදා ගත්තේය. එය බලා සිටි පියල්ට ඇතිවුණේ තද කෝපයකි.

    “මොකක්ද බං ඒ කරපු කැත වැඩේ? උඹ නං මැනර්ස් කියන දේවල් නමටවත් දන්නෙ නැති මිනිහෙක්.” පියල් කීවේ කලකිරීමෙනි.

    “හොඳයි උඹ මුලින්ම බෙදා ගත්ත නං ගන්නෙ මොන මාළු කෑල්ලද?” ජයසේකර ඇසීය.

    “මං උඹ වාගෙ බාල වැඩ කරන්නෙ නෑ. මං එහෙම නං බෙදා ගන්නෙ පොඩි මාළු කෑල්ල” පියල් කීය.

    “හරි එහෙම නං කෑනොගහ කාපංකො. දැන් උඹට පොඩි කෑල්ල දැනුත් තියෙන්නෙ.” ජයසේකර පාන් කමින් කීවේය.

    මෙන්න මේක බලපල්ලකෝ,, මට ඔෆිස් එකේදිම බකස් ගාලා හිනා ගියා..
    http://www.elakiri.com/forum/showpost.php?p=12068525&postcount=13
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ප්‍රීතිමත් පවුලක රහස

    “කොහොමද බං උඹලා ගෝරි බෝරි නැතුව කිරි පැණි වගෙ පවුල් කන්නෙ?” ධම්මික සේවා සංගමයේ මාසික රැස්වීමේදී නිහාල් ගෙන් ඇසුවේ තමා සමඟ නිතර අඬදබර ඇති කරගන්නා තම බිරිඳ සිහි කරමිනි.

    ”ඒකෙ රහස මේකයි ධම්මික. අපේ ගෙදර සිල්ලර ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ අනෝමා. බැරෑරුම් ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම. ඒ එකඟත්වය හින්දා අපි අතර ගැටුම් ඇත්තෙම නැති තරම්.” නිහාල් සිනාසී පිළිතුරු දුන්නේය.

    “මොනවද ඔය සිල්ලර ප්‍රශ්න?” ධම්මික ඇසුවේ තද කුතුහලයෙනි.

    “අපි කන්නෙ බොන්නෙ, අඳින්නෙ පලඳින්නෙ මොනවද? යන්නෙ එන්නෙ කොහෙද? ගෙදරට වියදම් කරන්නෙ මොනවගෙ දේවල්වලට ද? ඔන්න ඔය වගෙ සිල්ලර දේවල්වලදි තීරණ ගන්නෙ අපේ අනෝමා.” නිහාල් පැහැදිලි කළේය.

    “එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ?” ධම්මික උනන්දුවෙන් ඇසීය.

    “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ රටට සුදුසුද?, ද්‍රවිඩ සංවිධානෙ එක්ක තවදුරටත් සාකච්ඡා කරනවද? ඛකො එක විශ්වවිද්‍යාල ප්‍රවේශයෙදි අනාගතයටත් යොදා ගන්නවද? මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනවද? ඔය වගෙ බරපතළ ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම” නිහාල් කීවේ ආඩම්බරයෙනි.
     
    • Like
    Reactions: nalaka526

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විචාරකයෝ තිදෙනෙක්

    බිහිරෙක්, අන්ධයෙක්, සහ කොරෙක් ලුම්බිණී රඟහලේ දී කීර්තිගේ නාට්‍යයේ මංගල දැක්ම නරඹා ශාලාවෙන් එළියට එමින් සිටියෝය.

    “මට නං මේ නාට්‍යයේ සංගීතය පලේ පල්. කියපු දෙයක් හරියට ඇහෙන්නෙවත් නැහැනෙ.” බිහිරා කීවේ නොසතුටෙනි.

    “ඇයි මේකෙ නැටුම්? මට කතාකළා නං මම හරියට නටලා පෙන්නනවා.” කොරා කිවේය.

    “ඔය ඔක්කොටම හපන් මේකෙ ලයිට්. මොන මගුලක්වත් හරියට පෙනුණ ද?” අන්ධයා කීවේ කෝපයෙනි.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ප්‍රීතිමත් පවුලක රහස

    “කොහොමද බං උඹලා ගෝරි බෝරි නැතුව කිරි පැණි වගෙ පවුල් කන්නෙ?” ධම්මික සේවා සංගමයේ මාසික රැස්වීමේදී නිහාල් ගෙන් ඇසුවේ තමා සමඟ නිතර අඬදබර ඇති කරගන්නා තම බිරිඳ සිහි කරමිනි.

