මොකෝ හිතන්නේ? 🥰🥰🥰

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    මම අවුරුදු 32ක ගෑණු කෙනෙක්. හස්බන්ට 31යි. අපි විවාහ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. අවුරුදු දෙකක් විතර අපි දෙන්නා ඇත්තටම ගොඩක් සතුටින් හිටියා. එයා මට ගොඩක් ආදරේ, වෙලාව දුන්නා. අපි දෙන්නට කොච්චර වැඩ තිබුනත්. හරියටම අවුරුදු දෙකයි, මාසෙකට පස්සෙ ඔෆිස් එකේ HR ඉන්ටර්න් ආපු පොඩි ගෑණු ළමයෙක් එක්ක පැටලුනා. අවුරුදු 23ක පොඩි කෙල්ලෙක්. අන්තිමට ඒ කෙල්ල මෙයා බැදලා ඉන්නෙ කියලා දැනගෙන සම්බන්දෙ නතර කරලා. මම දන්නෙ නෑ කිසි දෙයක් ඒ ළමයා මට instagram එකෙන් මැසේජ් එකක් දාලා කියනකම්. මම පිලිගත්තෙත් බීච් ගියපු, රෙස්ටුරන්ට් වලට ගියපු ෆොටෝස් එහෙම පෙන්නද්දි. මාව සෑහෙන කාලෙකින් එලියට එක්කගෙන ගිහින් තිබුනෙත් නෑ. ආව තරහත් එක්ක මම මහ‍ ගෙදර ගියා. මම කිව්වා තමුන් දැන් මට ආදරේ නෑනෙ. ඩිවෝස් එක ඕනෙ කියලා. මාස 3ක් විතර මම ආවෙ නෑ. ආයෙ ආයෙ ගෙදර ඇවිත්, සමාව අරගෙන, අම්මලා තාත්තලත් කිව්ව නිසා ආයෙ එකතු වුනා. ආයෙ හොදට හිටියා. ඔහොම අවුරුදු දෙකක් විතර ඉදලා දැන් ආයෙ අර පොඩි කෙල්ල එක්කම සම්බන්ධයක් පටන් අරගෙන. දැන් මට දරුවෙක් හම්බෙන්නත් ඉන්නෙ. මම ඩිවෝස් කරන්නෙ නැතුව කරගත්ත මෝඩකමක් කියලා හිතිලා තියෙන්නෙ. මම අර ගෑණු ළමයගෙන් ඇහුවා ඇයි බැදලා ඉන්නවා කියලා දැන දැන ආයෙ යාලුවුනේ කියලා. එයා කියනවා අනේ තේරෙන්නෙ නෑ අක්කෙ. එයාව අමතක කරන්න කොච්චර උත්සාහ කරත් බෑ කියලා. එයා පතාගෙන ආපු කෙනා මගෙ හස්බන් වෙන්න ඇතිලු. මම වැරදීමකින්ලු බදින්න ඇත්තෙ.

    මගෙ හස්බන්ගෙ හැටි මම දන්නවා. දිනා ගන්න මහන්සි වෙන තරමට තමයි දේක වටිනාකම තියෙන්නෙ. මොනවකරත් මම ආදරෙයි කියලා දැනුනම මගෙ වටිනාකමක් නෑ. කාර් එක්ක ගන්නකම් ආසාවෙන් ඉදලා, අරගත්ත මුල් දවස්වල කකුලුත් හෝදලා නගින්න ඕනෙ. දැන් හෝදන්නෙත් මාස ගානකට සැරයක්. සිමින්ති කොට්ටත් එක්ක අදිනවා. ඒ වගේ තමා. හැබැයි ඉතිං ඒකම මටත් වුනාම. මම නැතුව දවස් දෙක තුනක් ඉන්නත් බෑ. දැන් මම මහ ගෙදර ඇවිත් ඉන්නෙ. හැමදාම එනවා.

    මට දැන් මේ හැමදේම විකාර වෙලා ඉන්නෙ. මට තේරෙන්නෙ නෑ ඇත්තටම. මොකක්ද මේ ජීවිතේ?

    උත්තර නෑ මේ ප්‍රශ්ණ වලට. මගෙ හිතේ තියෙන දුක නිදහස් කරගන්න මේක ලිව්වෙ. කියෙව්වට තෑන්ක්ස්.
     
    • Haha
    Reactions: Ozone4

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,524
    36,488
    113
    මැදමහනුවර
    එයා පතාගෙන ආපු කෙනා මගෙ හස්බන් වෙන්න ඇතිලු. මම වැරදීමකින්ලු බදින්න ඇත්තෙ
    මෙහෙම කියනවද බන් මොකෙක්වත්? තඩි පචයක්ද කොහෙද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,881
    68,293
    113
    Screenshot-20250903-141957-Facebook.jpg