කින්නරාවිය

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    උපුටා ගැනීම මෙතනින්
    ලස්සන කතාවක් නිසයි දාන්න හිතුනේ...

    පළමු කොටස


    උදෙන්ම අවදි උනත් විශ්ව විද්‍යාලයට යාමට සූදානම් වීමට සිත් නොදෙයි. මා දු‍ටු සරසවි සිහිනයේ සැබවින්ම සැරි සරන දෙවෙනි දිනය අදයි. පෙර දින මා ගෙදර පැමිණියේ හෙම්බත් වී හිසේ රුදාවකුත් සමගය. මතක ඇති කලක පටන්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ආසාවෙන් සිටියද, නවක වදය නිසාම විශ්ව විද්‍යාලය තුල ගත කල පළමු දිනයම මට එපා විය. එහි පවතින ගෝශාව මට දරා ගත නොහැකිය. පාසලේ වුවද ළමුන් වැඩි පුර ගැවසෙන ස්ථාන වල සිටීමට මට අපහසු විය. එම නිසාම උදෑසන ‍රැස්වීම්, විනෝද චාරිකා මෙන්ම උත්සව යනාදී දේ වලට මම සහභාගි නොවූයෙමි. ඒ හේතුව නිසාම පාසලේදී මා අනිත් ළමයින්ගෙන් දුරස් වූ හුදෙකලා චරිතයක් විය. ලොකු හුස්මක් ගෙන ළය සැහෑල්ලු කරගත් මා නාන කාමරයට වැදුනි.
    වතුරට කවදත් මම ප්‍රිය කලෙමි. වතුර බිංදු එකින් එක හිසට වැටෙද්දි ගතට මෙන්ම හිතට හා මනසටද පුදුමාකාර සනීපයක් දැනෙයි. එනිසාම නාන කාමරයට වැදී පැය ගනන් වතුරෙහිම කල් ගෙවන්නට මා පුරුදු විය. හිතෙහි තිබෙන සියලුම ප්‍රශ්න අමතක කර මනසට සහනයක් ලබා ගන්න එකම වෙලාව නාන කාමරයේ ගත කරන වෙලාව විය. මවගේත් පියාගේත් වෙන්වීමට හේතුව මා බව අමතක කර හිත හදා ගනීමට අදටත් මට නොහැකිය. ඒ ගැන මතක් වෙන හැම වෙලාවකම මට යාමට ඇති එකම ස්ථානය නාන කාමරය විය. පැයකින් පමණ නාන කාමරයෙන් එළියට විත් අද දින කුමක් අඳින්නේදැයි කල්පනා කරන්නට විය. නවක වදය නිසාම අම්මාට කියා කලින්ම මසාගත් චීත්ත ගවුම් තුන හතරින්, කහ පාට ගවුම අතට ගෙන සූදානම් වන්නට විය.
    අම්මාට වැඳ නිවසින් පිටත් උනත් විශ්ව විද්‍යාලයට යාමට හිතේ කිසිම කැමැත්තක් නැත. මට වගේම අනිත් නවක සිසු සිසුවියන්ටත් මෙලෙසම දැනෙනවාද? සමහර සිසුන් විශ්ව විද්‍යාල වලට තේරුණු පසුවත් තම විශ්ව විද්‍යාල ගමන අත හැර දමන්නේ මෙම නවක වදය නිසාය. තවත් සමහරු පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යයි. කෙසේ වෙතත් මෙම නවක වදය හේතුවෙන් නවක සිසු සිසුවියන්ට විශාල ලෙස කායික මෙන්ම මානසික බලපෑමක් ඇතිවේ. එසේ වන සිසු සිසුවියන් අතරින් මමද එක් අයෙකු වෙමි. කල්පනා කරමින්ම විශ්ව විද්‍යාලයේ ගේට්‍ටුව අසලටම පැමිණියත් ඇතුලට යන්න සිතෙන්නේම නැත. අකමැත්තෙන් වුවද ඇතුල්වන විටම මා දු‍ටුවේ, පිස්සන් සේ නටමින් සිටින නවක සිසුන් පිරිසකුත් ඒ දෙස බලන් සිනාසෙන ජේෂ්ඨ්‍ය සිසුන් පිරිසකුත්ය. බිම බලාගෙන දේශන ශාලාව දෙසට යන මා ඉදිරියට එකවරම සිසුන් පිරිසක් පැමිණ සිට ගන්නට විය. එයින් එකෙකු ඉදිරියටවිත් බිම බලාගෙන සිටි මගේ ඇඟේ ගෑවී නොගෑවී සිට ගත්තේය.
    "පරක්කු වෙලා ඇවිත් පැනලා යන්න නේද හැදුවේ?"
    බිම බලාගෙන ඉන්නවා හැර ඔවුන්ට දීමට පිළිතුරක් මට මතක් නොවුණි. මතක් වුවද ඔවුනට උත්තර බඳින්න තියා වචනයක් කතා කිරීමටද අකමැතිය. ඔවුන් මා ඉදිරියට පැමිණි අවස්ථාවේ සිටම සිතට දැනුන නොසන්සුන්කම එන්න එන්නම වැඩි විය. හදවත සෑහෙන්න වේගෙකින් ගැහෙනවා සේ දැනිනි. මම මදක් ඔලුව ඔසවා ඔවුන් දෙස බැලූවෙමි. ඒ එක්කම මුලු සරසවියේම සිසුන් එකවර මහ හයියෙන් කතා කරන්නා සේ දැනුණි. ඔවුන් සැමදෙනාම කියන දේ එකවරම ග්‍රහණය කර ගැනීමට අපහසුය. නමුත් එයින් සමහරක් ග්‍රහණය කර ගැනීමට පුලුවන් විය. මොවුන් මොනවාද මේ කියවන්නේ? හිත ඇතුලේ තියෙන සිතුවිලි හිතන්නෙ බලන්නේ නැතුව මේ විදිහට කියවන්නේ මොවුන්ගේ ඔලුව නරක් වී ඇති හෙයින්ද? ඒසේත් නැතිනම් මගේ ඔලුව නරක් වී ඇති නිසා මෙවැනි දේ මට ඇසෙනවාද? ඔවුන් දිගටම ඔහේ කියවයි. කිසිම කෙනෙකු අනෙකා කියන දෙය අසන්නේ නැත. ඔවුන් සැමදෙනම එකම විට තමන්ගේ සිතුවිලි එකදිගටම කියාගෙන යයි. එකවිටම මාගේ ඔලුව කැරකෙන්නා සේ දැනුණි. මා වටා තිබූ සියලු දෙයම මා වටේ කැරකෙන්නට විය. ඒත් සමගම මුලු පළාතම අඳුරු විය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    පියවි සිහියට පැමිණියද එකවරම ඇස් ඇර ගැනීමට මට අපහසු විය. කලින් පැවති හිස රුදාවෙහි කිසිම අඩුවක් නොදැනුණි. නමුත් වට පිටාවේ නිශ්චල ගතියක් දැනෙන්නට විය. මා ඇඳක් මත දිගා වී සිටින බව මට වැටහුණි. මම සිටින්නේ ගෙදරද? නැත්නම් විශ්ව විද්‍යාලෙද? මා තවමත් සිටින්නේ විශ්ව විද්‍යාලය තුල විය යුතුය. මා සැතපී සිටින්නේ මාගේ ඇඳේ නොවන බව මට හොඳටම විශ්වාසය. ඇස් ඇර වටපිට බැලීමට අවශ්‍ය වුවද ඇස් වල පවතින බර ගතිය නිසාම තව ටිකක් මෙසේම සිටීමට සිදුවන බව මට වැටහුණි. ඒ අතර කිහිප දෙනෙකු ඉතාමත් සෙමින් කසු කුසු ගානා ශබ්දයක් ඇසුණි. ඔවුන් කුමක් ගැන කතා කරනවාද කියා අසා ගැනීමට වෙහෙසුනද, ඔවුන් කියනා කිසිම දෙයක් මට පැහැදිලිව ඇසුනේ නැත. එකවරම ඇස් ඇර වටපිට බැලූ විට මට දකින්නට ලැබුණේ මා ඉදිරියට විත් සිට ගත් සිසුවාත්, තවත් සිසුන් කිහිපදෙනෙක් හා ඔසරියකින් සැරසීගත් මැදිවියේ කාන්තාවක් මා දෙස බලා සිටින අයුරුය.
    "ඔයාට දැන් කොහොමද?" ඔසරියෙන් සැරසීගත් කාන්තාව සිහින් සිනාවක්ද සමඟ මා අසලට පැමිණ මාගේ උරහිසට අත තබා ඇසුවාය. ඇයට සිහින් සිනහවකින් සංග්‍රහ කළද කුමක් කියම්දැයි මට සිතා ගත නොහැක. මැය කවුරුන්දැයි මා දන්නේ නැත. නමුත් කොණ්ඩය පි‍ටුපසට කර බැඳ, ඇත් දල පාට ඔසරියකින් සැරසී සිටි ඇය සුන්දරය. හිසෙහි පවතින දැඩි වේදනාව නිසාම මගේ මුහුණට ළං වී සිටි ඈ දෙස එක දිගටම බලාගෙන සිටීමට මට අපහසු නිසා මම සීලිම දෙස බැලුවෙමි.
    "මගේ ඔලුව රිදෙනවා හොඳටම"
    "ඔයාගෙ නම මොකක්ද?" නැවතත් ඇය කාරුණික ලෙස ඇසුවාය.
    "කෙත්මි"
    "දුවට දැන් ඔලුවේ කැක්කුම විතරද තියෙන්නේ? දුව උදේට කාලද ඉන්නේ?" මම හිස වනා ඔව් යැයි පිළිතුරු දෙන්නට විය. කලින් ඇසුණු ශබ්ද කිසිවක් දැන් මට ඇසෙන්නේ නැත. නමුත් ඒ හිසරදයනම් ඒ ආකාරයෙන්ම පැවතුණි.
    "දුවට දැන් ලෙක්චර් එකට යන්න අමාරුද?" මම නැවතත් ඔලුව වනා ඔව් යැයි පිළිතුරු දෙන්නට විය.
    "දුවගේ ගෙවල් කොහෙද තියෙන්නේ? දුව කැමතිනම් අපිට පුලුවන් ගෙදරට ගිහින් ඇරලවන්න. නැත්නම් ගෙදර කාට හරි එන්න කිව්වනම් හරි"
    කුමක් කරන්නේදැයි මම මදක් කල්පනා කළෙමි. අම්මාට කතා කර එන්නට කියූ විට ඇය හොඳටම බය වෙයි. එවැනි හදිසි අවස්ථාවලදී ඇයට මෝටර් රථය හැසිරවීමට ඉතාමත් අපහසුය. ඇය අද නිවාඩු දමා ගෙදර සිටින නිසා වෙනත් කෙනෙකු සමඟ පැමිණීමටද අපහසුය. ත්‍රී රෝද රථයක නැගී මට තනියම ගෙදර යාමට පුලුවන්කම තිබියදී නිකරුනේ ඇයව කලබල කිරීමට අවශ්‍ය නැත.
    "මට තනියම යන්න පුලුවන්"
    "ඒ වැඩේනම් කරන්න බැහැ දුව. මේ ළමයි ටික ඔයාව උස්සන් එනකොට මට හොඳටම බය හිතුනා. ගෙවල් කොහෙද තියෙන්නේ කිව්වනම් මට මේ ළමයි එක්ක ඔයාව යවන්න පුළුවන්"
    මම අනිත් සිසුන් දෙස බැලුවෙමි. එතන සිටියේ පිරිමි ළමුන් පමණකි. ඔවුන් කවුරුන්දැයි නොදැන ඔවුන් සමඟ තනිවම යා නොහැක. ඔසරියෙන් සැරසී ගත් කාන්තාව මගේ සිතුවිලි හඳුනාගත් ලෙසින් සිනා සෙන්නට විය.
    "බය වෙන්න එපා. ඔයාව යවන්නේ ගෑණු ළමයෙකුත් එක්ක. මටනම් එන්න විදිහක් නැහැ තව ටිකකින් මගේ ලෙක්චර් එක පටන් ගන්න නිසා. කියන්නකො ඔයා කොහෙද ඉන්නේ කියලා"
    ඇය හරිම කාරුණිකය, නිහතමානීය. අවුරුදු ගානක සිට අඳුරන කෙනෙකු සමඟ කතා කරනා ලෙස ඇය මා සමඟ කතා කරයි. ඇය කථිකාචාර්යවරියකු විය යුතු බව මම නිගමනය කළෙමි.
    "කලුබෝවිල ඇන්ඩර්සන් රෝඩ් එකේ"
    "ආහ්... එහෙනම් මම ඔයාට යන්න විදිහක් ලෑස්ති කරන්නම්කෝ"
    එසේ කියා ඇය යන්නට ගියාය. මා ඇස් කරකවා මා සිටිනා කාමරය දෙස බැලුවෙමි. මෙය මෙහි ඇති ලෙඩ කාමරය විය යුතුය. මා සිටිනා ඇඳට මදක් ඈතින් තවත් ඇඳවල් තුන හතරක් තිබෙනා බව මම දු‍ටුවෙමි. එසේ වට පිට බලමින් සිටින විට තවත් කානතාවක් පැමිණ වතුර වීදුරුවක් සමඟ පැනඩෝල් පෙති දෙකක් මා අත තබා බොන්නට කීවාය. මාගේ හිසරදයට පැනඩෝල් බී පලක් නොවූවද, පොඩි හරි සහනයක් ලැබේවි යයි සිතා පෙති දෙකම එක පාරම ගිල දැම්මෙමි. ටික වේලාවකින් ඔසරිය ඇඳගත් කාන්තාව ගෙදර යමු කියා මාවත් ‍රැගෙන අප සිටි ගොඩනැගිල්ල ඉදිරිපස නවතා තිබූ ත්‍රීරෝද රථය දෙසට පියමන් කරන්නට විය. ත්‍රීරෝද රථය තුළ සිටි ගැහැණු ළමයාටත් පිරිමි ළමයාටත් මැදින් මම ඉඳ ගත්තෙමි. ත්‍රීරෝද රථයේ රියදුරාට ගෙදර ලිපිනය කියූ මම දෙඅත්ල මත ඔලුව තබා ගත්තෙමි. එවිට මගේ දකුණු පසින් සිටි සිසුවිය ඇයගේ උරහිස මත මාගේ ඔලුව තබා ගත්තාය.
