ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උපනායකයා වූ ලහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට කිත්රුවන් විතානගේ ගේ පියා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අයෙක් සමඟ පවතින මිතුරුකම හේතුවී ඇති බවට චෝදනාවක් එල්ලවී ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ තේරීම් කමිටු සාමාජිකයාට සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කිත්රුවන්ගේ පියා මුදල් ලබාදී ඇති බවටද රාවයක් පවතී.
කිත්රුවන් පළමු ටෙස්ට් තරගයේ අසාර්ථක වුවත්, ඔහුට විනය චෝදනා එල්ලවුවත් ඔහු කණ්ඩායමේ රඳවා ගැනීමට මේ මිත්‍රත්වය හේතුවී ඇති බවද පැවසේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ (11) නිවේදනය කරනු ලැබුවේ එස්.එස්.සී. හිදී ලබන බ්‍රහස්පතින්දා (14) ආරම්භවීමට නියමිත පාකිස්තානය හා දෙවැනි ටෙස්ට් තරගයට නම් කර ඇති සංචිතයට 19 හැවිරිදි වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හා ආරම්භක පිතිකරු දමිත් කරුණාරත්න ඇතුළත්කරනු ලබන බවයි.
ඒ අනුව නුවන් ප්‍රදීප් හා චතුරංග කුමාරට සිය ස්ථාන අහිමිවන බවද දන්වා තිබිනි.
එසේම දකුණු අප්‍රිකාව සමඟ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ ශමින්ද එරංග මේ තරගාවලියට නම් කර ඇතත් ඔහු ශරීර යොග්‍යතා පරීක්ෂණයකට මුහුණදීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කළේය.