ඔන්න ඊලග කතාව.
ඔන්න දවසක් මිනිහෙක් බිලි බාන්ඩ කියල බෝට්ටු කුලියට දෙන තැනකින් බෝට්ටුවක් අරගත්තලු. දැන් මිනිහ බෝට්ටුවට නැගල එන්ජින් එක ස්ටාට් කරල ටික දුරක් ගිහින් බෝට්ටු අයිතිකාර මිනිහගෙන් කෑ ගහල ඇහුවලු "මේකේ කිබුල්ලු එහෙම ඉන්නවද?" කියල. අයිතිකාරයත් කිවුවලු "නෑ. ගොඩ දවසකින් දැක්කෙ නම් නෑ" කියල. අපෙ බුවත් ඉතින් වැඩ්ඩ වගේ බිලි බාන්ඩ ගියාට පණ බයයිලු.
දැන් ඉතින් පොරට ටිකක් සැටිස්ලු.
ඊලගට බුවා කෑ ගහල ඇහුවලු "ඔයාල මොනවද කෙරුවෙ කිබුල්ලු නැතිවෙන්ඩ" කියල.
අයිතිකාරයා කිවුවලු "අපි නම් මුකුත් කෙරුවෙ නෑ.
මෝරු තමයි කෙරුවෙ"
කියලා.

