කිරිකොට් මයේ අම්මේ......................
දිනුවලු නේද,? දිනුවා දිනුවා මයෙ අම්මා. මට කාලෙකින් ලැබුණු හොඳම ආරංචිය. පත්තර කොල්ලා නොවන්නට මයෙ අම්මා, මම මේවා දැනගන්නවා බොරු. තංතෝසයි. තංතෝසයි. හැබැයි ඉතිං කඳුළුත් නැතිවාම නොවෙයි මයෙ අම්මා. කලාතුරකින් නෙ දිනන්නෙ.
යං දොහෙක ඔය ලොකු අය්යලා දෙන්නා තුන්දෙනා ගෙදර ගියාම නැත්නං ගෙදර යවපු දොහෙක, අර කිරි පැකට් බොන ළමයා කොහොමද මයෙ අම්මලා රැළම දක්‌කන්නෙ? තිස්‌ස මහත්තයා නං කියලා තියෙනවා බඹරෙ වැල්ලෙ කැරකෙන කාලෙ ඇවිත් කියලා. දැන් අවුරුදු විස්‌සක් විතර උන්දැලා බඹරෙ කැරකෙන දිහා බලං ඉන්නවා. හැබැයි කැරකුණේaම රුයිතෙට නේ.
පොල් අඩි සෙල්ලම පැරදුණාට නං මගේ විස්‌සෝපයක් නෑ ඔන්න.
මෙදා සැරේ නම්, මහත්තයා මුණගැහීම ඉෂ්ට වෙන්ට කියලා මම අලුත්ගම දෙයියට බාරයක් වෙලාමයි ගියෙ මයෙ අම්මා. හරි ගියානෙ කියන්ට... තැපැල් මහත්තයා ලියුම් මිටියක්‌ම ඔඩොක්‌කෙට විසි කරලා පුළුවන් නං කියවමුකො කියපි, මයෙ අම්මා.
උන්දැ හිටපු සෙල්ලං ලොක්‌කෙක් නේද? හැබැයි මූණ තවමත් ඇඹුල්. සියම්බලා වගේ. හොඳ අවවාදෙකුත් දුන්නා මයෙ අම්මා. සෙල්ලං කරනකොට වතුර ඉල්ලන්ට එපා බොන්ට. කන්ට වෙයිලු. ඉතිsං, තැපැල් මහත්තයත් පහුගිය දොහෙක වතුර බෝතලයක් කෑවනෙ. මතක නේද මයෙ අම්මා?
ඔඩොක්‌කෙට විසිකරපු ලියුම් මිටිය අස්‌සේ පත්තර කෑල්ලක් තිබුණා. ඒකේ තිබුණ රූපයක් දැකලා මට අපේ කුරුණෑගල නෑයෝ ඔක්‌කොම මතක් වුණා මයෙ අම්මා. ඒ රූපෙ හිටිය මහත්තයාත් කුරුණෑගල පැත්තෙ කෙනෙක්. "බලමුකො මිනිස්‌සුන්ට වෙන දේ.... ඔය මනුස්‌සය ලංකාවෙ සෙල්ලං සංගමයක ලොක්‌කෙක් වෙලා හිටියා. ඒත් කිසි දෙයක් කර කියා ගන්ට බැරි වුණා. අලුත්ගම දෙයියන්ගෙ ආසිරිවාදෙන් ඇවිත්, ඒ පිහිටෙන්ම යන්ට ගියා. ආපසු ආවේ මිල්ටේරියෙ ලොක්‌කෙක් වෙලා. ඒ ආපු ගමන් මොකද උනේ?
ඔය, මයෙ අම්මගෙ බෝඩිම පැත්තේ වතුර රණ්‌ඩුවක් බේරන්ට මැදිහත් වෙන්ටයි සිද්ධ වුණේ. ඔන්න, හාපුරා කියා කරන්ට සිද්ධ වුණු රාජකාරිය. තුන්දෙනෙක් මැරුණාලු නේද? ඔය පළාතට කිට්‌ටුව ඇඟළුමක ළමයි මුදල් පුරස්‌නෙකට කෑකෝ ගහන කොට වෙඩි වැදිලා එක ළමයෙක් මැරුණා කියන්නෙ ඇත්තද මයෙ අම්මා·
හනේ මන්දා, අපේ මේ කඳුළු මොනවට ද මයෙ අම්මා. රොටි අනන්ටත් බෑ. මැටි අනන්ට ගන්නෙත් නැහැ.