    "ඔයාගේ නම මොකක්ද නංගි?"
    "කෙත්මි. ඔයාගේ නම මොකක්ද?"
    "මම චතුරි. අපි සෑහෙන්න බය උනා ඔයා එකපාරටම කලන්තේ දාලා වැ‍ටුනහම"
    ඔවුන් බය උනේ මා ගැන සිතාද නැත්නම් ඔවුන් ගැන සිතාද කියා අසන්නට සිතුනත් මාගේ උදව්වට පැමිණි ඔවුන්ව අපහසුතාවයට ලක් කිරීමට මට සිත දුන්නේ නැත. ගෙදරට ළඟා වනවිට මාගේ සිතෙහි තිබෙනා බය ටිකෙන් ටික වැඩි වන්නට විය. මා දු‍ටු විගසම අම්මා මහත්සේ කලබලයට පත් වන බව මම දනිමි. එතනින් නොනැවතී තාත්තාටද කතා කර දොස් කියන්නට පටන් ගනී. මා හට අසනීපයක් ඇති වූ විට අම්මාගේ ක්‍රියා කලාපය එළෙස විය. මාගේ අසනීප තත්වයට තාත්තාට බැනීමේ හේතුව මට සිතා ගත නොහැකිය.
    මා සමඟ පැමිණි සිසුන් දෙදෙනාත් සමඟ ගෙට ගොඩවන විටම අම්මා දුවගෙන ඉදිරියට පැමිණ මොකද උනේ කියා අසන්නට විය. සිසුන් දෙදෙනාට ස්තූති කළ මම අම්මාට මද සිනහවක් පා මාගේ කාමරයට වැදුණි. සිසුන් දෙදෙනාට වාඩි වෙන්න කියා සංග්‍රහ කරනා අතර, මා හට කුමක් සිදුවූයේද යන්න පිළිබඳව අම්මා ඔවුන්ගෙන් අසා දැන ගත්තාය. මිග්‍රේන් වැඩිවූ හදිසි අවස්ථාවට ගන්නට යැයි කියා දොස්තර දී තිබූ "MAXIT" හා "DOMPERIDONE" පෙති දෙකක් ගෙන බී මම ඇඳට වැ‍ටුනෙමි. සිසුන් දෙදෙනා ගිය පසු අම්මා කමරයට විත් ඇ‍ඳෙහි ඉඳගත්තාය.
    "මොකද කෙත්මි උනේ?"
    "අනේ මංදා අම්මා.. කොල්ලො සෙට් එකක් මාව ‍රැග් එකට අල්ලගත්තු වෙලාවේ එකපාරටම කැම්පස් එකේ ඉන්න ඔක්කොම කතා කරනවා වගේ දැනුනා"
    "ඒ කියන්නේ?"
    "මටත් හරියටම කියන්න තේරෙන්නේ නැහැ අම්මා... හරියට නිකන් හිත හිත ඉන්න දේවල් ඔක්කොම එකපාරටම නිකන් කටින් පිටවෙනවා වගේ.. ඔක්කොම එකපාරටම කියවනවා. කවුරුත් අනිත්කෙනා කියන දේවල් අහන්නේ නැහැ. ඔහේ කියවනවා"
    අම්මා අවතාරයක් දු‍ටු ලෙස මගේ මුහුණ දෙස බලා සිටින්නීය. හරියටම පෙර දිනෙක විහිලුවට මෙන් "අනිත් අය හිතන දේ මට දැනෙනවා" කියා කියූ අවස්ථාවේ මා දෙස බලා සිටි ලෙසම බලා සිටී. ඉන්පසු ඇය මා ළඟට විත් මාගේ අතින් අල්ලා ගත්තාය. මම ඇයගේ බයෙන් භීරාන්ත වී සිටින මුහුණ දෙස බැලුවෙමි. පනස් වන වියෙහි මුල්ම අවදියේ සිටියද ඇගේ මුහුණේ තිබුනේ මීට අවුරුදු දහයකට පමණ පෙර තිබූ සුන්දරත්වයමය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    "මොනාද කෙත්මි මේ කියන්නේ? අනේ මට හරියට කියන්න දරුවෝ මොකද උනේ කියලා?"
    "ඇත්ත අම්මා කියන්නේ. මට එහෙම ඇහුනට කවුරුවත් කටක්වත් හොල්ලනවා මම දැක්කේ නැහැ. ඊට පස්සේ ටිකකින් මාව ෆේන්ට් උනා"
    ජංගම දුරකතනය අතටගත් අම්මා මාගේ දොස්තරට කතා කර මාගේ තත්වය කියන්නට විය. ටිකකින් ඇමතුම විසන්දි කළ අම්මා දොස්තර ළඟට යාමට සූදානම් වෙන්න යැයි කීවාය. කොට සායකින් හා බ්ලවුවසකින් හැඩ වූ මා මව පසු පස ගොස් මෝටර් රථයට ගොඩ වුණි. පොඩි කාලයේ සිටම කුමක් හෝ අමුත්තක් මා තුල තිබෙනවා යැයි මට හැ‍ඟෙන්නේ අම්මාගේ මේ ක්‍රියා කලාපය නිසාය. මට තිබෙනා හිස රදය සහ සෙනඟ සිටින ස්ථාන වල සිටීමට නොහැකිකම මිග්‍රේන් පැවතීම නිසා සිදුවන්නක් බව කියූවද, අම්මා සෑම විටම මාවත් ‍රැගෙන දොස්තරවරු සොයා ගොස් නොයෙකුත් පරීක්ෂණ කරයි. ඒ සෑම පරීක්ෂණයකින්ම තහවුරු වන්නේ මිග්‍රේන් ඇරෙන්නට වෙන කිසිදු ලෙඩක් මට නැති බවය.



     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    දෙවන කොටස

    වෛද්‍යවරයා මුණ ගැසී ගෙදර පැමිණ ඇඳට වැ‍ටුන මා අවදි වුනේ පසුදා පාන්දර හතරට පමණය. සෑම දිනකම සුපුරුදු ලෙස ලැබෙන උපදෙස් මාලාව හා බෙහෙත් වට්ටෝරුව එලෙසම ලැබුණි. එහෙත් හෙටත් මෙවැනි දෙයක් සිදු වුවහොත් අම්මා නැවතත් වෛද්‍යවරයා හමුවට මා ‍රැගෙන යන බව මට සක්සුදක් සේ විශ්වාසය. අම්මාගේ මේ ක්‍රියා කලාපය වෙලාවකට මට මහා වදයකි. එහෙත් ඇයගේ සිත රිදවන්නට අකමැති නිසාම ඇය කියනා සියලු දෙයටම කැමති වී මා නිහඬව සිටින්නට පුරුදු විය. අම්මා මෙලෙස මා ගැන වෙහෙසෙන්නට පටන් ගත්තේ අම්මා සහ තාත්තාගේ වෙන්වීමත් සමඟය. එම වෙන්වීමට හේතුව මා බව මම දැන ගත්තේ නිවසේ මෙහෙකාරිය වන නන්දනීගෙනි. අවසාන වරට තාත්තාව දු‍ටු දින මට සිහිනෙන් මෙන් මතකය. එදවස ඉතාමත් කුඩා වියේ පසු වූ මම වරින් වර තාත්තා සමඟ ඔහුගේ පරීක්ෂණාගාරය වෙත යාමට පුරුදුව සිටියෙමි. ලංකාවේ සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වන තාත්තාට ඔහුගේ පරීක්ෂණ වලින් තොර ලෝකයක් නොවුණි. එනිසාම ඔහු හා මව අතර නිතරම බහින් බස් වීම් ඇති වූ බව මට යාන්තමට මතකය.
    එක් දිනක මා තාත්තාගේ පරීක්ෂණාගාරයට වී සිටින විට එහි පැමිණි අම්මා, තාත්තා සමඟ හොඳටම බහින් බස් වී මාද ‍රැගෙන ගෙදර පැමිණියාය. ඊට පසු දින තාත්තා ගෙදර පැමිණ ඔහුගේ ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ සියල්ලම ගෙන ගියේය. තාත්තාව අන්තිම වරට දු‍ටු එදින, මවගේත් ඔහුගේත් එම බහින් බස් වීමට හේතුව මට නොතේරුණි. අවසාන වරට මාගේ මුහුණ සිප ඔහු පිටත් වන විට මගේ දෑසින් කඳුලු වැ‍ටුනේ ඔහු යෑමේ දුකට නොව, අම්මාගේ දෑසේ තිබෙන කඳුලු දු‍ටු නිසාය. එදින ඔහු ගෙදරින් පිටත් වූයේ ආයේ නොයෙන්නට බව එදවස මට නොවැටහුණි. තාත්තා ගිය පසු අම්මා මාවද තුරුලට ගෙන බොහෝ වේලා හැඬුවාය. ඇය හැඬූ අයුරු මතක් වන විට අදටත් මගේ නෙතු කඳුළින් තෙත් වේ. එදා සිට අද වනතුරුම කිසිම දිනක මා තාත්තා සමඟ කතා කර නොතිබුණද, ඔහු ඇමෙරිකාවේ වාසය කරන බව අම්මාගෙන් දැන ගැනීමට හැකි විය. මා තාත්තා සමඟ කතා කරනවාට අම්මාගේ එතරම් කැමැත්තක් නොතිබූ නිසා මම කිසි දිනෙක ඔහු හා කතා කිරීමට උත්සාහ ගත්තේ නැත. තාත්තා ගියදා සිට තනියම මාව හදා ගත් අම්මාගේ සිත රිදවීමට මගේ හිතේ කැමැත්තක් නැත. ඔහු මාගේ තාත්තා කියා දැන සිටියද, කිසිදු දිනෙක ඔහු මාගේ හිතට ළං වී නොසිටියේය. එම නිසාම ඔහු නැති අඩුවක් මගේ හිතට එතරම් දැනුණේ නැත.
    "දුව අද කැම්පස් යනවද?" අම්මා පැමිණ ඇ‍ඳෙහි අසුන්ගත් විට මම කල්පනා ලොවින් මිදුනෙමි. කැම්පස් යාමට කියා උදෙන්ම අවදි උනද හිතේ තිබුනේ දැඩි කම්මැලිකමකි.
    "යන්න ඕනා අම්මා. ඒත් හරිම කම්මැලියි"
    "ඒ මොකද ඒ?"
    "අනේ මංදා අම්මා... ඉස්සර තිබුන ආසාව දැන් නැහැ"
    "යනවනම් ලෑස්ති වෙන්නකො.. මාත් එක්කම යන්න පුලුවන්නේ"
    අම්මා ගිය පසු පැයක් පමණ හිතේ හැටියට වතුර නා ගත් මම රතු හා සුදු වර්ණයෙන් මිශ්‍ර චීත්ත ගවුමෙන් හැඩ වුනෙමි. නන්දනී සාදා දුන් බත් පාර්සලයද ‍රැගෙන අම්මා සමඟ මෝටර් රථයට ගොඩ විය. මෝටර් රථය පාරට දානවාත් සමඟම පාරේ ගිය බයිසිකල් කරුවෙකු පැමිණ රථයේ වැදී බිමට වැ‍ටුණි. අම්මාද මාද වහාම වාහනයෙන් බැස දුවගොස් ඔහුට නැගීටීමට උදව් කරන්නට විය. හිතට දැනුණු බය නිසාම මාගේ අත්ද මදක් වෙව්ලන්නට විය.
    "හප්පල ඉවර වෙලා එනවා මෙතන උස්සන්න" " මේ මිනිහට පිස්සුද මංදා මෝටර් බයික් එකටත් වඩා මේ බයිසිකලෙන් හයියෙන් යන්න හදන්නේ" " මේ මොකද මේ වෙලා තියෙන්නේ" " අදනම් හොඳටම පරක්කුයි" " කකුල පොඩ්ඩක් කැඩිලා වගේ ඉන්න ඕනා කීයක් හරි කඩා ගන්න" " අද කොහොමද එළියට පනින්නේ" "අදනම් අරකිව කොහොම හරි ටැකල් කරනවා" "අයියට කියන්න ඕනා එයාව ගෙනියන්න" "මටනම් බැහැ මේ වැඩේ හැමදාම කරන්න""පට්ට කාර් එක" "අම්මෝ මං බය උන බයවිල්ලක්" "අද ඉතින් එයාට එන්නම වෙනවනේ" "කොහොම ඉවර කරන්නද මංදා හෙටට කලින්"
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ඔලුව උස්සා මා වට පිට බලන්නට වූයේ මේ ඇසෙනා හඬවල් කාගේදැයි සොයන්නටය. එහෙත් මා වටා සිටියේ අම්මා සහ බයිසිකල් කරු පමණකි. ඒ හැරෙන්නට ඒ අසලින් වරින් වර මෝටර් රථ ගමන් ගන්නට විය. මේ හඬවල් මට දිගින් දිගටම ඇසේ. එයින් එකක් අම්මගේත් අනෙක බයිසිකල් කරුගේත් බව මට වැටහෙන්නට විය. ඔවුන් දෙස බැලූ විට පෙනුනේ ඔවුන් අනතුර පිළිබඳව කතා කරන අයුරුය. එහෙත් මට ඇසෙන්නේ ඔවුන්ගේ කටින් පිටවන දේ පමණක්ම නොවේ. ඊට වඩා වෙනස් දේවල්ද ඇසේ. ඒ අතරතුර වෙන වෙන හඬවල්ද ඇසී නෑසී යයි. මට කුමක් සිදුවන්නේද යන්න මට සිතා ගත නොහැක. ඒ අතරතුර තද හිසරදයක්ද දැනෙයි. වාහන තදබදය නිසා වාහන පේලියක්ම අප අසල නවත්තනවාත් සමඟම මට දරා ගැනීමට නොහැකිතරම් හඬවල් ඇසෙන්නට විය. ඒත් සමඟම මා ගෙය දෙසට දුවන්නට විය. මාගේ කාමරයට විත් දොර වසා ඇඳට වැ‍ටුන මාගේ මුලු සිරුරම දහඩියෙන් තෙත් වී තිබුණි. එකවරම මට තවත් හඬක් ඇසෙන්නට විය. "බේබිට මොකක්ද එක පාරටම උනේ. අනේ තියෙන කරදරයක්. පව් දෙයියනේ...." කවුරුන්හෝ සිතනා දෙයක් එක දිගටම මට ඇසෙයි. ඒ වෙන කවුරුත් නොව නන්දනී විය යුතුය. මද වේලාවකට පසුව නන්දනී දොරට තට්‍ටු කර කුමක් වූයේදැයි අසන්නට විය. ඇයට යන්නට කියා මම කොට්ටයෙන් මුහුණ වසා ගත්තෙමි. ටික වේලාවකින් නන්දනීගේ හඬද නැති විය.
