මචන් අලුත් අවුරුද්ද කියන්නේ සිංහලයන්ගේ උත්සවයක්, මොකද මම දන්නා විදිහට අවුරුදු චාරිත්ර බිහි වෙලා තියෙන්නේ සූර්යයා මුල් කරගෙනයි. ඒක නිසා අවුරුදු සමරන්න තමන්ගේ ආගමින් කිසිම බාදාවක් නැ. අපිත් කතෝලිකයන් විදිහට නැකත් පිලිබදව එතරම් විස්වාසයක් නැති නමුත් කිරි ඉතිරවීම වගේ චාරිත්ර නැකතට සිද්ද කරනවා ගොඩාක් අස්සවෙන්. අපේ ගෙවල් වල මචන් අවුරුදු කෑම අමුතුවෙන් හැදුවේ නැතත්, අපි නත්තලට ගමේ හැමෝටම කෑම පිගානක් දෙන නිසා අපිටත් අවුරුද්දට හැමදාම කෑම මේසෙ පිරෙන්න කෑම ලැබෙනවා. කව්රු මොනවා කිව්වත් සිංහලනම් අපි කව්රුත් එකයි....















