කිමිදුම් බෝම්බයක් (PHOTOS)

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කිමිදුම් බෝම්බයක් (PHOTOS)

    අධි ආරක්‍ෂිත නිවාස සහ භූගත බංකර් තුල රැදී සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් නව මිසයිලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කර සිටිනවා. එය R9X හෙවත් " 'flying Ginsu" නමින් මෙම නව මිසයිලය හැදින්වීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි අංශය වන CIA සංවිධානය සහ පෙන්ටගනය විසින් මෙම මිසයිලය නිපදවා ඇත්තේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන ඩ්‍රෝන් ප්‍රහාරයන් හිදී සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කර ගැනීමේ අරමුණින් බව සදහන්.

    " හඳුනාගත් ඉලක්කය වෙත මෙම මිසයිලය මුදා හැරීමෙන් පසුව අදාළ ඉලක්කය රැඳී සිටින්නේ ඝණ කොන්ක්‍රීට් තට්ටුවක් යටද, ලෝහමය ආවරණයකින් යුත් වාහනයක් තුල හෝ ආරක්‍ෂිත නිවාසයක් තුලද යන්න අදාළ වන්නේ නැහැ. මෙම මිසයිලයේ තිබෙන දැති 06 කින් යුත් විශේෂිත තලයෙන් ඉහත සදහන් සියළුම බාධක කපා ගෙන අදාළ ඉලක්කය වෙත ගමන් කිරීමට හැකි. මෙය කිමිදුම් බෝම්බයක් කිව්වොත් වඩාත් නිවැරදි" මෙම මිසයිලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුධ උපකරණ විශේෂඥයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

    අමෙරිකාව විසින් මෙම මිසයිලය පළමු වරට 2017 වසරේදී ප්‍රහාරයක් සදහා අත්හදා බලා ඇති බව සදහන්. ඒ අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයෙක් වන අබු කයර් අල් මස්රි ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඔහු බිම් මහලක් තුල නතර කොට තිබු වාහනයකදී මියගොස් තිබු අයුරු ඒ වන විට කාටත් ප්‍රහේලිකාවක් වුවා. නමුත් ඒ මෙම R9X හෙවත් " 'flying Ginsu" මිසයිලය භාවිතා කරමින් CIA සංවිධානය විසින් සිදුකරනු ලැබූ පළමු ඩ්‍රෝන ප්‍රහාරය බවට මේ වන විට කරුණු තහවුරු වී තිබෙනවා.

    Mis%2B1.jpg


    Mis%2B2.jpg



    Mis%2B3.jpg


    Source: http://nethnews.lk/article/66237
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    CIA සංවිධානය සහ පෙන්ටගනය විසින් මෙම මිසයිලය නිපදවා ඇත්තේ

    :confused::confused::no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අලුතෙන් නිපදවන ආයුධ දැක්කම හිතෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ ඇත්ත කියල.
    03 ලෝක යුද්ධය කොහොම සිද්ධ වුනත් 04 වෙනි ලෝක යුද්ධයක් සිද්ධ වෙන්නේ කඩු පොලු වලින් ගහමරාගෙන කියලා.

    :dull::dull::dull::dull:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oka concrete ekak / thick metal layer ekak unath haran yanawalu neda?



    Oka concrete hara hara innakota target ekata penala yanna puluwan ne ban.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මේ අලුතෙන් නිපදවන ආයුධ දැක්කම හිතෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු දේ ඇත්ත කියල.
    03 ලෝක යුද්ධය කොහොම සිද්ධ වුනත් 04 වෙනි ලෝක යුද්ධයක් සිද්ධ වෙන්නේ කඩු පොලු වලින් ගහමරාගෙන කියලා.

    :dull::dull::dull::dull:

    Hamadema Cycle ekak ne. 2500 kata kalin apita thibba technology eka gena api danne na ne. Egypt wage ratak Pyramid haduwe kohomada kiyala danne na.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Oka concrete ekak / thick metal layer ekak unath haran yanawalu neda?



    Oka concrete hara hara innakota target ekata penala yanna puluwan ne ban.

    katuwai mitiyai aran haranwa neweyine yako.. anika missile eke hade blpan.. ekak athule ekak wdht thyne.. maga digata ahuwena okkoma blst krn ynv aththe:sorry: