කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත

    කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත

    මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි

    මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති
    පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි
    සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

    ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති
    අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති.
    මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි.
    තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි.

    මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත.

    මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි.
    සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි


     
    • Like
    Reactions: gudaya

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    TFS:love:

    You must spread some Reputation around before giving it to hichchiputha again
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    ඒ කියන්නේ මේක පයිය කොට උන් අහන සිංදුවක්.
    No thanks
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    මේකේ වැරදි ගොඩාක් තියෙනව. රාවන රජු බෞද්ධයෙක් නොවේ. ඔහු සතු බලය ලබා ගත්තේ හින්දු දෙවියන් ඇදහීමෙන්. හින්දු දහම බුදු දහමටත් වඩා ඉපැරණි. ස්වයංජාත කියන්නේ ඉපැරණි සහල් ප්‍රබේධයක්. එය ගොඩ මඩ දෙකේම වැවිය හැකිය
     
    • Like
    Reactions: hichchiputha