කිර්ති වර්ණකුලසූරිය - මරු මිට්ටා මූ

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Astronomy සම්බන්ධව, science සම්බන්ධව පාවිච්චි කරන ඉංග්‍රීසි වචන වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් සිංහල වචන ඕන තරම් තියෙනවා. ඒකට ඉතින් ඒ දේවල් ගැන හොදට හොයලා බලන්න ඕන. මං කිරියෙ දාන astronomy සම්බන්ධ ආර්ටිකල් ලියද්දිත් සෑහෙන්න හොයලා බලලා ඉංග්‍රීසියෙන් එන තේරුමට ගැළපෙනම වචනෙ තමයි ලියද්දි පාවිච්චි කරන්නෙ. මුන් වගේ ගොට්ට අල්ලලා මාධ්‍යවේදියො වුන උන්ට ඒවගේ හොයා බැලිල්ලක් කරන්න උවමනාවකුත් නෑ, එහෙම දෙයක් හොයලා බලලා කරන්න අවබෝධෙකුත් නෑ.
    English vachanayak vuna paliyata aeka Sinhalata haraveema moda vadak. Ewa ehemmama English namimma thibboth hodai. E,g, Facebook namata Muhunupotha nokiya Facebook kiyanna bari ayi? English vachanaya translate kireema vihiluvak.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    English vachanayak vuna paliyata aeka Sinhalata haraveema moda vadak. Ewa ehemmama English namimma thibboth hodai. E,g, Facebook namata Muhunupotha nokiya Facebook kiyanna bari ayi? English vachanaya translate kireema vihiluvak.
    හැම වෙලාවෙම ඒ දේ කරන්න බෑ තමයි. හැබැයි ඉංග්‍රීසි වචනෙ මුල් අර්ථෙට හානියක් නොවෙන විදිහට සිංහල වචනයක් යොදාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒ මුල් වචනෙට හොද ගැළපීමක් තියෙනවා නම් විතරයි. ඒකට ඉතින් භාෂාව ගැන හොදට ගවේෂණේ කරන්න ඕන තමන්ගෙ ඔළුවට එන හරි, හරියට හොයන්නෙ බලන්නෙ නැතුව මොකක් හරි ට්‍රාන්ස්ලේටර් එකකින් එහෙම්පිටින්ම හරවා ගන්න යන්නෙ නැතුව.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    එක පාරක් ඉංග්‍රීසි විහිළු කතා සයිට් එකක දාලා තිබ්බා පිටසක්වල යානා පෘතුවියට ආක්‍රමණයට එනවා කියලා.

    ඕක ඇත්ත කියලා හිතලා කීර්ති වර්ණකුලසූරිය දිවයින පත්තරේට ලිව්වා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    හැම වෙලාවෙම ඒ දේ කරන්න බෑ තමයි. හැබැයි ඉංග්‍රීසි වචනෙ මුල් අර්ථෙට හානියක් නොවෙන විදිහට සිංහල වචනයක් යොදාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒ මුල් වචනෙට හොද ගැළපීමක් තියෙනවා නම් විතරයි. ඒකට ඉතින් භාෂාව ගැන හොදට ගවේෂණේ කරන්න ඕන තමන්ගෙ ඔළුවට එන හරි, හරියට හොයන්නෙ බලන්නෙ නැතුව මොකක් හරි ට්‍රාන්ස්ලේටර් එකකින් එහෙම්පිටින්ම හරවා ගන්න යන්නෙ නැතුව.
    80 දශකයේ අග කාලයේ විතර, මම සේවය කල රාජ්‍ය සමාගමේ සේවකයන්ට ILO (International Labour Organization) මගින් පාඨමාලාවක් පැවැත්වූවා. අවසානයේ විභාගයකින් සමත් උනාම, ILO එක මගින් සහතික පත්‍රයක් ලබා දුන්නා.