    මට කුමක්ද මේ සිදු වන්නේ? මට කුමක් හෝ රෝගයක් වැළඳී ඇත්ද? නැතිනම් මිග්‍රේන් නිසාම මට එක එක විකාර හඬවල් ඇසෙන්නේද? නැතිනම් මට පිස්සු හැදීගෙන එනවාද? මට කිසිම දෙයක් සිතා ගත නොහැකිය. එකවරම ඇ‍ඳෙන් නැගිටගත් මම දොර ඇරගෙන මුලුතැන් ගෙය දෙසට ගියෙමි. පඩිපෙල බසිනවාත් සමඟම නැවතත් නන්දනීගේ යැයි සිතිය හැකි හඬ මට ඇසෙන්නට විය. මම නැවතත් පඩිපෙල දිගේ උඩට එන්නට විය. උඩට ආ පසු එම හඬ නැති වුනි. නැවතත් කාමරයට වැදුනු මා ඇඳට වැ‍ටුණි. කාමරයේ සිටම මම නන්දනීට මහ හඬින් කතා කළෙමි. මද වේලාවකින් ඇය කාමරයට පැමිණියාය. ඇය කාමරයට පැමිණීමට මද වේලාවකට පෙර සිටම මට ඇයගේ සිතුවිලි වල හඬ ඇසුණි.
    "නන්දනී ඔයාගේ හිතේ මොකක් හරිම අපි නොදන්න දෙයක් ගැන තියෙනවනම් එක විනාඩියකට ඒක ගැන හිතන්න"
    මා එසේ කීවේ මට මේ හිතෙනා දෙය, එනම් "මට අනිත් මිනිසුන් සිතනා දෙය ඇසෙනවා" යන්න නිවැරදි දැයි කියා දැන ගැනීමටයි. මෙවැනි දේවල් විද්‍යා ප්‍රබන්ධ වල පමණක් අන්තර්ගත් වුවත්, මේ සිදුවන දේවල් නිසාම මට එවැනි ආසාමන්‍ය බලයක් තියෙනවාද කියා පරීක්ෂා කර ගැනීමට සිතුණි. මා කියූ දෙය ඇසූ පමණින් නන්දනීගේ සිතුවිලි වෙනස් වී වෙනස්ම සිතුවිල්ලක් ඇයගේ සිතට පිවිසුණි. " මගෙයි එහා ගෙදර ඩ්‍රයිවර්ගෙයි සම්බන්දයක් තියෙනවා කියලා බේබිට තේරිලාවත්ද?". ඇත්තටම ඔවුන් දෙදෙනාගේ සම්බන්දයක් තියෙනවාද?
    "නන්දනීයි එහා ගෙදර ඩ්‍රයිවරුයි යාලුයිද?"
    "නැහැ නෝනා"
    නන්දනී එසේ උත්තර දුන්නද ඇයගේ මුහුණේ ඉතාම බයාදු පෙනුමක් විය. එසේම ඇය සිතින් සිතුවේ මම මෙය දැන ගත්තේ කෙලෙසද යන්න පිළිබඳවය. ඉන්පසු ඊයේ සවස ඇය කඩේට ගිය විට ඔහුව හමු වූ බව කවුරු හරි දැක මට කියන්නට ඇතැයි ඇය සිතුවාය. එමෙන්ම එම ඩ්‍රයිවර් අද හෙටම මේ සම්බන්දය පිළිබඳව ඔහුගේ ගෙදර මහත්තයාට කියනා බව කිව් නිසා බය විය යුතු නැති බවද, එම නිසා නන්දනී මට ඇත්තම කියනා ලෙසද සිතන්නට විය.
    "පොඩි සම්බන්දයක්නම් තියෙනවා බේබි. මම කියන්නමයි හිටියේ. ඒත්..."
    නන්දනී එසේ කියා ඔලුව කසන්නට විය. දැන් නම් මට අධි මානසික හැකියාවක් තියෙන බවට මට හොඳටම විශ්වාසය. එහෙත් මෙතරම් කලක් එවැනි දෙයක් නොතිබී එකපාරටම අද එවැනි හැකියාවක් මට ලැබුනේ කෙසේද? මට නැවතත් මෙය හොඳින්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය විය. නන්දනී සහ ඔහුගේ පෙම්වතා යාලු වුනේ කෙසේද කියා අසා, ඇය පිළිතුරු දීමට කලින් මම අත්ලෙන් ඇයගේ කට වසා මට ඇසෙනා සිතුවිලි වලට පමණක් සවන් දුන්නෙමි.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    "ආ..එදා පන්සල් ගිය වෙලාවේ තමයි එහෙනම් දෙන්නා හොරෙන්ම සෙට් වෙලා තියෙන්නේ. මම ඒත් කල්පනා කලා එදා නන්දනී පැන් කලයක් අරන් එන්නම් කියලා ගිහින් පැය ගානක් කොහෙද අතුරුදහන් උනේ කියලා"
    ඇය බයෙන් භීරාන්ත වී මා එය කියනා අවස්ථාවේම මා ඒ පිළිබඳව කොහොම දැන ගත්තාදැයි සිතන්නට විය. මම ලොකු හිනාවකින් මුව සරසාගෙන නන්දනීගේ කට නිදහස් කළෙමි. ඇය තවත් ටික වෙලාවක් මා දෙස බලා සිටියේ "බේබි බලන් හිටියා වගේ හැමදේම කොහොම කියනවද මන්දා" යැයි සිතමිනි.
    "මම කියන්න කලින් බේබි ඔක්කොම හොයාගෙන තියෙන්නේ" එසේ කියා ලැජ්ජාවෙන් සිනාසුණ ඇයට තවත් දහසක් සිතුවිලි සිතෙන්නට විය.
    හිතට එක මොහොතක් නිශ්ෂබ්දව සිටින්නට නොහැකි බව මට හොඳින්ම තැරුණේ මේ මොහොතේදීය. තමන්ගේම සිතුවිලි වලට සවන් දුන්නද එවැනි දෙයක් එතරම් වැටහෙන්නේ නැත. නමුත් තව කෙනෙකුගේ සිතුවිලි වලට සවන් දුන් විට එය හොඳින්ම වැටහෙයි. එක මොහොතකදී ලෝකයේ ඕනෑම තැනක සැරි සැරීමට සිතට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. එමෙන්ම සිතුවිලි කොතරම් වේගවත් දැයි හඳුනා ගන්න නම් අනුන්ගේ සිතුවිලි වලට සවන් දිය යුතුමය. නන්දනී කාමරයෙන් ගිය පසු දොර වසාගත් මම නැවතත් ඇඳේ හාන්සි වුනෙමි. සිතට මහා බියක් දැනෙයි. ඇත්තෙන්ම මට කුමක් සිදු වී ඇත්දැයි මට සිතාගත නොහැකි මුත්, අනිත් අයගේ සිත් කියවීමට කුමක් හෝ හැකියාවක් ලැබී ඇති බව පමණක් වැටහේ. නමුත් එය විශ්වාස කළ නොහැකි කාරණාවකි. කවුරුන් සමඟ හෝ මේ පිළිබඳව පැවසුවොත් ඔවුන් නිසැකයෙන්ම මා හට සිනාසෙනු ඇත.
    මා කියවා ඇති බොහෝ විද්‍යා ප්‍රබන්ධ වල පවතින ලෙස මෙවැනි අසාමන්‍ය හැකියා ඇතිවන්නේ උල්කාපාත වැහි වැනි දෑ වලට නිරාවරණය වූ පසුවය. එසේත් නැතිනම් පිටසක්වල ජීවින් නිසා ඇති වන බලපෑම් නිසාය. නමුත් මා හට එසේ කිසිදු සිද්ධි මාලාවකට මුහුණ දීමට සිදු වී නැත. පොත් වලට පමණක් සීමා වූ එම ප්‍රබන්ධ වල සත්‍යතාවක් ඇතැයි මම කොහෙත්ම විශ්වාස කරන්නේද නැත. එසේනම් අවුරුදු විසි එකකට පසු හදිසියේම මෙවැනි විපර්යාසයක් ඇති වූයේ කුමන හේතුවක් නිසාද? මේ පිළිබඳව සිතන විට මට සිතෙනා තවත් දෙයක් නම්, විද්‍යා ප්‍රබන්ධවල තිබෙනා අනෙකුත් අසාමන්‍ය හැකියා ඇති මිනිසුනුත් මේ පොළොව මත සිටිනවාද කියායි. මේ ගැන සිතන්න සිතන්න මගේ ඔලුව විකාර වේ.
    එකවිටම අම්මා සහ බයිසිකල් කරු මතක් වූ මම නැවතත් අම්මා සිටින ස්ථානයට යෑමට එළියට බැස්සෙමි. අම්මා අසලට ළං වන සෑම අඩියක් පාසාම මට ඇසෙනා හඬවල් වැඩි වන්නට විය. ඒ සෑම දෙයක්ම එකම වේලාවේ ඇසෙනා බැවින් පැහැදිලිව වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඉතාම අපහසුය. වාහන තද බදය තවමත් තිබූ බැවින් පාරෙහි වාහන පෝලිමට නවතා තිබුණි. ඒවා ඉදිරියට ඇදුනේ ඉතාමත්ම සෙමින්ය. අම්මා දෙසට ළං වන විට ඇසෙනා හඬවල් වැඩිවන්නට විය. සෙමින් සෙමින් මාගේ ශරීරයට දහඩිය දාන්නට විය. එමෙන්ම එන්න එන්නම ලොකු මහන්සියක්ද සමඟ ශරීරය දුර්වල වන බවක් මට දැනුණි. එහෙත් නොනැවතී ඉදිරියට ගිය මට තද හිස රුදාවක්ද සමඟ හිසට දරාගත නොහැකි තරම් ශබ්ද ඇසෙන්නට විය. පෙර දින විශ්ව විද්‍යාලයේදී සිදු වූ ලෙසම මාව කැරකෙන්නට පටන් ගැනුණි. ආපසු හැරුණු මා ඉතාමත් අපහසුවෙන් නිවස දෙසට ගමන් කරන්නට විය. නිවසට ළං වෙනවාත් සමඟම හඬවල් එකින් එක අඩු වී, ශරීරයට හා මනසට දැනුණු අපහසුතාවයද කෙමෙන් අඩු වන්නට විය. මාගේ කාමරයට විත් දොර වසා ගත් මම කැඩපත ඉදිරියට ගොස් දහඩියෙන් නැහැවී රතු වී සිටි මාගේ මුහුණ දෙස බැලුවෙමි.
    නැවතත් කිසිම දිනක මේ බිත්ති හතරෙන් වටවූ ලෝකයට එහා ලෝකයක් මට දකින්නට නොලැබෙයිද? මගේ නෙත් කඳුලින් පිරුණේ මටත් නොදැනීමය. පූරුවේ කරපු කිනම් පවක් මට පටිසන් දෙන්නේද? මේ බිත්ති හතරට පමණක් කො‍ටු වී මුලු ජීවිත කාලයක් සිටින්නේ කෙසේද? දෙඅත්ලෙන් ඔලුව බදා ගත් මා ඇඳට වැ‍ටුණි. කුඩා කල සිටම සෙනඟ පිරි ස්ථාන වල සිටීමට මට අපහසු වූයේ මේ හේතුව නිසාමදැයි මට සිතුණි. එකළ මෙසේ හඬවල් නෑසුනද, එවැනි ස්ථාන වල සිටිද්දී මට තද හිසරුදාවකුත් සමඟම ඔලුව එක එක අදහස් වලින් පිරී ඇති බවක් දැනුණි. කෙසේ වෙතත් මෙම හේතුව නිසා මට එළියට යාමට නොහැක. විශ්ව විද්‍යලයට යාමට නොහැක. මගේ අනාගතය? මගේ ජීවිතය? මට කුමක් වෙයිද?
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    තුන්වන කොටස

    ඇඳට වී කල්පනා කරමින් සිටි මා පියවි සිහියට පැමිණියේ නැවතත් කාගේ හෝ සිතුවිලි මගේ මනසේ සැරිසරන විටය. මෝටර් රථ අනතුරට ලක් වූ බයිසිකල් කරුට බනිමින් සිටින ඇය අම්මා බව මට වැටහුණි. ඇයගේ සිතුවිලි සඳහා අවධානය යොමු නොකර සිටීමට කොතරම් උත්සාහ කළද මාගේ මනස පාලනය කර ගැනීමට මට හැකියාවක් නැත. නැවතත් මගේ නෙතු කඳුලින් තෙත් වූයේ, මා මුහුණ දෙමින් සිටිනා අසාමාන්‍ය සිද්ධි මාලාව කොතරම් අප්‍රසන්නද යන්න සිහි වීමෙනි. අම්මා කාමරයට පිවිසියේ මා කඳුලු පිසිනවාත් සමඟය.
    "ඇයි දුව? මොකද මේ?" අම්මා එසේ ඇසුවද ඇයට සිතෙනා දහසක් සිතුවිලි මට ඇසුණි. දරුවකුගේ පොඩි වෙනස් වීමකදි දෙමව්පියන්ගේ සිත් කොතරම් පිච්චෙනවාද යන්න මට වැටහෙන්නේ දැන්ය.
