උපුටා ගැනීම මෙතනින්
ලස්සන කතාවක් නිසයි දාන්න හිතුනේ...
පළමු කොටස
උදෙන්ම අවදි උනත් විශ්ව විද්‍යාලයට යාමට සූදානම් වීමට සිත් නොදෙයි. මා දුටු සරසවි සිහිනයේ සැබවින්ම සැරි සරන දෙවෙනි දිනය අදයි. පෙර දින මා ගෙදර පැමිණියේ හෙම්බත් වී හිසේ රුදාවකුත් සමගය. මතක ඇති කලක පටන්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ආසාවෙන් සිටියද, නවක වදය නිසාම විශ්ව විද්‍යාලය තුල ගත කල පළමු දිනයම මට එපා විය. එහි පවතින ගෝශාව මට දරා ගත නොහැකිය. පාසලේ වුවද ළමුන් වැඩි පුර ගැවසෙන ස්ථාන වල සිටීමට මට අපහසු විය. එම නිසාම උදෑසන රැස්වීම්, විනෝද චාරිකා මෙන්ම උත්සව යනාදී දේ වලට මම සහභාගි නොවූයෙමි. ඒ හේතුව නිසාම පාසලේදී මා අනිත් ළමයින්ගෙන් දුරස් වූ හුදෙකලා චරිතයක් විය. ලොකු හුස්මක් ගෙන ළය සැහෑල්ලු කරගත් මා නාන කාමරයට වැදුනි.
වතුරට කවදත් මම ප්‍රිය කලෙමි. වතුර බිංදු එකින් එක හිසට වැටෙද්දි ගතට මෙන්ම හිතට හා මනසටද පුදුමාකාර සනීපයක් දැනෙයි. එනිසාම නාන කාමරයට වැදී පැය ගනන් වතුරෙහිම කල් ගෙවන්නට මා පුරුදු විය. හිතෙහි තිබෙන සියලුම ප්‍රශ්න අමතක කර මනසට සහනයක් ලබා ගන්න එකම වෙලාව නාන කාමරයේ ගත කරන වෙලාව විය. මවගේත් පියාගේත් වෙන්වීමට හේතුව මා බව අමතක කර හිත හදා ගනීමට අදටත් මට නොහැකිය. ඒ ගැන මතක් වෙන හැම වෙලාවකම මට යාමට ඇති එකම ස්ථානය නාන කාමරය විය. පැයකින් පමණ නාන කාමරයෙන් එළියට විත් අද දින කුමක් අඳින්නේදැයි කල්පනා කරන්නට විය. නවක වදය නිසාම අම්මාට කියා කලින්ම මසාගත් චීත්ත ගවුම් තුන හතරින්, කහ පාට ගවුම අතට ගෙන සූදානම් වන්නට විය.
අම්මාට වැඳ නිවසින් පිටත් උනත් විශ්ව විද්‍යාලයට යාමට හිතේ කිසිම කැමැත්තක් නැත. මට වගේම අනිත් නවක සිසු සිසුවියන්ටත් මෙලෙසම දැනෙනවාද? සමහර සිසුන් විශ්ව විද්‍යාල වලට තේරුණු පසුවත් තම විශ්ව විද්‍යාල ගමන අත හැර දමන්නේ මෙම නවක වදය නිසාය. තවත් සමහරු පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යයි. කෙසේ වෙතත් මෙම නවක වදය හේතුවෙන් නවක සිසු සිසුවියන්ට විශාල ලෙස කායික මෙන්ම මානසික බලපෑමක් ඇතිවේ. එසේ වන සිසු සිසුවියන් අතරින් මමද එක් අයෙකු වෙමි. කල්පනා කරමින්ම විශ්ව විද්‍යාලයේ ගේට්‍ටුව අසලටම පැමිණියත් ඇතුලට යන්න සිතෙන්නේම නැත. අකමැත්තෙන් වුවද ඇතුල්වන විටම මා දුටුවේ, පිස්සන් සේ නටමින් සිටින නවක සිසුන් පිරිසකුත් ඒ දෙස බලන් සිනාසෙන ජේෂ්ඨ්‍ය සිසුන් පිරිසකුත්ය. බිම බලාගෙන දේශන ශාලාව දෙසට යන මා ඉදිරියට එකවරම සිසුන් පිරිසක් පැමිණ සිට ගන්නට විය. එයින් එකෙකු ඉදිරියටවිත් බිම බලාගෙන සිටි මගේ ඇඟේ ගෑවී නොගෑවී සිට ගත්තේය.
"පරක්කු වෙලා ඇවිත් පැනලා යන්න නේද හැදුවේ?"
බිම බලාගෙන ඉන්නවා හැර ඔවුන්ට දීමට පිළිතුරක් මට මතක් නොවුණි. මතක් වුවද ඔවුනට උත්තර බඳින්න තියා වචනයක් කතා කිරීමටද අකමැතිය. ඔවුන් මා ඉදිරියට පැමිණි අවස්ථාවේ සිටම සිතට දැනුන නොසන්සුන්කම එන්න එන්නම වැඩි විය. හදවත සෑහෙන්න වේගෙකින් ගැහෙනවා සේ දැනිනි. මම මදක් ඔලුව ඔසවා ඔවුන් දෙස බැලූවෙමි. ඒ එක්කම මුලු සරසවියේම සිසුන් එකවර මහ හයියෙන් කතා කරන්නා සේ දැනුණි. ඔවුන් සැමදෙනාම කියන දේ එකවරම ග්‍රහණය කර ගැනීමට අපහසුය. නමුත් එයින් සමහරක් ග්‍රහණය කර ගැනීමට පුලුවන් විය. මොවුන් මොනවාද මේ කියවන්නේ? හිත ඇතුලේ තියෙන සිතුවිලි හිතන්නෙ බලන්නේ නැතුව මේ විදිහට කියවන්නේ මොවුන්ගේ ඔලුව නරක් වී ඇති හෙයින්ද? ඒසේත් නැතිනම් මගේ ඔලුව නරක් වී ඇති නිසා මෙවැනි දේ මට ඇසෙනවාද? ඔවුන් දිගටම ඔහේ කියවයි. කිසිම කෙනෙකු අනෙකා කියන දෙය අසන්නේ නැත. ඔවුන් සැමදෙනම එකම විට තමන්ගේ සිතුවිලි එකදිගටම කියාගෙන යයි. එකවිටම මාගේ ඔලුව කැරකෙන්නා සේ දැනුණි. මා වටා තිබූ සියලු දෙයම මා වටේ කැරකෙන්නට විය. ඒත් සමගම මුලු පළාතම අඳුරු විය.