ඔන්න උබලට තවත් කතාවක් ගෙනාවා. මේක කිසිම ආගමකට අගෞරව කිරීමක් නෙමෙයි හරිද. හුදෙක් සිනහව සදහා පමණක් බව සලකන්ඩ. වැඩි විස්තර ඕනෙ නෑ කතාවට යමුකො.
ඔන්න අරාබිකරයට ගියාලු එක සුද්දෙක් පොඩි නිවාඩුවකට.(ඌට යන්ඩ වෙන තැන් තිබුනෙ නැද්ද කියල මගෙන් අහන්ඩ එපා ඕන්) උබල දන්නවනෙ අරාබියෙ ඉතින් ගොඩක් ප්‍රවාහනයට යොදාගන්නේ ඔටුවො කියල. ඉතින් මේ අපේ අහින්සක සුද්දටත් පොඩි ආසාවක් ආවලු ඔටුවෙක්ගෙ පිටේ යන්ඩ. (අරාබියට ඇවිත් ඔටුවෙක්ගෙ පිටේ ගියෙ නෑ කියන්නේ නිකන් ලන්කාවට ඇවිත් මත්තල එයාර්පෝට් එකට ගියෙ නෑ වගෙ කියල ඌට හිතෙන්ඩ ඇති).
ඔන්න දැන් සුද්දා අරාබියේ කැරකෙන කොට දැක්කලු ලෑල්ලක ලියල තියනව ඔටුවන් කුලියට දෙනු ලැබේ කියලා. මොන භාශාවෙන් තිබුනද කියල මම දන්නෙ නෑ හරිද. ඉතින් දැන් සුද්දත් හෙන හැපි එකේ ගිහින් ඇහුවලු ඔටුවෙක් ගන්ඩ පුලුවන්ද කියල. අයිතිකාරයත් මූන පුරෝලා හිනාවෙලා දෙකට නැමිල එහෙම කිවුවලු පුලුවන් කියල ගනන් හිලව් එහෙමත් කතා කරගෙන සුද්දට දුන්නලු ඔටුවෙක්ව. සුද්දත් ඔටුවගෙ පිටේ නැගල යන්ඩ යද්දි ඔටුවගේ අයිතිකාරයා කිවුවලු "අපි මේ ඔටුවන්ව හොදට හදල තියනවා. මුන් හරිම ආගමානුකූලව ජීවත් වෙන සත්තු. කාටවත් මුන්ගෙන් හින්සාවක් පීඩාවක් නෑ" කියලා. සුද්දටත් ඉතින් හෙන සැටිස්ලු මේ ටෝක් එකට. ආයෙත් අයිතිකාරයා කියනවලු "මේ සතාව පාවිච්චි කරන විදියක් තියනව. මහත්තයට ඉස්සරහට යන්ඩ ඕනෙනම් තෑන්ක් ගෝඩ් කියන්ඩ ඕනා. මූව නවත්තගන්ඩ ඕන නම් අල්ලා හුවක්බර් කියන්ඩ ඕනා".
සුද්දත් ඉතින් හරි කියල ඔන්න ගමන පටන් ගන්ඩ "තෑන්ක් ගෝඩ්" කියල කිවුවලු. මෙන්න ඔටුවා පිබගෙන දුවනවලු හැටට හැටේ. සුද්දත් ඉතින් හෙන ආසවෙන් ඔටුවගෙ පිට උඩ ඉදන් වටපිට බල බල පල්ලම් බැස බැස යනවලු. ඔන්න ඔහොම යද්දි සුද්දට පේනවලු ටිකක් දුරින් තඩි හෙලක් තියනව. ඔටුවත් පිබගෙන ඒ පැත්තට කෙලින්ම දුවනවලු. සුද්දා දැන් ඔටුවව නවත්තන්ඩ ඕන කියල හිතල නවත්තන්ඩ කියන වචනෙ මතක් කෙරුවලු මූට මතක් වෙන්නෙ නෑලු. සුද්ද දැන් දාඩිය දාගෙන කල්පනා කරනවලු. එකපාරම සුද්දට මතක් වෙලා කිවුවලු අල්ලා හුවක්බර් කියල. මෙන්න යකෝ ඔටුවා ඔන්න මෙන්න තියල නැවතුනා. සුද්දට සන්තෝසෙ වැඩිවෙච්ච පාර දාඩිය පිහ පිහ මෙහෙම කියවුනාලු. "තෑන්ක් ගෝඩ්"
මේව කොහෙන්වත් උස්සපු ඒව නෙමෙයි හරිද. මමමයි ටයිප් කරන්නේ. බම්ප් එකක්වත් දාල පලයන් අනිත් උන්ට කියවන්ඩ.