    මාගේ තත්වය අම්මාට කිව යුතුද නැද්ද යන්න මට සිතා ගත නොහැක. මෙවැනි දෙයක් මා කියූ පමණින් අම්මා විශ්වාස කරාවිද? අම්මා පමණක් නොව මමද මෙවැනි දෙයක් ඇසුවානම් කිසිසේත්ම විශ්වාස නොකරමි. අම්මාට මෙය පැවසුවහොත් ඇය කලබල වෙනවා නිසැකය. සමහරවිට මට මොනයම් හෝ මානසික ආබාධයක් ඇතැයි ඇය සිතන්නට පුලුවන. එහෙත් මෙය ඇයට නොකියා වසන් කිරීමට පුලුවන් කමක් නොමැත. බය වී මාදෙස බලා සිටින අම්මා මට කුමක් සිදූ වී ඇත්දැයි සිතයි. ඇයව තවත් අපහසුතාවයට පත් නොකිරීමට සිතා ගත් මම සියල්ල පැවසිය යුතු යැයි තීරණය කළෙමි.
    "අම්මා... මම මේ කියන දේ අහලා කලබල වෙන්නේ නැහැ නේද?" මගේ මුවින් එම වදන් පිට වූ සැනින්ම ඇය කලබලයට පත් වූවාය. ඇගේ මනසේ විවිධාකාර සිතුවිලි මැවෙන්නට විය. ඇගේ සිතුවිලි මුවින් නොපෙන්නුවද ඇයගේ සිතෙහි දහසක් ප්‍රශ්ණ මතුවී තිබුණි.
    "මොකක්ද දුව කාරණේ?" ඇය සන්සුන් ස්වරයෙන් එසේ ඇසුවද, ඈ කොතරම් කලබලයට පත් වී සිටියේදැයි ඇගේ සිතුවිලි වලින්ම මට වැටහුණි.
    "මම දන්නේ නැහැ මම මේ කියන්න යන දේ අම්මා කොහොම තේරුම් ගනීද කියලා. හැබැයි අම්මට මම මුලින්ම කියන්නේ මට පොඩ්ඩක්වත් පිස්සුනම් නැහැ. ඒක නිසා මේක අහලා හිතන්න එපා මට පිස්සු හැදිලා කියලා" මා එසේ පැවසූ විට ඇගේ සිතට ක්ෂණික බියක් ඇති විය. නමුත් එය කුමක්ද කියා මට නොතේරුණි. මන්ද ඇය බිය වී සිටියද ඇගේ සිතුවිලි වල එයට හේතුවක් නොතිබුණි. ලොකු හුස්මක් ගෙන ළය සැහැල්ලු කරගත් මම ඇයගේ සුරත ගෙන මගේ උකුල මත තබා ගත්තෙමි.
    "මං හිතන්නේ මට අනිත් අයගේ හිත් කියවන්න පුලුවන්. ඒ කියන්නෙ මයින්ඩ් රීඩින්." මා එසේ පැවසූ විට ඇයගේ සිතෙහි දහසක් සිතුවිලි ඇති වී නැති වී අවසානයේ දැඩි බියක් පමණක් ඉතුරු විය. එම සිතුවිලි පැහැදිලි නොවුනද, මේ පිළිබඳව අම්මා දැන සිටි බවක් මට යන්තමට වැටහුණි. ඇය බය වී මා දෙස බලා සිටියේ ඇගේ සිතුවිලි හැසිරවීමට විශාල අරගලයකට මුහුණ දෙමිනි. නමුදු වැඩි වේලාවක් සිතුවිලි සමඟ සටන් කිරීමට ඇයට නොහැකි විය. දිය යට එබූ රබර් බෝලයක් උඩට මතු වීමට දඟලනවා සේම, නොසිතා සිටීමට තැත් කල ඇගේ සිතුවිලි ක්ෂණිකයෙන් මනසේ සැරි සරන්නට පටන් ගන්නට විය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ජීවනි දිසානායක විවාහ වනවිට තිස් වන වියෙහි පසුවිය. සරසවියේ සිටි අනෙකුත් යෙහෙලියන්ට මෙන් ඇයට පෙම්වතෙකු නොසිටියේ ඉගෙනීමටම සිත යොමු කර සිටි ඇය එවැනි දෙයක් ගැන සිත යොමු නොකල නිසාය. එනිසාම ඉගෙනීමේ කටයුතු නිමා වූ පසු ගෙදරින් ගෙන ආ යෝජනාවකට කැමති වූ ඇය එඩ්වඩ් විජේමාන්න සමඟ විවාහ විය. එඩ්වඩ් සමඟ විවාහ වීමට ඇය කැමති වීමට මූලික හේතුව වූයේ ඒ වනවිටද මහාචාර්ය වරයෙකුව සිටි එඩ්වඩ් ලංකාවේ නම ගිය විද්‍යාඥයෙකුද වූ නිසාවෙනි. ජීවිතයේ සෑම දෙයක්ම උගත්කම, පරම්පරාව, වැනි දෑ වලට අනුව මනින්නට පුරුදුව සිටි ජීවනි, එඩ්වඩ් ඇයගේ ශාස්ත්‍රීය සුදුසුකම් වලට හා තමන්ගේ පරම්පරාවට ගැලපෙනවා යැයි සිතුවාය. එම නිසාම ලංකාවේ සුප්‍රසිද්ධ ඉංජිනේරු ආයතනයක ‍රැකියාව කල ජීවනි දිසානායක, එඩ්වඩ් විජේමාන්න සමඟ විවාහ වූයේ ලොකු සතුටකින් සහ ආඩම්බරකමකිනි.
    එහෙත් ඇයගේ එම සතුට සහ ආඩම්බරකම වැඩි කල් නොතිබුණි. විවාහයෙන් පසුව යෙදුනු සතියක මධුසමය ගත කිරීම සඳහා නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල වැනි ස්ථාන නැරඹීමට යාමට සැලසුම් කරගෙන තිබූ ඔවුන් හට, නුවර එළි පමණක් ගොස් නැවත කොළඹ පැමිණීමට සිදු වූයේ, එඩ්වඩ්ගේ පර්යේෂණ කටයුතු නිසාය. සැලසුම් සියල්ල පසෙක තබා ජීවනි එඩ්වඩ් සමඟ නිවසට පැමිණියේ හිත යටින් ඔහුට බැන වදිමිනි. මින් පෙර කිසිදු දිනෙක පිරිමියෙකු සමඟ ගමන් බිමන් නොගොස් සිටි ඇය, එඩ්වඩ් සමඟ බදුල්ල, බණ්ඩාරවෙල වැනි ප්‍රදේශ වල සැරි සැරීමට ඉමහත් ආශාවකින් බලා සිටියාය. එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් එඩ්වඩ් කියා සිටියේ ඔහුට මේ අවස්ථාවේදී යායුතුම බවත්, පර්යේෂණ කටයුතු නිමා වූ වහාම ඇයව ලංකාව වටේම ‍රැගෙන යන බවත්ය. එම අවස්ථාවේදී, නැවත ඔහු සමඟ එවැනි ගමනක් යාමට නොහැකි වේ යැයි ඇයට සිතුනේ ඇයි දැයි ඇයට නොවැටහුණි.
    විවාහ වී නොබෝ දිනකින්ම ඇයට වැටහුනේ පරම්පරාව, උගත්කම ගැලපුනද සිත් නොගැලපේනම් විවාහ දිවියකින් පලක් නොවන බවය. ජීවනී සහ එඩ්වඩ් අතර තිබූ දුරස්ත බව නිසාම ඇයට විවාහය යනු හදවතින්ම එකිනෙකා අතර සිදුවන බැඳීමක් බව වැටහුනි. ජීවනි සහ එඩ්වඩ් අතර එතරම් සමීප සබඳතාවක් නොතිබීමට ප්‍රධානතම හේතුව වූයේ එඩ්වඩ්ගේ පර්යේෂණ කටයුතුය. වැඩ නිමා වී සවසට ගෙදර පැමිණි පසුද එඩ්වඩ් ඔහුගේ පොත්ගුලට වැදී මහ රෑ වනතුරු පොත පත කියවන්නට වූයේය. සාමන්‍ය අඹුසැමි යුවලක් අතර තිබෙනා කායික බැඳීමක් ඔවුන් අතර පැවතියත්, ඔවුන්ගේ හදවත් වල බැඳීම ඉතාම දුර්වල විය. එඩ්වඩ්ගේ සිතුම් පැතුම් පිළිබඳව ඔහුගේ මිතුරන් හට තිබෙනා දැනුමෙන් අඩක් වත් ජීවනි සතු නොවීය. එමෙන්ම ජීවනීගේ සිතුම් පැතුම් පිළිබඳවද එඩ්වඩ්ට එතරම් ලොකු දැනුමක් නොතිබුණි. එම නිසාම විවාහ වී තෙමසක් ගත වීමටත් ප්‍රථම ජීවනීට විවාහ ජීවිතය එපා විය. ඇය වටා තිබූ තනිකමින් මිදීම සඳහා ජීවනි වැඩි වැඩියෙන් ඇයගේ ‍රැකියා කටයුතු සඳහා යොමු විය. එම නිසාම එඩ්වඩ් සහ ජීවනි තව තවත් දුරස් විය.
    විවාහ වී සිව් මසකින් ජීවනිට ඇගේ සිරුරෙහි වෙනසක් දැනෙන්නට විය. වෛද්‍යවරයෙකු හමු වූ ඇයට දැන ගන්නට හැකි වූයේ ඇය ගැබ් ගෙන ඇති බවය. එම ආරංචියෙන් සතුටට පත් වූ ඇයගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් ඇති විය. නිවසට ගොස් එඩ්වඩ් එනතුරු බලා සිටීමට තරම් ඉවසිල්ලක් නොතිබූ ජීවනි, එඩ්වඩ්ගේ පර්යේෂණාගාරයට ගොස් සුභ ආරංචිය දැන් වූ විට එඩ්වඩ්ගේ මුහුණද ආලෝකමත් විය. තම විවාහය ගැන නැවතත් බලාපොරොත්තු තබාගත හැකි බවට එඩ්වඩ් දෙස බලා සිටි ජීවනීට සිතුණි. වෙනදාට වැඩියෙන් ජීවනීගේ සුව පහසුව, කෑම බීම පිළිබඳව එඩ්වඩ් සොයා බැලුවද, වැඩිපුර අදහස් හුවමාරුවක්නම් ඔවුන් අතර සිදු නොවුණි. එහෙත් තම සැමියා වෙනදාට වඩා තමා ගැන උනන්දු වීම ගැන සිතූ ජීවනි එයින් සතු‍ටු වූවාය. දරුවා ලැබුණු පසු ඔහු පර්යේෂණ සඳහාම සිත යොමු නොකර පවුල් ජීවිතය පිළිබඳවද සිතා බලා එයටද කාලය වෙන් කාරාවි යැයි ඇය සිතන්නට විය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    කෙත්මි මෙලොවෙහි එළිය දු‍ටු දින ජීවනිගේ සතුට නිම් හිම් නැති විය. ඇයගේ ජීවිතයට ලැබුණු වටිනාම වස්තුව සිඟිති දියණියයි. කෙත්මිගේ බෝල් ඇස්, සුරතල් මුහුණ දු‍ටු විට ඇගේ සිතෙහි පැවති සියලු දොම්නස් තුරන් විය. කෙත්මිගේ උපතින් පසුව එඩ්වඩ්ගේ ක්‍රියා කලාපය වෙනස් වේ යැයි ජීවනි සිතුවද, ඔහුගේ ක්‍රියා කලාපයේ එතරම් වෙනසක් ඇති නොවුණි. එඩ්වඩ් පිළිබඳව ඇයගේ සිතෙහි ඇති වූ කළකිරීමත් සමඟම සැමියා ගැන නොසිතා කෙත්මිගේ ජීවිතය ආලෝකමත් කරන්නට ඇය අදිටන් කර ගත්තාය. දූ පොඩිත්ත නිසාම ජීවනිගේ දිවියෙහි පැවති තනිකම, පාලුව තුරන් විය. විවිධ පර්යේෂණ කටයුතු නිසා අත් කරගත් ජයග්‍රහණ නිසාම ‍රැකියාවේ හා ජනප්‍රියත්වයේ මුදුනෙහිම සිටි එඩ්වඩ් සහ තමාගේ මුලු ලෝකයම දූ පොඩිත්ත කරගත් ජීවනි අතර කතා බහක් ඇති වූයේ අතවශ්‍ය හේතුවකට හෝ බහින් බස් වීමකට පමණි.
    කෙත්මිට අවුරුදු පහක් පමණ වූ පසු, ඇතැම් දින වල එඩ්වඩ් සමඟ පර්යේෂණාගාරයට යෑමට කෙත්මි පුරුදු විය. එඩ්වඩ් ඇයත් සමඟ කෙසේ හෝ කාලය ගත කිරීම පිළිබඳව ජීවනි සතු‍ටු වූවාය. එඩ්වඩ් හා තමා අතර එතරම් සබඳතාවක් නොවූවද, තම දියණියට පිය උණුහුම ලැබිය යුතු බව ඇය තරයේ විශ්වාස කළාය. මා පිය සබඳකම් කුඩා දරුවන්ගේ මනසට තදින්ම බාලපාන බව දන්නා නිසාම එඩ්වඩ් සහ ජීවනී කෙත්මි ඉදිරිපිට කිසිදු දිනෙක බහින් බස් නොවන්නට පරිස්සම් විය. එහෙත් දියණියට හොරෙන් ඔවුන් බහින් බස් වීමට උත්සාහ කලද ඔවුන් බහින් බස් වන සමහර අවස්ථා දියණිය දු‍ටු බව ඔවුහු නොදැන සිටියෝය.
