කිතුදහම අභාවයට!
මෙහි දැක්වෙන ක්‍රිස්තියානි පල්ලි දෙකම පිහිටා තිබෙන්නේ නැගෙනහිර ලන්ඩනයේයි. එක් පල්ලියකට මඳ දුරකින් තමයි අනෙක පිහිටා ඇත්තේ. මෙහි ඇති කේබල් පෙදෙසෙහි (Cable Street) තිබෙන ශාන්ත මරියා දේවස්ථානය ජනයාගෙන් ඈත්වී ඇති බවක් පෙනී යනවා. මේ ඉරිදා උදේ දේව මෙහෙයක පින්තූරයක්. බංකු ඕනෑ තරම් තිබුණද පල්ලියේ ඉන්නේ විස්සක පමණ පිරිසක්. අනෙක් දේවස්ථානය තිබෙන්නේ කැනන් පෙදෙසේ (Canonn Street) එය ''සාන්ත ජෝරඡ් පල්ලියයි (St Jeorge) එයටද අත්වී ඇත්තේ ඉහත පල්ලියේ ඉරණම තමයි. මේ දේව මෙහෙයට එක්වී ඇත්තේ දොළොස් දෙනෙක් පමණයි. නමුත් ඉන් පැහැදිලිව ජනයාගෙන් පිරුණු පාරේ පවා සෙනග ඇති පින්තූරයක් මෙහි තිබෙනවා. මේ අය එක්වී තිබෙන්නේ සිකුරාදා සවස ඉස්ලාම් දේව මෙහෙයට.
සාන්ත ජෝර්ඡ් ගේ දේවස්ථානය සාදා ඇත්තේ දහ අටවැනි ශතවර්ෂයටද පෙරයි. මෙහි ඇති ආසන ගණන 1230 ක්. ''සාන්ත මේරි'' දේවස්ථානය නිර්මාණය වුණේ 1849 වසරේ. එයද මිනිසුන් දහසකට පමණ එක්රැස් වීමට පුළුවන් අයුරින් තමයි සාදා තිබෙන්නේ. මේ පල්ලි දෙකම මිනිසුන් ශූන්‍ය වීමේ අර්බුදවලට ලක්වෙලා.
නමුත් ''බ්රුන්'' පෙදෙසෙහි (Brune Street) ඇති ඉස්ලාම් බැතිමතුන්ගේ පල්ලිය ජනයාගෙන් පිරී ගොස් ඉඩකඩ මදිවී යැමේ ප්‍රශ්නයට මුහුණදීලා.
මේ මුස්ලිම් දෙව් මැඳුර ඉතා කුඩායි. මෙයට ඇතුළත් කළ හැක්කේද සිය දෙනකු පමණයි. නමුත් සිකුරාදාට පැවැත්වෙන දේවමෙහෙයට මේ කුඩා පල්ලියේ ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයක් පැමිණෙනවා. එම නිසා ඉඩ කඩ මදි හරිය තමයි පාරේ සිට දේව වන්දනාවට මේ පින්තූරයේ පෙනෙන අයුරින් එක් රොක්වී ඉන්නේ. මේ වාර්තාව අප ලබා ගත්තේ ඩේලිමේල් (Daily Mail online) වෙබ් අඩවියෙන්. ඔවුන් මේ පින්තූර පිළිබඳව අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුණා.
'මේ පින්තූර මොකක්ද යෝජනා කරන්නේ. නව රැල්ලට අනුව කිතු දහම මෙරට තිබුණු ආගම බවට පත්වී ඉස්ලාම් ධර්මය මෙහි අනාගත දහම වෙමින් පවතින බවයි.'
වාර්තාවල දැක්වෙන ආකාරයට පසුගිය දශකයේ එංගලන්තයේ සහ වේල්ස් රාජ්‍යයේ කිතුනුවන්ගේ ප්‍රමාණය කෙමෙන් හීනවෙමින් පවතින්නේ. 71.7% ක් සිටි ජනගහනය මේ වන විට 59.3% දක්වා පහතට වැටී තිබෙනවා. එසේම ඉහත රටවල් දෙකේ මුස්ලිම් ජනගහනය කෙමෙන් කෙමෙන් ගමන් කරන්නේ ඉහළටයි. ප්රාමාණිකව ගතහොත් එම වර්ධනය සීයට තුනේ සිට සීයට 4.8 ක්. එම ගණන මිලියන 2.7 ක්. මෙය තවත් විග්රහ කිරීමේදී බ්‍රිතාන්‍ය මුසල්මානුවන් (British Muslims) අඩක් පමණ අවුරුදු 25 ට අඩු අයයි.
නමුත් ක්‍රිස්තියානුවන්ගෙන් කාලක් පමණ අවුරුදු 80 සීමාවේ පසුවන්නන්. මේ සංඛ්‍යා ගෙන හැර දක්වමින් ඔවුන් අනුමාන කරන්නේ ඉදිරියේදී මීටත් වඩා අධික වේගයෙන් මුස්ලිම් ආගම වර්ධනය වී කිතුදහම අභාවයට යමින් තිබෙන බවටයි.
http://www.divaina.com/2013/06/09/diyaga12.html

divaina eke thawath ek tom pachayak! 