    ”ඒකෙ රහස මේකයි ධම්මික. අපේ ගෙදර සිල්ලර ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ අනෝමා. බැරෑරුම් ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම. ඒ එකඟත්වය හින්දා අපි අතර ගැටුම් ඇත්තෙම නැති තරම්.” නිහාල් සිනාසී පිළිතුරු දුන්නේය.

    “මොනවද ඔය සිල්ලර ප්‍රශ්න?” ධම්මික ඇසුවේ තද කුතුහලයෙනි.

    “අපි කන්නෙ බොන්නෙ, අඳින්නෙ පලඳින්නෙ මොනවද? යන්නෙ එන්නෙ කොහෙද? ගෙදරට වියදම් කරන්නෙ මොනවගෙ දේවල්වලට ද? ඔන්න ඔය වගෙ සිල්ලර දේවල්වලදි තීරණ ගන්නෙ අපේ අනෝමා.” නිහාල් පැහැදිලි කළේය.

    “එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ?” ධම්මික උනන්දුවෙන් ඇසීය.

    “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ රටට සුදුසුද?, ද්‍රවිඩ සංවිධානෙ එක්ක තවදුරටත් සාකච්ඡා කරනවද? ඛකො එක විශ්වවිද්‍යාල ප්‍රවේශයෙදි අනාගතයටත් යොදා ගන්නවද? මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනවද? ඔය වගෙ බරපතළ ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම” නිහාල් කීවේ ආඩම්බරයෙනි.
    :lol::lol::lol::lol:
    rep denna balu danma
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිවෙසෙන් පිට සමාගම්

    එක් රාජ්‍ය නොවන සංවිධානයක් වරක් අපූරු සමීක්‍ෂණයක් දියත් කළාය. එම සංවිධානයේ නිලධාරීහු නගරයේ තෝරාගත් පෙදෙසක නිවෙස්වල පිරිමි පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ ස්ත්‍රී සමාගමයන් පිළිබඳව ප්‍රශ්නාවලියක් ඔවුන් වෙත ඉදිරිපත් කළෝය.

    එම පිරිමි අය වෙත යොමුවූ එක් පැනයක් වූයේ ‘ස්ත්‍රී පුරුෂ සමාගමයෙන් අනතුරුව කුමක් කරන්නේද? යන්නයි. සමස්ත පිරිමින් ගෙන් 10% ක් කියා සිටියේ ඉන්පසු නින්දට යන බවය. තවත් 10% ක් පැවසුවේ කිසියම් සුළු ආහාරයක් ගන්නා බව හෝ කිසියම් සිසිල් බීමක් පානය කරන බවය. ඉතිරි 80% ම පවසා තිබුණේ එම සමාගමයෙන් පසු ගෙදර යන බවය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට අයිති නැහැ

    පළාත් සභාවට අලුතින් පත්වූ සෞඛ්‍ය ඇමැතිවරයා හා හා පුරා කියා තම පළාතේ ප්‍රධාන රෝහලක නිරීක්‍ෂණ චාරිකාවකින් තම රාජකාරි කටයුතු ඇරඹීය.

    රෝහල් බලධාරීහු ඇමැතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගෙන රෝහලේ වාට්ටු, ශල්‍යාගාර වෙත කැඳවාගෙන ගොස් එමගින් කෙරෙන සේවාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් ද කළෝය.

    අනතුරුව ඇමැතිවරයා කැටුව කොරිඩෝවකට පිවිසුණු රෝහල් අධ්‍යක්‍ෂවරයා නුදුරින් පෙනෙන තනි මහලේ ගොඩනැගිල්ලක් වෙත අත දිගුකොට මෙසේ කීවේය.

    ’සර් අරක තමයි අපේ ලේබර් රූම් එක. ඒක බලමු නේද?’

    ඇමැතිවරයා, රෝහල් අධ්‍යක්‍ෂ වෙත හැරී අප්‍රසාදයෙන් මෙන් මෙසේ කීවේය.