    පර්යේෂණාගාරයේ දියණිය සමඟ එඩ්වඩ් කල් ගත කිරීමට පටන්ගෙන වසරකින් පමණ පසු ජීවනීට තම සැමියාගේ කාර්යාල කාමරයෙහි දියණියගේ නමින් තිබූ ලිපිගොනුවක් ලැබුණි. එක් දිනෙක හදිසි අවශ්‍යතාවයක් සඳහා දුරකතන අංකයක් ලබා ගැනීම සඳහා එඩ්වඩ් ජීවනීව ඇමතූ අවස්ථාවක කාර්යාල කාමරයට ගිය ජීවනි, එඩ්වඩ්ගේ දුරකථන අංක සහිත කුඩා දින පොත සොයන්නට විය. ඒත් සමඟම ඇයට කෙත්මි විජේමාන්න නමින් තිබූ ලිපි ගොනුවක් දක්නට ලැබුණි. දුරකතන අංකය සොයාගෙන එය සැමියාට දුන් ජීවනි නැවතත් කර්යාල කාමරයට වැදී ලිපි ගොනුව කියවන්නට විය. එය කෙත්මි පිළිබඳව වූ පර්යේෂණ සටහන් බව බැලූ බැල්මට ඇයට වැටහුණි. එම ලිපිගොනුවෙන් අඩක් පමණ කියවාගෙන යන විට ඇයගේ ඉහ මොල රත් වන්නට විය. හිතට ආ ආවේගය අපහසුවෙන් පාලනය කරගත් ඇය එක හුස්මට ලිපි ගොනුව කියවන්නට විය. ලිපි ගොනුව වසා මේසය මතට දැමූ ඇගේ නෙත් වලින් කඳුලු ගලා හැලෙන්නට විය. තරහව, වේදනාව, බිය මිශ්‍ර වූ ඇගේ මනසට කුමක් කරන්නදැයි සිතා ගත නොහැකි විය. විනාඩි කිහිපයක් කල්පනා කළ ඇය ලිපිගොනුවද ‍රැගෙන එඩ්වඩ්ගේ පර්යෙෂණාගාරයට පිටත් විය.
    පර්යේෂණාගාරයට ගිය ජීවනීට දකින්නට හැකි වූයේ තම දියණිත් තවත් කුඩා ළමුන් දෙදෙනෙකුත් පර්යේෂණාගරයෙහි බිම ඉඳගෙන සෙල්ලම් කරන අයුරුය. ඔවුන් සෙල්ලම් කරමින් සිටියද ඔවුන්ගේ හිසට වයර් කැබලි කිහිපයක් සම්බන්ඳ කර තිබුණි. එම වයර් කැබලි එකින් එක වෙන වෙනම විද්‍යුත් යන්ත්‍ර කිහිපයකට සම්බන්ඳ කර තිබුණි. තමාගේ සැමියා ඔහුගේ ලෙයින් බිහි වූ දරුවාව ඔහුගේ පර්යෙෂණ සඳහා යොදා ගනී යැයි සිහිනෙන්වත් ඇයට නොසිතුණි. ඇගේ නෙතින් නොනවත්වා උණුසුම් කඳුලු බිඳු ගිලිහුනේ සිතෙහි පැවති බිය නිසාමය. ලිපි ගොනුවක්ද ‍රැගෙන පර්යේෂණාගාරයේ දොරකඩ සිටිනා රුව දැකීමෙන් එඩ්වඩ් කලබලයට පත් විය. තම දියණිය පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා බව තම බිරිඳ සොයාගනී යැයි කිසි විටෙක ඔහු නොසිතුවේය. ජීවනි අත ‍රැඳි ලිපි ගොනුව දු‍ටු ඔහුට පෙර දින එය අධ්‍යනය කිරීමට නිවසට ගෙන ගිය විට එය අමතක වී කාර්යාල කාමරයේ දමා ආ බව මතක් විය. කිසිදු දිනෙක ඔහුගේ කර්යාල කාමරයට නොයන ඇයට අද දිනම ඔහුගේ දුරකතන ඇමතුම නිසා එහි යාමට සිදු විය. තමාගේ අමතක වීම පිළිබඳව තමාටම සාප කරගනිමින් එඩ්වඩ් ජීවනි දෙස බලා සිටින්නට විය.
    එඩ්වඩ් අසලට පියමන් කළ ජීවනී ලිපි ගොනුව පෙන්වා එහි තේරුම කුමක්දැයි විමසන විට එයට දීමට පිළිතුරක් සිතා ගත නොහැකිව එඩ්වඩ් දියණිය දෙස බලා සිටින්නට විය. සිතේ තිබුණු ආවේගයෙන්ම ඔහුට බැන වැදුණු ඇය දියණිය නිවසට ‍රැගෙන යාමට සූදානම් කරදෙන ලෙස නියෝග කළාය. දියණියව සූදානම් කරන අතරතුර ජීවනීට බිය නොවන ලෙස පැවසූ එඩ්වඩ්, එම පරීක්ෂණ වලින් දියණියගේ දිවියට කිසිදු බලපෑමක් නොවන බව පැවසුවේය. ඔවුන්ගේ පර්යේෂණ වල ප්‍රතිඵල අසාර්ථක බවත්, කිසිදු අතුරු අබාධයකට දියණියට මුහුණ දීමට සිදු නොවන බවත් එඩ්වඩ් පැවසුවද ජීවනීට එය පිළිගැනීමට අපහසු විය. ඇය පැමිණෙන අවස්ථාවේ දියණියට කළ පරීක්ෂණය බිලිබඳව විමසූ ඇයට ලැබුණ ප්‍රතිචාරය වූයේ එය හදිසියේ කල කුඩා පරීක්ෂණයක් බවත් එයින්ද දියණියට කිසිදු අනතුරක් නැති බවත්ය. පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගන්නා තුරු මදක් සිටින්නට යැයි සැමියා කළ යෝජනාව නිසා ජීවනීගේ මුලු සිරුරම තරහෙන් වෙව්ලන්නට විය. ඔහුට හොඳටම බැන වැදූ ජීවනි, ඔහුගෙන් දික්කසාද වන ලෙසද, නැවත කිසිදු දිනෙක ඇයගේ හා දියණියගේ ජීවිත වලට නොපැමිණෙන ලෙසද දැඩි හඬින් පැවසුවාය. බිරිඳ පැවසූ දෙය අදහා ගැනීමට නොහැකිව එඩ්වඩ් බලා සිටියේය. දියණියව ඔහුගේ පර්යේෂණ වලට යොදාගත්තේ එයින් ඇයට කිසිදු හානියක් නොවන බව ඔහු දැන සිටි නිසාවෙනි. දියණිය නැතිව ජීවත් වීම අපහසු බව ඔහුට වැටහුනත්, ඔහු කළ වැ‍රැද්ද නිවැරදි කිරීමට අපහසු බව ඔහුට වැටහුණි. දියණියද ‍රැගෙන පර්යේෂණාගාර දොර‍ටුවෙන් එළියට යන තම බිරිඳ දෙස එඩ්වඩ් බලා සිටියේ බොඳ වූ දෙනෙතිනි.
    පසුදා නිවසට පැමිණි එඩ්වඩ් ඔහුගේ සියලුම බඩු බාහිරාදිය අසුරා මෝටර් රථයට දමා ගත්තේය. දෙතුන් මසකින් පිටරකට යෑමට ඔහු සිතන් සිටින බවත්, දික්කසාදය අවශ්‍යනම් ඔහු එය දීමට සූදානම් බවත් පවසා ජීවනිගේ සහ දියණියගේ නලල සිප නිවසින් පිටත් විය. ඔහු පිටත් වූ පසු තම දියණියද තුරුලට ගෙන ඇය හඬන්නට වූයේ තම ජීවිතයේ සිටි එකම පිරිමියා සහ තම දියණියගේ පියා වෙන්වූ දුකටත්, දියණියගේ අනාගතය පිලිබඳව හටගත් බියත් නිසාය.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    හතරවන කොටස

    අම්මාගේ සිතෙහි ඇති වූ අතීත සිතුවිලි මාගේ මනස ඉදිරියේ සිනමා පටයක් ලෙස මැවෙන්නට විය. මේ සිදුවෙමින් පවතින සිද්ධි මාලවට වගකිව යුතු වන්නේ තාත්තාද? මීට වසර පහළොවකට පමණ පෙර කළ පරීකෂණ හේතුවෙන් මෙවැනි මානසික බලපෑමක් මට ඇති වී තිබේද? එහෙත් එසේ වීමට හේතුව කුමක්ද? එම කිසිදු පරීක්ෂණයකින් මගේ දිවියට කිසිදු බලපෑමක් ඇති නොවන බවට තාත්තා විශ්වාස කලේ නම්, මාගේ මෙම අධි මානසික බලපෑමට හේතුව කුමක්ද? තාත්තාගෙන් අසා දැන ගැනීමට මාගේ සිතෙහි ප්‍රශ්ණ පත්තරයක්ම පවතින බව මට වැටහුණි. කඳුලු සලන අම්මා දෙස දුකින් බලා සිටින මගේ සිතට තාත්තා පිලිබඳවනම් දැනුනේ දැඩි තරහකි. මේ සියලුම දෙයෙහි අග මුල සොයාගෙන මෙයට විසඳුමක් සෙවීමට අවශ්‍ය වූ බැවින්, තත්තා සමඟ කතා කලයුතු යැයි මම තීරණය කළෙමි.
    "අම්මා..මට තාත්තා එක්ක කතා කරන්න ඕනා."
    "අනේ කෙත්මි... මට බයයි මේ දෙවල් දැන ගත්තොත් ආයිත් ඔයාව ගෙනිහින් එක එක ටෙස්ට් කරයි කියලා." අම්මාගේ බිය මා හට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවුනේ, ඇගේ වදන් වලටත් වඩා ඇගේ සිතුවිලිවල තිබෙනා බය මම හොඳින්ම දු‍ටු බැවිනි.
    "එහෙම කියලා හරියන්නේ නැහැනේ අම්මා. මට එලියටවත් බහින්න විදිහක් නැහැනේ. තාත්තා එක්ක කතා බහ කරලා මේකට උත්තරයක් හොයා ගන්න ඕනා. මට මෙහෙම හැමදාම ජීවත් වෙන්න බැහැනේ අම්මා."
    අම්මා කල්පනා කරන්නට විය. තාත්තාට මේ පිලිබඳව දැන්වීමට දැඩි බියකින් ඇගේ සිත ගැහෙන්නට වූයේ නැවතත් මා යොදාගෙන පරීක්ෂණ පැවැත්වීමට ඔහු සූදානම් වේදෝ කියාය. එහෙත් මා කියන්නා සේම මෙලෙස ජීවත් වීමට නොහැකි බව ඇයටද හොඳින්ම තේරී ඇත. මද වේලාවක් කල්පනා කර කර සිටි ඇය කාමරයෙන් පිටත් වූවාය. කිසිත් නොකියා ඇය පිටත් වූයේ තාත්තාට දුරකථන ඇමතුමක් දීමට බව මට නොරහසකි.
    කෙසේ වෙතත් මා මුහුණපා තිබෙනා තත්ත්වය ඉතාමත් සංකීර්ණය. මගේ මනස මට පාලනය කර ගත නොහැකි වුවහොත් අනාගතයේදී විශාල ප්‍රශ්ණ රාශියකට මුහුණ දීමට සිදුවනවා නිසැකය. මා සමඟ පරීකෂණ වලට යොදා ගත් අනෙක් ළමුන් දෙදෙනාත් මා සිටිනා තත්වයට මුහුණ දෙනවාදැයි දැන ගත යුතුමය. එය දැන ගැනීමටනම් තාත්තා සමඟ කතා කළ යුතුමය. තාත්තා සමඟ කතා කළ අම්මා දුරකථනයද ‍රැගෙන කාමරයට එන බව ඇයගේ සිතුවිලි මඟින් මට හඳුනාගත හැකි විය. ඇගේ සිතෙහි පවතින්නේ තාත්තා පිලිබඳ වෛරය මුසු කලකිරීමකි.
    "කෙත්මි මෙන්න තාත්තා කතා කරනවා" මම දුරකතනය අතට ගත්තේ ගැහෙමිනි. තාත්තා ගෙදරින් පිටව ගිය දිනෙන් පසු ඔහු සමඟ කතා කරන පළමු අවස්ථාව මෙය විය. ඔහුගේ කට හඬ මොන වගේදැයි කියා වත් මට එතරම් මතකයක් නැත.
    "හෙලෝ... තාත්තා"
    "හෙලෝ...කෙත්මි"

    ඔහුගේ ගැඹුරු කට හඬ ඇසූ විට ඔහුගේ රූපය මගේ මනසේ ඇ‍ඳෙන්නට විය. ඔහු සමඟ කෙසේ, කුමක් කතා කල යුතුද යන්න එක් සැනින්ම සිතා ගැනීමට අපහසු විය. මද වේලාවක් පැතිරුනු නිහඬතාවයෙන් මට හැඟුනේ ඔහුටද කෙසේ කතා කල යුතුදැයි සිතා ගත නොහැකිව සිටින බවය. මවගේ සිතුවිලිද මගේ මනසේ සැරි සරන බැවින් මට කතා කිරීමට කොහොමත් අපහසුය. එම නිසාම මවට කාමරයෙන් පිට වන ලෙස ඉල්ලා සිටියෙමි. ඇය කිසිත් නොකියා කාමරයෙන් පිට වූයේ මගේ අනාගතයට කුමක් සිදුවෙවිද යන දැඩි බියත් සමඟය.
    "අම්මා කියන දේ ඇත්තද කෙත්මි?" මගේ නෙත් කඳුලින් තෙත් වුනේ නිරායාසයෙනි.
    "ඔව්"
    "මං හිතුවේ නැහැ කෙත්මි කවදාවත් මෙහෙම දෙයක් වෙයි කියලා. එක පැත්තකින් මට සතු‍ටුයි ටෙස්ට් වලට ලැබුණු රිසල්ට්ස් ගැන. ඒත් අනිත් පැත්තෙන් මට දුකයි ඔයා ඉන්න තත්ත්වෙ ගැන" බොරුවට සමාව නොයිල්ලා ඔහු එසේ අවංක වීම ගැන ඇත්තෙන්ම මම සතු‍ටු වෙමි. දැන හෝ නොදැන ඔහු කල වැ‍රැද්දට මට සමාව දිය නොහැක. ඔහු නිසා අද විඳවන්නේ මගේ මනසයි.
    "ඇයි තාත්තා මෙහෙම දෙයක් මට කලේ?"
    "මං... මෙහෙම කතා කරන්න බැහැ කෙත්මි. මම පුලුවන් තරම් ඉක්මණට ලංකාවට එන්නම්. අපි එතකොට කතා කරමු."
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    "තාත්තා මට එච්චර කල් බලන් ඉන්න බැහැ. මට මේ දැන්ම හැමදේම දැන ගන්න ඕනා. මට දැන ගන්න ඕනා කොහොමද මෙහෙම දෙයක් උනේ කියලා. මට දැනගන්න ඕනා මේක නවත්තන්න පුලුවන් විදිහක් ගැන."