    මේ විභාගය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු ප්‍රශ්ණ පත්‍රයක් ලබා දී තිබූ අතර, මගේ බොසා, මේක මට ගෙනැවිත් දීලා, 'කාටවත් පෙන්නන්නේ නැතුව මේක සිංහලට හරවා දීපං'. 'අපේ මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන උඹ දන්නවානේ. ඉංගිරිස් මුකුත් නැතුව, තනි සිංහලෙන් හදලා දීපං' කිව්වා. මමත් අපේ ලයිබ්‍රරියට ගිහිල්ලා, (මට මතක හැටියට) සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ වචන පාවිච්චි කරලා හුදු හෙළුවෙන් මේකේ පරිවර්තනය ලියලා දුන්නා.

    මෝටර් කාර්මික විද්‍යාවේ තියන, චූෂණ පහර, චූෂණ කපාටය, පුලිඟු පේණු, දඟර කඳ වගේ අඥ්ඥකොරොස් වචන දැකපු අපේ ලොක්කා (මිනිහා හොඳ උගතෙක් උනාට, සිංහල දැනුම අඩුයි) මොනවද යකෝ මේ ලියලා තියන කුණුහරප, තේරෙන භාෂාවෙන් ලියලා දීපං කිව්වා. "සර් මට කිව්වේ ඉංග්‍රීසි වචනයක්වත් නැතුව තනිකරම සිංහලෙන් ලියන්න කියලානේ" කිව්වාම, මිනිහා කියනවා "එහෙම ඕනෑ නැහැ, තේරෙන භාෂාවකින් ලියලා දීපං" කියලා.

    ඊට පස්සේ මම සිංහල වචන ඉවත් කරලා, ඒවායේ ඉංග්‍රීසි වචන සිංහල අකුරෙන් ලියා දුන්නා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    හැම වෙලාවෙම ඒ දේ කරන්න බෑ තමයි. හැබැයි ඉංග්‍රීසි වචනෙ මුල් අර්ථෙට හානියක් නොවෙන විදිහට සිංහල වචනයක් යොදාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඒ මුල් වචනෙට හොද ගැළපීමක් තියෙනවා නම් විතරයි. ඒකට ඉතින් භාෂාව ගැන හොදට ගවේෂණේ කරන්න ඕන තමන්ගෙ ඔළුවට එන හරි, හරියට හොයන්නෙ බලන්නෙ නැතුව මොකක් හරි ට්‍රාන්ස්ලේටර් එකකින් එහෙම්පිටින්ම හරවා ගන්න යන්නෙ නැතුව.

    E.g. Api iskolavala nam gaththoth, Trinity ekata "Thrithva" kiyanava habei Kingswood ekata "Raja Kelay" nokiyanne ayi? Royal ekata Rajakeeya kiyanava habei Hillwood eka Hillwoodmai. :lol:
    Mewa okkoma eka thanakin kerenavanam mehema venne na.
     
    • Haha
    Reactions: Nidarshana_k

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ~
    උපුටා ගැනීම ලංකා ඊ නිවුස්.