    ’අයිසෙ, මම මොකටද ඒක බලන්නෙ. අපිට කම්කරු ඇමැතිවරයෙක් ඉන්නවනෙ. ලේබර් රූම් එක අයිති වෙන්ඩ ඕනෙ ලේබර් මිනිස්ටර්ට.’
     
    • Like
    Reactions: Xcluzive89

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    සුදර්ශන එක් පාසල් නිවාඩු සමයෙක පිටිසර පෙදෙසක විසූ තම මාමාගේ නිවෙසට ගියේ එහි ගංගා, ඇළ දොළ, වනාන්තරවල අසිරිය නිවාඩු කාලය මුළුල්ලේම විඳීමේ අටියෙනි. ඔහු එහි ගොස් දින දෙක තුනකින් මයිලණුවන්ගේ අසල්වැසියෙක් මිය ගියේ ය. මාමා මළගෙදර ගියේ තම සිදාදියේ බෑණා ද සමඟය.

    එම නිවෙසේ සාලයේ තබා තිබූ මිනී පෙට්ටිය ඉදිරිපිට සිටගත් මාමා මෘත දේහයට ආචාර කොට, ශෝකාකූල හඬකින් මෙසේ පැවසුවේ .

    ’මේ සත්පුරුෂයා ජීවත්ව සිටි කාලය මුළුල්ලේ ම ආදර්ශවත් ජීවිතයක් ගත කළ, යහපත් පුරවැසියෙකි. ඔහු ගේ ආත්මය හොඳ ලෝකයක් කරා යනවාට කිසිම සැකයක් නැහැ.’

    ආපසු ගෙදර පැමිණි මාමා සුදර්ශන අමතා මෙසේ කීවේය.

    ’පුතේ මළගෙදරකට ගියාම පැත්තකට වෙලා ඉඳලා බෑ. මැරුණු තැනැත්තා ගැන වචනයක් දෙකක් කියල මෘත දේහයට ආචාර කරන්ඩ ඕනෙ. ඒකයි මේ පළාතේ සම්ප්‍රදාය.’

    සුදර්ශන මාමාගේ උපදේශය හිස නමා පිළිගත්තේය. ඊළඟ සතියේ ඒ ගමේ තවත් නිවෙසක තරුණ බිරිඳක් මිය ගියාය.

    මාමා ඒ මළ ගෙදර ගියේ ද සුදර්ශන සමඟ ය. සුදර්ශන මාමා සමඟම මෘත දේහයට ආචාර කොට, අවට සිටි අය දෙස බලා මෙසේ කීවේ ය.

    ’මේ කාන්තාව බොහොම හිත හොඳ, වටිනා කාන්තාවක්. ඇය බිරිඳ වුණේ මේ ගෙදර ගෘහ මූලිකයාට විතරක් නෙමෙයි. ඈ අපි හැමෝගෙම බිරිඳ වුණා.’
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔක්කොම අමුතුයි

    එක් නිවෙසක සුගත් සුපුරුදු හොර සුරා පොළ වෙත ළඟාවූයේ තම කාර්යාලයීය මිතුරකු වූ පියල් ද සමඟ තම බයිසිකලයෙනි.

    බයිසිකලය පඳුරක සඟවා සුරා පොළට ඇතුළුවී කසිප්පු බෝතලයක් ඇණවුම් කළා. මේ දෙදෙනාට එය අවසන් කිරීමට වැඩි වේලාවක් ගත නොවීය. බමන මතින් සුරා සැලෙන් පිටවූ දෙදෙනා අසීරුවෙන් බයිසිකලයේ නැගී පිටත් වූහ.

    පියල්ගේ නිවෙසට හැරෙන හන්දියේදී බයිසිකලය නතර කළ සුගත් දුටුවේ පිටුපස ලගේජයේ පියල් නොමැති බවය. ඉතා අසීරුවෙන් බයිසිකලය ආපසු හරවා ගත් සුගත් විපරමෙන් ආපසු යද්දී නිවෙසක් ඉදිරිපිට මහපාරේ වැටී කෙඳිරි ගාමින් සිටි පියල් දක්නට ලැබුණි.

    ’උඹ බයිසිකලෙන් වැටුණාද? මම දන්නෙම නැහැනෙ.’

    ’නෑ බං, මං ගේ ළඟදි පැන්නා. අද ගෙදරත් අමුතුයි. අපෙ ගෑනි හුඟක් ම වෙනස්. ඒකිගෙ අම්මලා, තාත්තලා හොඳටෝම වෙනස්. උන් ඔක්කොම එකතු වෙලා මට දෙක තුනක් ඇනලා පාරට ඇදලා දැම්මානෙ.’

    වැරදි නිවෙසක් ඉදිරිපිටදී බයිසිකලයෙන් පැන තිබූ පියල් කීවේ කෙඳිරිගාමිනි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්ත කතාව

    ප්‍රකට එෆ්.එම්. ආයතනයක නිවේදිකාවක් වූ මනෝරි හිමිදිරි පාන්දර සේවය සඳහා ගොස් නැවත නිවෙසට එන්නේ හවස් යාමයේ ය. ඇය නිවසේ නොමැති කාල සීමාව තුළදී ඇගේ දරු දෙදෙනාට කවා පොවා හොඳින් රැක බලාගන්නේ ඇගේ මෑණියන් වන චන්ද්‍රාය.

    “ආච්චි අම්මේ, ඔන්න අද අපිට ලස්සන කතාවක් කියල දෙන්න ඕනෙ” මනෝරිගේ දරුවන් දෙදෙනා දිනක් දහවල චන්ද්‍රා වෙත දිව අවුත් කීවෝ ය.

    “මං අද ඔය දෙන්නට හුඟාක් ලස්සන කතන්දරයක් කියල දෙන්නංකො. ඔන්න පුතේ දිව්‍ය ලෝකෙ ඉන්න ලස්සන සුරංගනාවියක්, බෝනික්කො වගෙ ලස්සන චූටි ළමයි දිව්‍ය ලෝකෙන් ගෙනල්ලා ඒ ගොල්ලන්ගෙ අම්මලා ළඟින් තියලා යනවා. දැන්... ඔය පුතාලා දෙන්නත් ඔය ගොල්ලන්ගෙ අම්මට ගෙනත් දුන්නෙ ඒ සුරංගනාවි තමයි.” චන්ද්‍රා කවියක් කියන්නාක් මෙන් ඇද පැද දිග සුරංගනා කතාවකට මුල පිරුවා ය.

    “අයියෙ මේ... අපි ආච්චි අම්මට ඕකෙ ඇත්ත කතාව කියල දෙමු ද?” බාල සොයුරා, තම අයියාගේ කනට කොට හෙමින් ඇසුවේ ය.
     
    • Like
    Reactions: Fire Dragon

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සේරම හොරු අරන්

    රාජසේකර රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා.

    තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් තැබුවා. අතයි කකුලුයි නිකම්ම ලිස්සලා ගියාම ඔහු දෑස් පිහදාලා පුදුමයෙන් ඉදිරිපස බැලුවා. වාහනයේ ඩෑෂ් බෝඩ් එකයි, සුක්කානමයි අතුරුදන් වෙලා ඔහු එහෙමම ඉඳගෙන හෝටලයේ ආරක්ෂක අංශයට තම ජංගම දුරකථනයෙන් කතා කළා.

    හලෝ මගෙ කාරෙකේ ඩෑෂ් බෝඩ් එකයි සුක්කානමයි හොරු අරගෙන ගිහින්. ඒ මදිවට බ්රේක් පැටල් එකයි ඇක්සලේටරෙයත් නැහැ...” ඔහු මොරදුන්නා. හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් වහාම කාර් එක ළඟට දුවගෙන ආවා.

    “සර්, ඔය කිව්ව මොකවත් නැතිවෙලා නැහැ. සර් ඔය නැඟලා තියෙන්නෙ කාර් එකේ පස්සෙ සීට් එකටනෙ” ආරක්ෂක නිලධාරියා බයාදු ලෙස කිව්වා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හම්බ වුණේ මෙච්චරයි

    රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් භටයන් දෙදෙනෙකු හට පාර අයිනේ බෝක්කුවක සඟවා තිබූ අත් බෝම්බ තුනක් හමුවුණේ, සැක කටයුතු යමක් එතැන තිබෙන බවට මගියකු දුන් ඔත්තුවක් අනුව ය.

    ඔවුහු ඒවා තම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එහි ස්ථානාධිපතිවරයාට භාර දීමට කතිකා කර ගත්හ.