    "කෙත්මි මම කියන දේ පොඩ්ඩක් අහන්න. මම දන්නවා ඔයා ඉන්න තත්තවේ..."
    "නැහැ ඔයා දන්නේ නැහැ. ඔයාලා කාටවත් හිතා ගන්න බැරි තරම් ලොකු මානසික පීඩනයක මම ඉන්නේ. මට මේ ගෙදරින් එළියට බහින්න විදිහක් නැහැ. තාත්තා හිතන්නේ අනිත් මිනිස්සුන්ගේ හිත් කියවන්න පුලුවන් එක ෆන් කියලද?"
    "මට තේරෙනවා කෙත්මි..."
    "නැහැ ඔයාට තේරෙන්නේ නැහැ. තේරෙනවනම් ඔයා කවදාවත්.... " ඉතිරිය කියා ගත නොහැකි තරමටම මට හැඬෙන්නට විය. මගේ මනසේ තිබෙනා පීඩනය දන්නේ මා පමණකි.
    "හරි මම ලංකාවට ආපු ගමන්ම මේ ගැන කතා බහ කරලා මොනවද කරන්න පුලුවන් කියලා බලමු."
    "මාත් එක්කම ටෙස්ට් කරපු අනිත් ළමයි දෙන්නත් මෙහෙමද තාත්තා?"
    "ඇත්තටම මම දන්නේ නැහැ දුව. අපි ඔය ප්‍රොජෙක්ට් එක අත ඇරියේ ඔයා ඒකෙන් අයින් කරගත්තු දවස් වලමයි. අනිත් ළමයි දෙන්නම ප්‍රොෆෙසර් සමරසිංහගේ. එයා නැති උනාට පස්සේ එයාල ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මේ කෝල් එක ඉවර උන ගමන්ම ඒ දෙන්නව හොයන්න පටන් ගන්න ඕනා. අපි හිතුවේ නැහැ කවදාවත් මෙහෙම දෙයක් වෙයි කියලා. මොකද ඒ දවස් වල අපි කරපු ටෙස්ට්ස් හුඟක් සාර්ථක උනේ නැහැ."
    "එහෙනම් කොහොමද මට මෙහෙම උනේ? ඇත්තටම මොනවා ගැනද තාත්තා ටෙස්ට් කලේ?"
    "සම්පූරණ විස්තරය මෙහෙම කියන්න අමාරුයි. මමයි ප්‍රොෆෙසර් සමරසිංහයි එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් කලා ප්‍රමුකතිකා කියලා. වැඩිහරියක් හියුමන් මෙමරි, ඉන්ටෙලිජ්න්ට්, කොග්නිශන් රිසර්ච්. ඒකේ එක අරමුණක් උනේ මේවා හැම මනුස්සයගෙම එකම ප්‍රමාණයට වර්ධනය කරන්න පුලුවන් තියරීස්. අපි මේ ප්‍රොජෙක්ට් එක රහසින් කරගෙන ගියේ. මොකද මේවා වැරදි අත් වලට ගියොත් සෑහෙන විනාශයක් වෙන්න පුලුවන්. ඉතින් මේකට කොහෙන්වත් ෆන්ඩ් කලේ නැහැ. ඒක නිසාම අපිට මේකට වොලන්ටියර්ස්ලව හොයා ගන්න විදිහක් තිබුනෙත් නැහැ. මොකද අපිට මේකට පබ්ලිසිටි දීලා වොලන්ටියර්ස්ලව හොයා ගන්න බැරි නිසා. ඉතින් මේවට යොදා ගත්ත ඩ්‍රග්ස් වලින් මතක ශක්තිය වර්ධනය වෙනවා වගේ දේවල් වෙනවා මිසක් වෙන සයිඩ් ඉෆෙක්ට්ස් මුකුත් තිබුනේ නැති නිසා තමයි මම ඔයාව මේකට අරගත්තේ. ප්‍රොෆෙසර් සමරසිංහත් ඒකයි එයාගේ ළමයි දෙන්නව ගත්තේ."
    "ඉතින් කොහොමද මෙහෙම උනේ?"
    "ඒක හිතා ගන්න ටිකක් අමාරුයි. මට ආයිමත් කරපු ටෙස්ට් එකේ ෆයිල්ස් ඔක්කොම කියවල බලන්න වෙනවා. අපි දීපු ඩ්‍රග්ස් වලට අනුව නම් වෙන්න ඕනා මතකය, දැනීම වගේ දේවල් වර්ධනය වෙන එක. ඒ උනාට ඒවා දෙන ගමන් ඔයාලට කරපු ටෙස්ට් වලින් මොනවා හරි රසායනික විපර්යාසයක් උනාද කියලා බලන්න වෙනවා."
    "ඉතින් මෙච්චර කල් ගිහින් කොහොමද එක පාරටම මෙහෙම එකක් ඇති උනේ? මීට කලින් මම හොඳට හිටියනේ"
    "ඒක තමයි ප්‍රශ්ණේ.... සාමන්‍යයෙන් අවුරුදු හයක් විතර වෙනකොට ළමයෙකුගේ මොලේ සීයට හැත්තෑ පහක්ම වගේ වර්ධනය වෙනවා. ඒක නිසාම තමයි අපි අවුරුදු හයට අඩු ළමයිව යොදා ගන්න හේතුව. මට එක පාරටම හිතා ගන්න අමාරුයි මෙච්චර කල් ගිහින් එකපාරටම කොහොමද ඕක ඇති වුනේ කියලා. අම්මා මට කියලා තියෙනවා ඔයාට මිග්‍රේන් ගොඩක් තදේට තියෙනවා කියලා. ඔයාට සෙනඟ ඉන්න තැන් වල ඉන්න අමාරුයි කියලා. මට හිතෙන්නේ ඒකෙයි මේකෙයි මොකක් හරි සම්බඳයක් තියෙනවා කියලා. මොන දේ හොයන්නත් මම ලංකාවට එනකන් ඉන්න වෙනවා. බය වෙන්න එපා, මම පුලුවන් තරම් ඉක්මණට එනවා කෙත්මි."
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    කුඩා කල සිටම මා ඉගෙනීමට දස්කම් පෑවේ තාත්තාගේ මෙම පරීකෂණ වල ප්‍රතිඵල නිසාදැයි දැන් මට සිතේ. ඕනෑම දෙයක් පිලිබඳව එක් වරක් කියවූ විට හෝ, අසා සිටියහොත්, එය නිරායාසයෙන්ම මගේ මනසේ ‍රැඳේ. එම නිසාම අනෙක් ළමයි මෙන් පැය ගණන් එක දිගට පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් මට නොතිබුණි. අවුරුදු හයේදී පාසල් යන්නට පටන් ගත් දා සිටම සෑම වසරකම අප ශ්‍රේණියේ පළමුවැනි ස්ථානයට ලැබෙනා ත්‍යාගය ලබා ගත්තේ මා විසින්ය. ගණිතය අංශයෙන් උසස් පෙළ හදාරන ලෙස පාසලේ ගුරුවරියන් කියූවද, විද්‍යා අංශයෙන් මා උසස් පෙළ හදාරන්නට වූයේ වෛද්‍යවරියක් වීමට මා තුල තිබූ ඉමහත් ආශාව නිසාමය. ලංකාවෙන්ම තුන්වෙනි ස්ථානය ලබා ගනිමින් උසස් පෙළ සමත් වූ මට ඇති වූයේ කියා නිම කළ නොහැකි සතුටකි.
    තාත්තා පැමිණෙන ගුවන් යානය අද සවස හතරට පමණ ලංකාවට ලඟා වීමට නියමිතය. ඔහු පැමිණෙන තෙක් මා බලා සිටින්නේ නොයිවසිල්ලෙනි. මා සිතෙහි තිබෙනා සියලුම ප්‍රශ්ණ වලින් නිදහස් වී, ඒවාට පිළිතුරු සොයා ගත යුතුමය. පසුගිය දින කිහිපයේම ගෙදරටම වී කල් ගත කළ බැවින් විශ්ව විද්‍යාලය තුල කුමක් සිදුවූයේදැයි නොදනිමි. මම තද බල ලෙස අසනීප වී ඇති බව අම්මා විශ්ව විද්‍යාලයට දැන්වූවාය. කුඩා කල සිටම මසිතෙහි පැවති සිහිනය කෙසේ හෝ සැබෑ කර ගත යුතුය. එම නිසාම තාත්තා පැමිණි වහාම මෙයට විසඳුමක් සොයාගෙන නැවතත් විශ්ව විද්‍යාල ගමන ආරම්භ කළ යුතුය.
    මා මෙන්ම අම්මාද තාත්තා පැමිණෙනතුරු බලා සිටියේ නොයිවසිල්ලෙනි. ඇගේ සිතුවිලි රහසක් නොවූ මට, තාත්තාව දැක ගැනීමට ඇගේ සිතෙහි පවතින ආශාව හොඳින්ම වැටහුණි. මට අසනීප වූ හැම අවස්ථාවකම ඇය තාත්තාට කතා කර බැන වැදුනේ මා ගැන තිබූ බිය නිසාත්, ඔහු හා කතා කිරීමට වෙන හේතුවක් නොතිබූ නිසා මා පිළිබඳව කියා ඔහුට බැන වැදීමෙන් හෝ ඔහු සමඟ කතා කිරීමට ඇයට අවස්ථාවක් ලැබෙන නිසා බව මට දැන ගත හැකි විය. අම්මා සහ තාත්තා වෙන් වූවද ඔවුන් දෙදෙනා දික්කසාද නොවූයේ අම්මා නිසාය. තාත්තා දික්කසාද වීමට කැමැත්තෙන් සිටියද එය මාගේ අනාගතයට නරක ලෙස බලපාවි යැයි සිතූ අම්මා, තාත්තා සමඟ නීතියෙන් වෙන් නොවූවාය. තාත්තා සමඟ කළකිරීමෙන් සිටියද, ඇගේ සිතෙහි ඔහු පිළිබඳව තිබෙනා ආදරය දු‍ටු විට මට පුදුම සිතුණි.
    තත්තා අප අතහැර ගිය දවස් වල අම්මාගේ පවුලේ නැදෑ හිතවතුන් අම්මාට සෑම විටම දොස් නගන්නට විය. සමහරුන් අම්මාට වෙන සබඳතාවක් තිබෙනා නිසා තාත්තා ඇයගෙන් වෙන් වූ බව කියන්නට විය. එම හේතු නිසාම අම්මා නැදෑයින්ගෙන් වෙන්වී හුදෙකලා ජීවිතයක් ගත කරන්නට විය. ඇගේ තනි නොතනියට හැම විටම ළඟ සිටියේ මාත්, නන්දනීත් පමණි. තාත්තාගෙන් වෙන්වූවද වෙන කිසිඳු සබඳතාවක් කෙරෙහි ඇය සිත යොමු නොකල බව මම හොඳින්ම දනී. එහෙත් සමහර පිරිමින්ගෙන් ඇයට අයුතු යෝජනා පැමිණි වාර නම් අනන්තය. එම හේතු නිසාම ‍රැකියාවට යෑම හැර අනෙක් සෑම ස්ථානයකටම ඇය ගියේ මා සමඟය.
    සවස පහට පමණ අම්මා මා සිටි කාමරයට පැමිණියේ අලංකාර කුර්තාවකින් සහ කපු රෙද්දකින් මැසූ කලසමකින්ද සැරසීගෙනය. ඇය කතා කිරීමට පෙරම ඇගේ සිත මට හඳුනාගත හැකි විය. එහෙත් ඇයට ඇසීමට ඇති දේ, මාගෙන් ඇසීමට ඉඩදී සිහින් සිනාවකින් සැරසී මම ඇය දෙස බලා සිටියෙමි.
    "මේ ඇඳුම ලස්සනයිද?" කෙල්ලෙකු ලෙස ඇය එය ඇසූ ආකාරයට මට සිනහව පාලනය කර ගැනීමට අපහසු විය. මගේ සිනහව දු‍ටු ඇය ලැජ්ජාවෙන් යුතු සිතින් මා දෙස බලා සිටියේ නෝක්කාඩු බැල්මෙණි.
    "ඇඳුමත් ලස්සනයි, ඇඳන් ඉන්න කෙනාත් ලස්සනයි. අම්මා බය වෙන්න එපා අම්මා.... අම්මා මොනවා ඇන්ඳත් ලස්සනයි. ඔයාව දැක්ක හැටියේ තාත්තාගේ හිත නිකන්ම ඇදිලා යයි."
    "පිස්සු කියවන්න එපා දුව." ලැජ්ජාවෙන් එසේ කියූ ඇගේ සිතට වරදකාරී හැඟීමක් ඇති විය.
    " මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්න එපා දුව. දුව ඉන්න තත්ත්වේ දැක දැක මම මෙහෙම සතු‍ටු වෙනවා කියලා හිතන්න එපා. ඒත් මම තාත්තව දකින්නේ අවුරුදු පහළොවකට විතර පස්සේ. මම ඇත්තටම ආසාවෙන් ඉන්නේ තාත්තව දකින්න. එයා මට සැලකුවේ නැතත්, එක වචනයක් මා එක්ක කතා නොකලත්, මම කැමතියි දුව තාත්තා ළඟට වෙලා ඉන්න. මට එයාව ඇහැට පේන්න හිටියහම ඇති. මට හැමදාම ඕන උනා ආයිත් තාත්තට ගෙදර එන්න කියලා කියන්න. ඒත් පරණ දේවල් මතක් වෙනකොට මට ඒක කියා ගන්න බැහැ. අනික කවදාවත් තාත්තා මගෙන් ඇහුවේ නැහැ ආපහු ගෙදර එන්නද කියලා. කොටින්ම එදා යන වෙලාවෙවත් එයා මගෙන් ඇහුවේ නැහැ මට එයාට සමාව දෙන්න පුලුවන්ද කියලා."
    "මම දන්නවා අම්මා. අම්මා මට ඕවා කියන්න ඕන නැහැ. මට අම්මගේ හිතේ තියෙන දේ හොඳට දැනෙනවා. මම අම්මා ගැන කවදාවත් වැරදියට හිතන්නේ නැහැ. අනික අම්මා බය වෙන්න එපා. තාත්තා මට නපුරක් කරන්නේ නැහැ."
