කියවලා බලන්න.........

කියවලා බලන්න.........

528553_611091952240433_1411842250_n.jpg




දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා


"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල


ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.



▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
 
  • Like
Reactions: U_knw_me

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජීවිතය කෙටියි.
    එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න.
    අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි.
    අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

    :yes::yes::yes::yes:

    මේ කතාව නම් ඇත්ත.
    ආදරයක් බාල්දු කරන්න එපා..
    ආදරේ අරන හැමෝවම Accept කරන එකයි
    ආදරයකට ගරු කරන එකයි දෙකක්..

     
    ජීවිතය කෙටියි.
    එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න.
    අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි.
    අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

    :yes::yes::yes::yes:

    මේ කතාව නම් ඇත්ත.
    ආදරයක් බාල්දු කරන්න එපා..
    ආදරේ අරන හැමෝවම Accept කරන එකයි
    ආදරයකට ගරු කරන එකයි දෙකක්..

    eka aththa macan?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි දෙයියන්ගේ මල්ලී බල්ලොත් නොකති සල්ලී..:angry:

    කෙල්ල ලිඳේ හැබැයි..:(