    “බැරි වෙලාවත් මේවයින් එකක් හරි ගෙනියද්දී පිපුරුවොත් හෙම...” එක් පොලිස් භටයෙක් කීවේ තරමක තැති ගැන්මකින් යුතුවයි.

    “ඒකට ප්‍රශ්නයක් නෑ...” අනෙකා සැහැල්ලුවෙන් සිනා සී පිළිතුරු දුන්නේ ය.

    “අපි කියමු... අපිට හම්බ වුණේ දෙකයි කියලා”
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මැරුණු දවස

    එය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි. පළවැනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දීමට සමත් වුවහොත් රු. 500/= ක ත්‍යාගයක් ලබන තරගකරු එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් මුදලින් වැඩි තෑගි ලබා 5 වැනි ප්‍රශ්නයේදී රුපියල් පන්දහසක ත්‍යාගයක් ලැබීම එම වැඩසටහනේ ස්වභාවය විය.

    කීර්ති එම වැඩසටහනට සහභාගී වූයේ කෙසේ හෝ පන්දහසින් බැඳි පියල්ල දිනා ගන්නෙමැයි දැඩි අධිෂ්ඨානයෙනි.

    ඔහු හතරවැනි ප්‍රශ්නය දක්වා පිළිතුරු දුන්නේ හොඳ කල්පනාවෙනි.

    ඒ දක්වා ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයූ කීර්ති 5 වැනි ප්‍රශ්නයට මුහුණ දුන්නේ ය.

    ’එංගලන්තයේ කීර්තිමත් රාජ්‍ය නායකයෙකු වූ සර් වින්සන්ට් චර්චිල් මිය ගියේ කවදා ද?’ වැඩසටහන මෙහෙයවන්නා ගැඹුරු ස්වරයෙන් විමසද්දී මොහොතක් සිතුවිල්ලේ පසු වූ කීර්ති මෙසේ පිළිතුරු දුන්නේය.

    ’ඔහුගේ අවමංගල්‍ය උත්සවයට දවස් තුනකට කලින්.’
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බූරුවා ගැහැව්වද?

    සුගත්, වනාතමුල්ලේ කුඩා කඩයක් පිටුපස තම මිතුරන් කීප දෙනෙකු සමඟ බූරුවා ගසමින් සිටියේය. හදිසියේ ම එහි කඩාපාත් වූ පොලිස් භටයෙක් වහා පැන සුගත් ගේ බෙල්ලෙන් දැඩිව අල්ලා ගත්තේ ය. සෙස්සෝ වහා පැන දිවූහ.

    ’දැන් මට ඇත්ත කියපං. මෙතන බූරුවා ගැහැව්වා නේද?” රාලහාමි සුගත් ගේ මුහුණ බලා ගිගුරුවේය.

    ’අනේ ඇත්තමයි, නෑ රාලහාමි’ සුගත් බයාදු ලෙස කීවේය.

    ’යකෝ! ඇහැට පෙණුන දේ බොරු කරන්ඩද උඹ හදන්නෙ? ඇත්ත කියපං, බූරුවා ගැහැව්වද, නැද්ද?’ රාලහාමි කෝපයෙන් අඩි හප්පා කෑමොර දුන්නේය.

    ’ඇත්ත තමයි රාලහාමි. ඉතින් රාලහාමි මට තාම ගැහැව්වේ නැහැනෙ.’ සුගත් බිම බලාගෙන පිළිතුරු දුන්නේය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් තමයි වෙලාව

    ඔයා මොකද හිතන්නෙ චමරි, අපේ සම්බන්ධය ගැන ඔයාලගෙ තාත්තට දැන් කිව්වොත් නරකද?” ලකී තම පෙම්වතිය ගෙන් ඇසුවේ ගෙදරට හොරෙන් ඇය හමුවූ අවස්ථාවකදීය.

    ”මං හිතන්නෙ දැන් තමයි ඒකට හොඳම වෙලාව“ චමරි කීවාය.

    ”ඇයි, මේ දවස්වල ඔයගොල්ලන්ගෙ තාත්තගෙ මූඩ් එක හොඳ ද?” ලකී ඇසුවේ සිනාසෙමිනි.

    ”නැහැ ගිය සුමානෙ තාත්තගෙ තුවක්කුව යාළුවෙක් ඉල්ලාගෙන ගියා.” චමරි කීවාය.