    මාගේ නළල සිපගත් අම්මා කාමරයෙන් පිටත් විය. මට අම්මා පිළිබඳව දැනුනේ දැඩි අනුකම්පාවකි. මා නිසාම තාත්තාගෙන් වෙන්වූද, ඇය තවමත් ඔහුට ආදරය කරයි. වසර පහළොවක් තිස්සේ කවදා ඔහු ගෙදර පැමිණේවිද කියා බලා සිටියි. මගේ ප්‍රශ්ණෙට කුමක් වූවද ඔවුන් දෙදෙනාව නැවත එකතු කිරීමට හැකිතරම් වෙහෙසෙන බවට මම මටම දිවුරා ගත්තෙමි.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    පස්වන කොටස

    නිවස ඉදිරිපස නැවැත්තූ වාහන ශබ්දය ඇසී මගේ හිත වේගයෙන් ගැහෙන්නට විය. මගේ සිත පමණක් නොව අම්මාගේ සිතද වේගයෙන් ගැහෙන්නට විය. අම්මාගේ අතේ වෙලී මා නිවස ඉදිරිපසට ගියේ තාත්තාගේ රූපය කොයි වගේ දැයි සිතමින්ය. වසර පහළොවකට පසු ඔහු දැක ගැනීමට අම්මා සිටියේ බිය මුසු නොඉවසිලිමත් කමකින්ය. මෝටර් රථයෙන් බැස ගමන් මල්ලද උරහිසෙහි දමාගෙන අප ඉදිරියට එන ඔහු අනර්ඝ පෞරුෂත්වයකට හිමිකම් කියන්නට විය. පනස්වන වියේ මුල් බාගයේ සිටින ඔහු කලු පැහැති ඩෙනිම් කලිසමකින් සහ අලු පැහැති ටීෂර්ට් එකකින් සැරසී සිටියේය. ඔහුගේ කලුවන් හිසකෙස් තැනින් තැන යන්තම් සුදු පැහැ ගැන් වී තිබුණි. ගැඹුරු නෙත් යුගලත් දිගු නාසයත් ඔහුගේ මුහුණට විශේෂ පෞරුෂයක් ගෙනවිත් තිබුණි.
    ඔහු අප ඉදිරියට පැමිනෙණ විට මට මහා අමුත්තක් දැනුණි. එහෙත් එය කුමක්ද කියා මට වටහා ගැනීමට අපහසුය. මට දැනෙනා අයුරින් මට ඇසෙන්නේ අම්මාගේ සිතත් නන්දනීගේ සිතත් පමණි. එසේනම් තාත්තගේ හිත? මට ඔහු කුමක් සිතනවාද කියා ඇසෙන්නේ නැත. දෙයියනේ..... මට තාත්තගේ සිත කියවීමට නොහැකිය. මෙය විය හැකි දෙයක්ද? මටනම් මෙය අදහා ගත නොහැක. මට නිම්හිම් නැති සතුටක් දැනුණි. මෙසේම අනෙකුත් සිත්ද මට කියවීමට නොහැකි වෙනවානම්...
    "කෙත්මි.... මගේ දුව හරිම ලස්සනයිනේ" තාත්තා එසේ කියා මා තුරුලට ගත්තේය. මගේ හිතට සතුටක් සමඟම ලැජ්ජාවක් දැනුණි. ඔහුගේ සුවඳ මට පුරුදු නැත. කුඩා කල ඔහු තුරුලට වී සිටියද, හොඳට මතක ඇති කලෙක ඔහු මා අබියස නොවීය.
    "යමු ගෙට" අම්මා එසේ කියා අප සැම සමඟින්ම නිවසට ඇතුලු විය.
    මගේ සිතටනම් දැනෙන්නේ කියා නිම කළ නොහැකි සතුටකි. මේ පිළිබඳව තාත්තා සමඟ කතා කරන තුරු මට ඉවසිල්ලක් නැත. මට තාත්තාගේ සිතුවිලි කියවීමට නොහැකීවීමට හේතුව කුමක්ද කියා සෙවිය යුතුය. අම්මාත් තාත්තාත් මැද අසුන්ගෙන සිටියද ඔවුන් කියනා කිසිමදේකට මගේ සිත ඇදී නොගියේය. කල්පනා ලොව සැරි සරන මා සිතන්නට වූයේ මේ වෙනසට හේතුව කුමක්ද කියාය. මා නිශ්චලව ඔහේ බලාගෙන සිටි නිසාවෙන්දෝ අම්මා මගේ අතට ගසා ඇයි දැයි ඇසුවාය. එයින් පියවි සිහියට ආ මම මද සිනහවක් පෑවෙමි. එවෙලෙහිම මට මතක් වූයේ මීට මොහොතකට පෙර මම කල්පනාවෙහිම නිරත වී සිටි අවස්තාවේ කාගේවත් සිතුවිලි මට ඇසුනේ නැති බවය. එහෙත් දැන් මට අම්මාගේ සහ නන්දනීගේ සිතුවිලි හඳුනා ගැනීමට පුලුවන. එසේනම් මීට මොහොතකට පෙර සිදු වූයේ කුමක්ද? එවේලෙහි මා සිත වෙනත්ම අරමුණකට යොමු කරගෙන සිටි නිසාවෙන් මට ඒ සිත් නෑසුණිද?
    "ඇයි දුව බය වෙලා වගේ?"
    "මට තාත්තා එක්ක ටිකක් කතා කරන්න ඕනා නිදහසේ"
    "හරි එහෙනම් මම වොශ් එකක් දාගෙන එන්නම්. ජීවනි අද ඩිනර් වලට ප්‍රොෆෙසර් සමරසිංහගේ පුතාලා දෙන්නත් එනවා. සමහර විට තව ටික වෙලාවකින් එයාලා මෙහෙට එයි."
    "තාත්තා ඒ දෙන්නව හොයා ගත්තේ කොහොමද? එයාලත් මං වගේද?" මා එසේ ඇසූ සැනින් තාත්තා පුදුමයෙන් මෙන් මා දෙස බැලුවේය.
    "මං හිතන් හිටියේ දුවට අනිත් අයගේ හිත් කියවන්න පුලුවන් කියලනේ. එතකොට මච්චර වෙලා මම හිතපු දේවල් දුවට ඇහුනේ නැත්ද?"
    "නැහැ... මට අනිත් අයගේ හිත කියවන්න පුලුවන් උනාට තාත්තගේ හිත කියවන්න බැහැ. මට හිතා ගන්න බැහැ එහෙම උනේ කොහොමද කියලා."
    "ඕ මයි ගෝඩ්... දුව ඇත්තමද ඔය කියන්නේ? අපි මේක ගැන නිදහසේ කතා කරන්න ඕනා. මම ඉක්මණට එන්නම්"
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    තාත්තා ඇඳුම් මාරු කර නැවතත් සාලයට පැමිණ අසුන් ගත්තේය. මමද ඔහු අසලින්ම අසුන් ගන්නට විය. කොට කලිසමකින් සහ ටීශර්ට් එකකින් සැරසී සිටින ඔහුගේ මුහුණ ප්‍රබෝධමත් විය. ඔහු සැරසී සිටින අයුරු දු‍ටු මට සිනහ පහල විය. මා සිනාසෙන අයුරු දෙස බලා තාත්තා මුහුණ පුලු‍ටු කර ගන්නට විය.
    "මොකද තනියම හිනා වෙන්නේ?"
    "තාත්තා තාම කොල්ලා වගේ නේද අඳින්නේ?"
    "එහේ ඉන්නකොට මේ විදිහටම තමයි අඳින්නේ. සරමක් ඇඳපු කාලයක් මතක නැහැ. හෙටවත් ගිහින් සරම් ටිකක් අරගන්න ඕනා. එහේ ඉතින් හැමෝම අඳින්නේ කොල්ලො වගේ තමයි"
    "හරි හරි... දැන් කොහොමද ප්‍රොෆෙසර් සමරසිංහගේ පුතාලාව හොයා ගත්තේ?"
    "එදා ඔයා කෝල් කලාට පස්සේ මම සමරසිංහගේ පරණ ගෙදර නම්බර් එකට කෝල් කලා. හොඳ වෙලාවට මගේ ටෙලිෆෝන් බුක් එකේ පරණ නම්බර් එක තිබුනා. ඉතින් සමරසිංහගේ වයිෆුයි ළමයිනුයි තාම ඉන්නේ එහේ. ළමයි දෙන්න නම් ඉගෙන ගන්නේ ඉන්ග්ලන්ඩ් වල. එයාලා මේ දවස් වල ලංකාවට ඇවිත් ඉන්නේ නිවාඩුවට. ඉතින් මම කිව්වා මට එයාලත් එක්ක ටිකක් පුද්ගලිකව කතා කරන්න ඕනා, ඒක නිසා මෙහෙට එන්න කියලා."
    "ඉතින් තාත්තා වෙන මුකුත් ඇහුවේ නැද්ද එයාලගෙන්?"
    "නැහැ. මම ඇහුවෙනම් නැහැ. ඒත් එයාලා කිව්වා මීට් වෙන්න ඕන හේතුව එයාලට හිතා ගන්න පුලුවන්, හැමදෙයක් ගැනම මීට් වෙලාම කතා කරන එක හොඳයි කියලා."
    "ඒ කියන්නේ ඒ දෙන්නා මේ ගැන දන්නවා. ඒ කියන්නේ එයාලගෙත් වෙනසක් තියෙනවා.."
    "මමත් හිතන්නේ එහෙම තමයි. ඒක නෙමෙයි දුවට හොඳටම ශුවර් ද මගේ හිත කියවන්න බැහැ කියලා?" මම ඔව් කියන්නට ඔලුව වැනුවෙමි.
    "හ්ම්ම්.. එහෙම වෙන්න නම් තියෙන්නේ එකම එක හේතුවයි. ඔය ටෙස්ට් කරන දවස් වල මුලින්ම මමයි සමරසිංහයි පොඩි මෙඩිසින් වගයක් චෙක් කලා. ඔයාලට දීපු ඒවා වගේම, ටිකක් ඇඩ්වාන්ස් මෙඩිසින් වගයක්. අපිට මුලින්ම බලන්න ඕන උනා වැඩිහිටි කට්ටියට අපේ ටෙස්ට් එක කොහොමද බලපාන්නේ කියලා බලන්න. එතකොට මම මැරි කරල හිටියේ නැහැ. එතකොට මැරි කරන්න අදහසක්වත් තිබුනේ නැහැ. ඉතින් මේ වගේ ටෙස්ට් වලට ගොඩක් අය කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ නැහැනේ. ඉතින් ඔය ටෙස්ට් එක මම මටම තමයි කරලා බැලුවේ. මට පොඩි සැකයක් තියෙනවා ඒකෙන් මොකක් හරි වෙච්ච බලපෑමක් නිසාද දන්නේ නැහැ මගේ හිත කියවන්න බැරි කියලා."
    "තව දෙයක් තියෙනවා තාත්තා."
    "ඒ මොකක්ද?"
    "ඔයයි අම්මායි කතා කර කර ඉන්න වෙලාවේ මම හිටියේ වෙනමම ලෝකෙක. මම කල්පනා කලේ කොහොමද තාත්තගේ හිත කියවන්න බැරි උනේ කියලා. ඊට පස්සේ අම්මා මගේ අතට ගැහුවට පස්සේ තමයි මම හරි ලෝකෙට ආවේ. එතකොට මට මතක් උනා මම කල්පනා කරපු වෙලාවේ මට කාගේ වත් හිතක් ඇහුනේ නැහැ කියලා. මීට කලින්නම් එහෙම වෙලා නැහැ. ඇත්තටම මීට කලින් ඔච්චර බරපතල විදිහට කල්පනා කරද්දී කවුරුත් මගේ ලඟ ඉඳලා නැහැ."
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    "ඒ කියන්නේ කන්සන්ට්‍රේට් කරනකොට ඔයාට අනිත් අයගේ හිත ඇහෙන්නේ නැහැ?"
    "අනේ මංදා... මට ඒක හිතා ගන්න අමාරුයි."
    "සමහරවිට අනිත් අයගේ හිත ගැන නොහිතා වෙන දේවල් වලට කන්සන්ට්‍රේට් කරන්න ට්‍රේන් උනානම් ඔයාට ඔයාගේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කර ගන්න පුලුවන් වෙයි."
    තාත්තා සහ මා කතා කරමින් සිටින අතරතුර නිවසේ විදුලි සීනුව නාද වන්නට විය. මුලුතැන් ගෙයි නන්දනීට කෑම සෑදීමට උදව් වෙමින් සිටි අම්මා නිවසේ ඉදිරිපස දොර‍ටුව වෙත ඇදුනේ, ඇවිත් සිටින්නේ ප්‍රොෆෙසර් සමරසිංහගේ පුතුන් දෙදෙනා විය යුතුයැයි සිතමින්ය. අම්මා සමඟ ගෙට ගොඩ වූ තරුණයන් දෙස මා සහ තාත්තා බලා සිටියේ සිනාමුසු මුහුනින්ය. එහෙත් මගේ සිනහව ක්ෂණිකයෙන් අතුරුදහන් විය. මන්ද මට ඔවුන්ගේ සිත්ද කියවීමට නොහැකි බව වැටහුණි. එසේ වීමට හේතුව කුමක්ද? අප පරීක්ෂාවට ලක් කිරීමට දුන් බෙහෙත් නිසා ඒවා භාවිත කල පිරිසගේ සිත් කියවීමට නොහැකිද? මාගේ මෙන්ම එම තරුණයන් දෙදෙනාගේද මුහුණ වෙනස් වන අයුරු මම බලා සිටියෙමි. ඔවුන් දෙදෙනාම එකම වයසේ විය යුතුය. මුහුණුවර එකිනෙකට වෙනස් වුවද ඔවුන් දෙදෙනාම සහෝදරයන් විය හැකි බවට සිතිය හැකිය. ඔවුන් දෙදෙනාම නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ රතු සහ කලු වර්ණයෙන් යුත් ටීශර්ට් වලින් සැරසී සිටින්නට විය. අම්මාගේ මග පෙන්වීම යටතේ ඔවුන් පැමිණ අප අසලින් අසුන් ගන්නට විය.