    ටයිටන් සබ්මැරීනය පුපුරුවපු එකා කව්දැයි අපේ එකෙක් සොයා ගනී..!​

    -සත්ගුණාධාර වාර්තා කරයි
    Keerthi-Warnakulasuriya1.jpg


    (ලංකා ඊ නිව්ස් -2023.ජුනි.26, ප.ව.11.25) ටයිටැනික් නටබුන් නැරඹීමේ ටයිටන් සබ්මැරීන චාරිකාව අවසන් වූයේ ජීවිත පහක් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. මේ ජීවිතවලට සිදු වූවේ කුමක්දැයි සැකහැර දැන ගැනීම සඳහා ඇමරිකානු වෙ‍රළාරක්ෂක භටයෝ දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටියෝය. හදිසියේම ඔවුන්ගේ නෙත ගැටුනේ අත්ලාන්තික් සයුරෙන් මතු වූ මිනිස් හිසකි.
    "එක් කෙනෙක් ආවා! එක් කෙනෙක් ආවා!!" එක් වෙරළාරක්ෂක භටයෙක් ඉංග්‍රීසි බසින් කෑ ගසන්නට විය. පවනට බඳු වේගයෙන් ඔවුන් ගේ මෙහෙයුම් යාත්‍රාව සාගරයෙන් මතු වූ මිනිසා දෙසට ඇදී ගියේය. වෙරළාරක්ෂක භටයෝ වහා ඔහු ඔසවා යාත්‍රාව තුළට දමා ගත්තෝය. මහ පුදුමෙකි. යාත්‍රාවට ඇද දමාගත් එකා දුඹුරු පැහැති එකෙකි. වෙරළාරක්ෂක භටයෝ එකිනෙකා මුහුණ බලන්නට විය.
    "ඔබ ස්ටොන්‍ රෂ්ද, නැත්නම් හේම්ස් හාඩින්ග්, එහෙම නැත්නම් ෂෙහෙසාදාස්වූඩ්, සුලේමාන් පෝල්, ඕන්‍ රි නාජලෙට්ද වෙරළාරක්ෂක භටයෝ නොනවත්වා ඇසූහ. මුහුදෙන් මතු වූ එකා දෙපැත්තට හිස වනන්නට විය.
    "අයිනෝ, අයිනෝ සාඩින්. සාඩින් නම් මම දන්නව. ගූගල් ට්‍රාන්ස්ලේට්, ගූගල් ට්‍රාන්ස්ලේට්" යනුවෙන් ඔහු කෑ ගැසූ අත‍ර වෙරළාරක්ෂක භටයෝ සිය කොම්පියුටර්වල වහාම ගූගල් ට්‍රාන්ස්ලේට් දමා ගත්තෝය.
    "මම සිංහල බෞද්ධ, ලංකාව කියන දිවයිනේ නම කීර්ති." වෙරළාරක්ෂක භටයෝ ලංකාවේ නම් වහා පිරික්සූහ. " කීර්ති? කීර්ති පැස්කුවෙල් සින්දු කියනව නේද? කෝ ගිටාරය එක් භටයෙක් ඇසුවේ සිනාසෙමිනි.
    "නෑ නෑ මම කියන්නේ බයිලා. වැඩ කරන්නේ සිංහල බෞද්ධ බයිලා පත්තරේක. මගේ නම කීර්ති පාටකුල....." ඔහු කොල කෑල්ලක ලියා වෙරළාරක්ෂකයන්ට දුන්නේය.
    "ලංකාවේ තියෙන්නෙ බයිලා පත්තරද?"
    වෙරළාරක්ෂක භට‍යෙක් ලියා දුන් කොල කෑල්ල ගූගල් ට්‍රාන්ස්ලේටයේ කෙටූ කීර්ති "ඔව්, එහෙම ඒව තමයි වැඩිපුර තියෙන්නෙ. මම රස්සාව කරන පත්තරේ ඒකේ අංක එක." එතැන් සිට වෙරළාරක්ෂක භටයන් කීර්තිටද, කීර්ති වෙරළාරක්ෂක භටයන්ටද ප්‍රශ්න උත්ත‍ර ලියා දෙමින් ඒවා ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා පරිවර්තනය කරමින් සංවාදය ගෙන ගියෝය.
    "ඉතිං පත්තරේ රස්සාව කරන තමුසේ මේ අත්ලාන්තික් සාගරයේ රස්තියාදු ගහන්නේ මොකටද?"
    "අයියෝ මොනවද ඔයාල දන්නේ. ඉන්වෙස්ටිගේටිං ජෙනලිසම් දන් නැද්ද? අපේ පත්තරෙන් මාව එව්ව ටයිටන් සබ්මැරීනය පුපුරා ගියාද? නැතිනම් පිපිරෙව්වාද? කියල නිවැරදි ගවේශනයක් කරල ජනතාවට වාර්තා කරන්න."
    ඒ සඳහා ඔබට තිබෙන විශේෂ සුදුසුකම් මොනවද? "
    "අඟහරු ග්‍රහයා මත ගඩොල් තිබෙන බවට මුලින්ම හොයා ගත්තේ මම තමයි."
    "ඔබ අඟහරු ග්‍රහයා මතට ගියාද?"
    "නෑ නෑ, මේ රහස මම එළිකරන්නේ පළමු වතාවට. අපේ මහින්ද මහින්තයගේ ගේ බාල පුතා චී චී රොකට් එකක් යැව්වා. ඒක තිබෙන්නේ අඟහරු ග්‍රහයා මත. ඕනනම් දෙදරණ නාලිකාවෙන් අහල බලන්න. දෙදරණ නාලිකාවේ චටුර මල්ලී සාක්කි. එහි තිබෙන කැමරා පද්ධති සියුම් නිරීක්ෂණයෙන් තමයි මම මේ සොයා ගැනීම කළේ. මේ සොයා ගැනීම නිසා මට ලංකාවේ කතෘ සංසදයෙන් "අඟහරු ගඩොල් පච කීර්ති ශ්‍රී පාටකුල" කියන නම්බු නාමය ලැබුන."
    "ඊට අමතරව අපේ රටේ තිබුණ අරගලයට විදේශ රටවලින් ඩොලර් මිලියන අටකට වඩා එවල තියෙනව. ඒක පළමු වරට හොයා ගත්තෙත් මම. ඒ සොයා ගැනීම වෙනුවෙන් සුගන්ධං සීතලං කප්පං පසන්න ‍රණතුංග පදනමෙන් මට ලැබුනා "ඩොලර් ශ්‍රී මිලියානු අපකී‍ර්තිනන්දාභිදාන පාට කුලසූරිය" කියන නම්බු නාමය." කීර්ති උරිස් පළල් කරමින් කියන්නට විය.