කරුණෑගල විඡේ ලොකු තාත්තා මුණගැහුණාද? මේ දවස්‌වල නම් උන්දැ මයෙ අම්මව හොයා ගෙනම ඇවිත් පිළිකන්නෙම ඉඳගෙන කහට කෝප්පෙකුත් බොයි. මේ දවස්‌වල හැමෝම ඔය වගේ මයෙ අම්මා. අප්පච්චිත් එහෙමයි. මට තැපැල් මහත්තය තමයි කිව්වේ අපේ මහ මුදලාලිත් ඒ පැත්තෙ කෙනෙක් කියලා. උන්දැත් හිටපු සෙල්ලං ලොක්‌කෙක්‌ලු නේද මයෙ අම්මා. උන්දැටත් හරිම පුරස්‌නයක් නෙ. දන්නවාද? උන්නැහැගෙ ඔපීsසියත් ගිනිගත්තානෙ. ඕක කඩප්පුලිකාරයන්ගේ වැඩක්. අන්දරේ සතොසෙ සීනි කෑ හැටි කියලා මතු දවසක පත්තරේ වැටෙයි කියලත් කියපි.
ළඟදී රට යනවාද? යනවනං නෑවිත් ඉන්න බැලුවොත් හොඳයි මයෙ අම්මා. "පොලිසියේ රාළහාමි"ලාට පුළුවන් නම් අපිට බැරි මොකද? ඕස්‌ටේ්‍රලියාවේදී ගල්වෙන්ට බැහැ කීවාම, ඔය සහසුද්දෙන්ම ගල්වෙලා තියෙන්නෙ කියලා පත්තර කොල්ලා කීවේ ඔය සංගදිය ගැන තමයි. ළඟදි තවත් කණ්‌ඩායමක් නේපාලෙ යනවාලු. එහෙදී නං උං ගල්වෙන්ට හිතන්නෙවත් නැතිවෙයි.
මෙහෙන් රට ගෙහුං වැඩියෙන්ම ගල්උනේ සෙල්ලම්වලට ගිය ළමයි. දැන් හොරු අල්ලන පොලිසියත් ගෙදර වැඩ කරනවා" යෑයි පත්තර කොල්ලා කියාපුවාම, මට අනේ මගේ කටයි කියවුණා මයෙ අම්මා. රාජන් මහත්තයට ඇහුණා නං එහෙම ...
අපේ රාජන් මහත්තයා සනීපෙන් ඉන්නවා පොලිසියට නුසුදුසු තරමට. දැන් සාන්තයි. සත්aතකේටම. උන්නැහැගෙ හොඳම යාලුවාත් පළාත් සභාපති. කිසි පුරස්‌නයක් නෑ ගමේ පළාතේ තොටේ වැඩ හොඳට කෙරෙනවා. පාරේ නොවේ කැලේ ගහක් කොළක් නෑ. ගෑනුq ළමයෙක්a පාර තොටේ නැහැ. කුඩු තියෙනවා. නඩු නැහැ. කිසිකෙනකුට රා තැබෑරුමක් දාන්න දෙන්නෙ නැහැ... අරක්‌කු ගණන් නිසා කසිප්පු හදලා ගමටම බෙදනවා.
මයෙ අම්මට ඔහේ පුරස්‌න එහෙම තියෙනවාද? ඇත්නම්, දන්වන්ට හො¹. මම රාජන් මහත්තයටයි, පළාත් සභාපතිතුමාටයි කියන්නං.
විවේක තියෙන වෙලාවට ඉදිරියට යන කලක් ගැන හිතුවොත් හොඳයි නේද මයෙ අම්මා. බඩගින්නක් ඇති වුණොත් කිරිපිටි බොන්ට එපා. වියායාම කරන්ට. වතුරම ඉල්ලන්ට මයෙ අම්මා. මයෙ අම්මා දන්නවාද, ඔය වතුර පුරස්‌නෙට මුල් වෙච්චි උල්පත. අයිතිකාරයා කවුද කියලා..... ? දයා මහත්තයා දැනගත්තාම කියයිs පස්‌සෙ දවසක, මයෙ අම්මා. තවත් රහසක් තියෙනවා මයෙ අම්මට කියන්ට. ඔන්න කටේ කෙළ පිඬක්‌වත් පෙරනවා නොවෙයි.
අර වයඹ පැනීමේ සූරයා, පනින්ට පෙර ඉන්න වළේaම බැහැගෙන වයඹ පැත්තෙ ඩිල්මාට් දාන්ට පුළුවන්දොaයි සිතා බැලුවාලු. ඒ සංගදිය අපිට කියපු කිතුල්වත්තෙ පෙරකදොaරු මහත්තය කටුස්‌සා හීන් සැරේ හොඬවැලෙන් එළියට ගියාට අලියට නං දැනුණේ නැහැ කිය කියා බඩ අල්ලන් හිනා වුණා. වාතයකුත් ගියා.
අසෝක ගුණතිලක