    "හෙලෝ පුතා.. මම ප්‍රොෆෙසර් විජේමාන්න. මේ මගේ දුව කෙත්මි විජෙමාන්න... මේ මගේ වයිෆ් ජීවනී විජේමාන්න" තාත්තා විසින් මා සහ අම්මා ඔවුන්ට හඳුන්වා දෙන අවස්ථාවේ, අම්මාව ඔහුගේ බිරිඳ ලෙස හඳුන්වා දෙන විට අම්මාගේ මුහුණ සිනහවෙන් ප්‍රබෝධමත් විය. එය දැක මගේ මුහුණටද නිරායාසයෙන්ම සිනහ පහළ විය.
    "මම අනුක්. මේ මගේ ට්වින් බ්‍රදර් දිනුක්" ඔවුන් සමාන නිඹුල්ලු නොවන වග ඔවුන් දෙස බැලූ මට වැටහුණි. එනම් ඔවුන් ෆ්‍රැටර්නල් ට්වින්ස් ඛාණ්ඩයට අයත් බව මට වැටහුණි. මම ඔවුන් දෙස බලා සිහින් සිනහවක් පෑවෙමි. තමන් අනුක් ලෙසින් හඳුන්වා දුන් තරුණයාද මා සමඟින් යන්තම් සිනාසුනේය. එහෙත් දිනුක් නම් සිටියේ තද කල්පනාවකය.
    "අපි අංකල් එක්ක කතා කරන්න විදිහක් හොය හොය හිටියේ. ඒත් ලංකාවෙ හිටපු නැති නිසා අංකල්ව කන්ටැක්ට් කරගන්න පරක්කු උනා."
    "මට හිතා ගන්න පුලුවන් ඇයි පුතාලත් මාව හෙව්වේ කියලා. දැන් ඔය දෙන්නගේ මේ සිද්ධිය පටන් අරන් කොච්චර දවසක් වෙනවද?"
    "දැන් මාස දෙකක් විතර වෙනවා අංකල්. ලංකාවට ඇවිත් සති දෙකකින් විතර තමයි මේක පටන් ගත්තේ."
    "ඒ කියන්නේ පුතාලත් ගෙදරටම කො‍ටු වෙලාද ඉන්නේ? ඉතින් අද එනකොට ප්‍රශ්ණයක් උනේ නැද්ද?"
    "නැහැ අංකල්.. මේක පටන් අරන් දවස් තුන හතරක් යනකොටම මට තේරුනා මට මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන් කියලා. ඉතින් මම තව වැඩි වඩියෙන් කොන්සන්ට්‍රේශන් එහෙම ප්‍රැක්ටිස් කරන්න ගත්තා. මටයි මල්ලිටයි දෙන්නටම දැන් මයින්ඩ් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්."
    "ඒ කියන්නෙ මොන විදිහටද?"
    "අපිට දැන් අනිත් අයගේ මයින්ඩ් එක කියවන්නේ නැතුව ඉන්න පුලුවන්. අවධානය හරියට තියා ගත්තහම හරි. මුලින්ම නම් සෑහෙන්න අමාරු උනා කරන්න. මමයි මල්ලියි එක දිගටම සති දෙකක් විතර ප්‍රැක්ටිස් කරලා තමයි මේ තත්ත්වයට හදා ගත්තේ. ඒත් තාම සමහර වෙලාවට අවුට් යනවා. එක දිගටම ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕනා."
    "මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා අංකල්"
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    "කියන්න දිනුක්."
    "මට තාම ටිකක් කන්ට්‍රොල් කර ගන්න අමාරුයි. ඉතින් සමහර වෙලාවට හිටපු ගමන් තාම කට්ටියගේ මයින්ඩ් එක දැනෙනවා. මෙහෙට ආපු වෙලාවේ ඉඳන් ගෑණු දෙන්නෙක්ගෙ මයින්ඩ් එක මට ඇහෙනවා. ඒ ආන්ටිගෙයි තවත් කාගෙහරියි. ඒත් මට අංකල්ගෙයි කෙත්මිගෙයි මයින්ඩ් රීඩ් කරන්න බැහැනේ."
    "ඔව් තාත්තා.. මටත් මේ දෙන්නගේ මයින්ඩ් එක රීඩ් කරන්න බැහැ"
    "ඒ කියන්නේ ඔයාටත් මයින්ඩ් රීඩ් කරන්න පුලුවන්ද?" අනුක් සහ දිනුක් මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටී.
    "කෙත්මි නිසාම තමයි පුතා මම ලංකාවට ආවෙත්. කෙත්මිට මේක පටන් අරන් දැන් දවස් පහක් විතර වෙනවා. මෙයාට කැම්පස් යන්න විදිහකුත් නැතුව ඉන්නේ මේ සීන් එක නිසා."
    එසේ කියා තාත්තා මදක් කල්පනා කරන්නට විය. ඒ අතරතුර අනුක් නැවතත් මා දෙස බලා මද සිනහවක් පෑවේය. ඒ අවස්ථාවේ ප්‍රථම වරට මම ඔහුගේ ඇස් දෙක දිහා බැලුවෙමි. තද කලු පැහැ වර්ණයෙන් යුත් ඔහුගේ ඇස් අමුතුම දීප්තියකින් බැබලෙන්නට විය. දු‍ටු සැණින් මහා ලොකු ලස්සනක් නොපෙනුනද ඒ දෑස් තුල අමුතුම අලංකාරයක් මම දු‍ටුවෙමි. ඔහුද දිගටම මා දෙසම බලා සිටි බැවින් මම බිම බලා ගත්තෙමි. එක නිමේශයකින් "අනේ මට ඒ හිත කියවන්න පුලුවන්න උනා නම්" කියා සිතෙන්නට විය. පසු ගිය දින පහේම මට සිදු වී ඇති දෙය හේතුවෙන් මම මටම සාප කර ගත්තෙමි. එහෙත් අද දින ප්‍රථම වරට එම අධි මානසික බලය ප්‍රයෝජනයට ගන්නට ලැබුනා නම් යැයි මට සිතුණි. මිනිස් සිත කෙතරම් පුදුමාකාර දැයි මට සිතෙන්නට විය.
    "මට හිතෙන්නේ අපි දීපු ඩ්‍රග්ස් වල බලපෑමක් නිසා තමයි මෙහෙම වෙනවා ඇත්තේ. පුතාල දන්නව ඇතිනේ ප්‍රොෆෙසර් සමරසිංහයි මායි එකතු වෙලා කරපු රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට අපි ඔයාලවයි මගේ දූවයි යොදා ගත්තා. ඒ වගේම මමත් ඔය ඩ්‍රග්ස් අරන් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ අපි හතරදෙනාම ඩ්‍රග්ස් අරන් තියෙන නිසා තමයි ඔයාලට මගේ හිතවත්, ඔය එකිනෙකාගෙ හිතවත් කියවන්න බැරි. මට මේ හැමදේකටම හේතු හොයා ගන්න ආයිත් මුල ඉඳලම ඔයාලගේ ෆයිල්ස් ස්ටඩී කරන්න වෙනවා. ඒ එක්කම පුතාල දෙන්නට නිතරම මාව මීට් වෙන්නත් වෙයි. ඒකේ ප්‍රශ්ණයක් නැද්ද?"
    "ඒකෙනම් ප්‍රශ්ණයක් නැහැ අංකල්. අංකල් කියන ඕන වෙලාවකට අපිට එන්න පුලුවන්. කොහොමත් අපි තව මාස දෙකක් විතර ලංකාවේ ඉන්නවා."
    "හරි මට හරියටම කියන්න දැන් ඔයාලගේ තියෙන වෙනස් කම් මොනවද කියලා." තාත්තා එසේ කියා ඔහුගේ ලැප්ටොප් එක ගෙන එහි ඔවුන් කියනා දේ සටහන් කර ගැනීමට සූදානම් විය.
    "මට මුලින්ම තේරුනේ මට අනිත් අයගේ හිත කියවන්න පුලුවන් කියලා. හැබැයි ඊට පස්සේ මට තේරුනා අනිත් අය මේ දැන් හිතන දේවල් විතරක් නෙමෙයි, එයාලගේ මුලු මෙමරි එකම මට රීඩ් කරන්න පුලුවන් කියලා. හරියට නිකන් කම්පුටර් එකේ ෆයිල් එකක් සර්ච් කරලා හොයා ගන්නවා වගේ මට එයාලගේ මෙමරි එකේ මට ඕන දේවල් හොයා ගන්න පුලුවන්. එක්කෝ ඩේට් එකකට සර්ච් කරන්න පුලුවන්. එහෙම නැත්නම් කී වර්ඩ් එකකට සර්ච් කරන්න පුලුවන්."
    "ඕ මයි ගෝඩ්.." අනුක්ගේ කතාව අසා තාත්තා ඔහු දෙස බලා සිටියේ අවතාරයක් දු‍ටු කලෙක මෙන්ය. තාත්තා පමණක් නොව බීම වීදුරු හතරක්ද ගෙන අප සිටි දෙසට පැමිනෙමින් සිටි නන්දනීද අවතාරයක් දු‍ටු කලෙක මෙන් එක තැනම නැවතී අනුක් දෙස බලා සිටී. මට එය දැක සිනහ පහල විය.
    "ඔය කූල් ඩ්‍රින්ක්ස් ටික මෙතනින් තියලා යන්න නන්දනී." මගේ වදන් වලින් නැවතත් පියවි සිහියට පැමිණි ඇය බීම වීදුරු අප අසල තිබූ ස්ටූලය මතින් තබා නැවත මුලුතැන් ගෙය දෙසට ගියාය.
    "හරි එතකොට දිනුක්ට මොනාද කියන්න තියෙන්නේ?"
    "අනෙ මංදන්නේ නැහැ අංකල් හරියටම මට මොනාද කරන්න පුලුවන්. වෙන කෙනෙක් මේ මොහොතේ හිතෙන දේ මට දැනෙනවා. එච්චරයි. මේක මහා වදයක් අංකල්" දිනුක් එසේ කියන්නට වූයේ හිතේ පැවති කේන්තියෙන් බව ඔහු දෙස බැලූ මට වැටහුණි. එහෙත් අනුක්ගේ මුහුනේ තිබුනේ ඉතාම සන්සුන් භාවයකි.
    "තරහ ගත්තා කියලා මේක නැති වෙන්නේ නැහැනේ මල්ලා. අපි අපේ මයින්ඩ් එක කන්ට්‍රෝල් කර ගන්න පුරුදු වෙන්න ඕනා."
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    හරි හරි... අපි එහෙනම් දැන් කෑම කාලම ඉමු නේද?" තාත්තා එසේ කියා අසුනෙන් නැගිට්ටේ මුලුතැන් ගෙයි සිට අප දෙසට එන අම්මා සමඟ සිනාසීගෙනමය. සියලු දෙනාම එකතු වී ආහාර ගන්නා අතරතුර අනුක්ගේ දෑස් මා පසු පසම ලුහු බඳිනා බව මට දැනුණි. ඔහුගේ දෑස් මග හැරීමට මම දැඩි අරගලයක යෙදෙමින් සිටියෙමි. ඒ අතරතුර ඔහුගේ ජංගම දුරකතනයට සැරින් සැරේ කෙටි පණිවිඩ එන්නට විය. ඒ සෑම පණිවඩයක්ම කලබලයෙන් කියවා නැවත ඔහු මා දෙස බලන්නේ, හොර වැඩක් කර අහු වුන කලෙක බලනා මෙන් බියපත් දෑසිනි. ඔහුගේ හැසීරීම නිරීක්ෂණය කළ මා හට සිතුනේ ඔහුට පෙම්වතියක් ඇතැයි සිතාය. එසේ සිතන විට මට මහා ලෝබ කමක් දැනුණි. ඒ ඇයි දැයි මටම සිතා ගත නොහැක. එහෙත් ඔහු වගේ පෙම්වතෙක් මටත් සිටියානම් කියා මට සිතුණි. ඔහුගේ හැසිරීමට, කතා කරන විලාසයට මගේ හිතේ කැමැත්තක් ඇති වී තිබුණි. එමෙන්ම ඔහුගේ දැස්, දිගටි නාසය, සිහින් තොල්පෙති ඔහුගේ මුහුණට අමුතු පෞරෂයක් එක්කර තිබුණි. එහෙත් ඔහුට පෙම්වතියක් සිටිනා බවට මගේ සිත කෑ ගසන්නට විය. හැකි පමණ ඔහු දෙස නොබලා ආහාර අනුභව කිරීමට මම දැඩි අරගලයක් කළෙමි.
    ආහාර ගෙන අවසන්ව ටික වේලාවකින් අනුක් සහ දිනුක් යන්නට සූදානම් විය. කුමක් හෝ අවශ්‍යතාවයක් ඇති වුවහොත් කතා කරන මෙන් කියා දිනුක් ඔහුගේ හා අනුක්ගේ ජංගම දුරකථන අංක මට ලියා දුන්නේය. එසේම මගේ ජංගම දුරකථන අංකයද දිනුක් ලියා ගත්තේය. ඔවුන් ගිය පසු තවදුරටත් අම්මා හා තාත්තා සමඟ කතා කරමින් සිටීමට හිත නොදුන් නිසාවෙන් මම මගේ කාමරයට වැදුනෙමි. ඇඳට වැ‍ටුන මට මතක් වූයේ අනුක්ගේ දැස් මා පසු පස ලුහුබැන්ඳ ආකාරයයි. ඒ දෑස් වල කුමක්දෝ හුරු ගතියක් මගේ සිතට දැනේ. ඔහුගේ රූපයෙහිද හුරු ගතියක් මගේ සිතට දැනේ. සමහරවිට මින් පෙර කොහේදී හෝ මා ඔහුව දකින්නට ඇත. කල්පනා ලොව අතරමංව සිටි මා පියවි ලොවට පැමිණියේ ජංගම දුරකථනය නාද වෙනවාත් සමඟය. තිරයේ සටහන් වූයේ නුපුරුදු අංකයකි. මේ අනුක් විය යුතු යැයි මගේ සිත කෑ ගසන්නට විය.