    "කිසිම රටක සාම සාධක හමුදාවට යන්නෙ නැහැ කිව්වට ස්වීස්ටර්ලන්ත අහසේ හැම මොහොතකම කෆීර් යානා නංවා තිබෙන බව හොයා ගත්තෙත් මම. ඒබව මම හොයා ගත්තෙ අහසේ විවිධ රටා මවමින් විහිදී තිබෙන දුම්‍වලාවන්ගෙන්." වෙරළාරක්ෂක භටයෝ විවිධ ඉරියව්වන්ගෙන් කීර්තිගේ ඡායාරූප ගන්නට වූහ.
    "ඒ වෙනුවෙන් නම්බුනාමයක් ලැබුනෙ නැද්ද?"
    "ඒ වෙනුවෙන් ඩුබායිවලදි හා ජිනීවාවලට ආපු අයගෙන් කෑම, චොකලට්, බොන්න විස්කි, සල්ලි ලැබුණ. මම එයාලගෙ කතා, පින්තූර අපේ ඇට නැති නයි දිව පත්තරේට දාල දුන්න." කීර්ති සිය පුරාජේරුව නොනවත්වා කියන්නට විය.
    "වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, පැලෝපීය නාලය මිරිකල කාන්තාවන් වඳ කරන සාෆි ඔපරේෂන් මේවගේ ඒව මළහිරු, දෙදරණ, චන්න ජයසෝනයි, හීරවංශ, ගොම්මන්පිළ, මහණ වෙන්න ඕන කිය කියා ඉන්න රතු නයි එකතුවෙලා අපි තමයි හොයා ගත්තෙ. පස්සෙ නාථ දෙවියන්ට කියල ඒ මිරිකපු තැන්වලින් නාලෙ කපල අයින් කරල බද්ධ කළා බයි පාස් කරනව වගේ."
    "ඉතින් ඊට පස්සෙ එ අම්මලාට ළමයි ලැබුනද?"
    "ඔව්, ඔව් ළමයි ලැබුන."
    "කාගෙද ඒ ළමයි?"
    "නාථ දෙ‍යියො තමයි ඒක දන්නෙ" කීර්ති කීවේ අහසට දෑත් දිගු කරමිනි.
    "ඉතිං ඔච්චර දේවල් හොයා ගන්න පුලුවන් වුනු ඇට නැති නයි දිවට මොකද බැරි වුනේ පාස්කු ප්‍රහාරයේ කාගේ වැඩක්ද කියල හොයා ගන්න?" වෙරළාරක්ෂකභටයෙක් නැගූ පැණයෙන් සීතලේ සිටි කීර්තිගේ මුහුණෙන් දහදිය දමන්නට විය.

