කෑගහන්නෙ මොකටද?
රිපොස්ට් නම් සොරි වෙන්න ඕනෙ
උදය වරුවට යොදා ගත් සියලු කටයුතු නිමා කොට ජයසේකර පියල් සමඟ හෝටලයකට ගොඩවන විට මධ්‍යහ්නය ගෙවී ගොස් තිබූ බැවින් බත් අහවර වී තිබිණ.
“හොඳටම බඩගිනියි බං. පාන්වත් කමු.” පියල් කීවේය. මාළු සමඟ පාන් ඇණවුම් කෙරිණ.
අත් සෝදා ගෙනැවිත් වාඩි වූ දෙදෙනාගෙන් ජයසේකර මාළු දීසිය මුලින්ම අතට ගෙන එහි වූ මාළු කෑලි දෙකෙන් ලොකු කෑල්ල තෝරා එය තම පිඟානට බෙදා ගත්තේය. එය බලා සිටි පියල්ට ඇතිවුණේ තද කෝපයකි.
“මොකක්ද බං ඒ කරපු කැත වැඩේ? උඹ නං මැනර්ස් කියන දේවල් නමටවත් දන්නෙ නැති මිනිහෙක්.” පියල් කීවේ කලකිරීමෙනි.
“හොඳයි උඹ මුලින්ම බෙදා ගත්ත නං ගන්නෙ මොන මාළු කෑල්ලද?” ජයසේකර ඇසීය.
“මං උඹ වාගෙ බාල වැඩ කරන්නෙ නෑ. මං එහෙම නං බෙදා ගන්නෙ පොඩි මාළු කෑල්ල” පියල් කීය.
“හරි එහෙම නං කෑනොගහ කාපංකො. දැන් උඹට පොඩි කෑල්ල දැනුත් තියෙන්නෙ.” ජයසේකර පාන් කමින් කීවේය.