    "ඔබට විශාල වෙහෙස ගතියක් පෙනෙනව. අපි ඒ කතා නවත්වමු. අපට කියන්න බලන්න දැන් ඔබ මේ සබ්මැරීනය පිළිබඳ සොයා ගත් කරුණු මොනවද?" කීර්ති පත් වූ අපහසුතාවය තේරුම් ගත් ආරක්ෂක අංශ ප්‍රධානියා කතාව වෙනතකට යොමු කරමින් ඇසීය.
    "මෙහෙමයි මේ පිළිබඳ අපට තිබෙන සැක අනුව මේ සබ්මැරීනය සැලසුම් සහගතව පුපුරවල තියෙන්නෙ. ඒ පිපිරවීම පිළිබඳ කණ්ඩායම් දෙකක් ගැන ලැබී ඇති ගවේශනාත්මක සැක ඔස්සේ තව දුරටත් පරීක්ෂණවල නියැලෙමින් ඉන්නේ. දැනට කෙරී ඇති පරීක්ෂණ, නිරීක්ෂණ අනුව අපේ නිගමනය තමයි මේ පුපුරවා හැරීම ස්ථිරවම කර තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාව හෝ ගෝල්ෆේස් අරගලකරුවන්"
    "මොනවද ඒ සඳහා ඔබට තිබෙන සාක්කි.?"
    "අපට නිගමනවලට එන්න අනවශ්‍යම දේ තමයි සාක්කි. ඒක අපේ රටේ මාධ්‍ය වසර ගණනාවක් තිස්සේ රැකගෙන එන ප්‍රතිපත්තියක්." කීර්ති කීවේ හිතට ආ ආඩම්බරයක් සමඟිනි.
    "එතකොට මේ මුහුදු පතුළේ ඔබේ තවත් කෙනෙක් මේ මොහොතේ තොරතුරු සොයමින් ඉන්නවද?"
    "ඔව්. එයාගෙ නම සරත් පාලුසේකර. එයා අපේ හිටපු පොලිෂ් ඇමති."
    "පොලිෂ් ඇමති කෙනෙක්ට මුහුදු පතුළේ කිමිදෙන්න තිබෙන හැකියාව මොකක්ද?" ඒ ප්‍රශ්නය වෙරළාරක්ෂක භටයෙක්ගෙනි.

    "එයා වරක් මරියානා අගාධයට පවා ගිහින් ආපු කෙනෙක්" ඇස් කරකවමින්, නළල රැළි කරමින් කීර්ති කීවේය.
    "ඒ මොකටද?" විශ්මය පළකරමින් සියලුම වෙරළාරක්ෂක භටයෝ එකවර ඇසුවෝය.
    "නෙළුමී හංසමානිගේ ජංගි අරගෙන ගියා."
    මේ පිළිතුරෙන් කෝපයට පත් වෙරළාරක්ෂක භටයෝ කීර්ති ගේ අත් දෙකෙන් හා කකුල් දෙකෙන් අල්ලා ආපසු අත්ලාන්තික් සයුරට විසිකළේ ගෝටාගේ සුදුවෑන් කල්ලිය මාධ්‍යවේදී පෝද්දල ජයන්තගේ දෙපා කඩා අංගොඩ හංදියේදී වෙළකට වීසි කළ අයුරිනි. එසේ උඩින් යන කීර්තිට දැනුනේ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දෙන්නට ආ පොහොට්ටු බයි මැරයන් ජනතාව විසින් අල්ලා බේරේ වැවට විසි කරද්දී දැණුනු ආතල් එකම ය.
    (උපහාස කොලමකි)

    -සත්ගුණාධාර​







    ---------------------------
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    ලංකාවට සුනාමි එනකොට ටී. සුනාමි කියන්නේ ජපනෙක් කියල හිතල ඒක කවර් කරන්න එයා පෝට් එකට ගියෙත් මේ මහත්තයා තමයි මම දන්න විදියට.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,989
    13,892
    113
    🤍
    මේක විතරක් නෙමේ.. හරියට බැලුවොත් හතර වටෙන් ඩොට් කනෙක්ට් වෙනවා..

    ලෝයර් මනෝජ් ගමගේ.. නතාශාගෙ බෲනෝ ගේ කේස් එකට විරුද්දව කතා කරපු උන්..


    image.png







    image.png

    twitter witharak inne ai mun