කිරිපිටි චීනයට සහ බටර් ජපානයට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. අද දෙරණ Biz සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.

    “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB (අපනයන සංවර්ධන මණ්ඩලය) එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“
    “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආරියශීල වික්‍රමනායක සුපිරි වැඩ්ඩා... ආණ්ඩුවෙ උන් රටින් ගේන්නුවෙ නැත්නම් කොමිස් කුට්ටි වලට, මොහු අද ලංකාවෙ ඉන්න සුපිරිම බිස්නස්මන් වෙනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕනෙම කොම්පැනියක ලොක්කා උනාම ලොරි ටෝක් දෙනව. මූ කියන දේවල් ඒ තරම් සීරියස් ගන්න දෙයක් නෑ. ඉස්සර හිටන්ම කයිවාරුව
    පල්ලෙවත්ත මතක් උනා
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    පැල්වත්ත නැතුව හයිලන්ඩ් නැද්ද බන්.. සුපර් මාර්කට් වලට දානවා විතරයි වාෂ්ප වෙනවා.. නිකන් කඩවලත් නෑ හොයා ගන්න
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    lankwe minissu purudu wela inne milk powder bonna. diyara kiri minissunta purudu karanna amaruie.

    atha super market wala diyara kiri oni tharam

    But Hihgland + pelawatha milk powder nam hoyaganna ne lesiyen

    anker nam rak pitin thiyenewa. monissu den ewa wediya bonne ne.

    man hithanne me company ayata lankwe minisunta milk poweder hadala wikunanawata wada export karala wedi laba ganna wage yanne
     
    • Like
    Reactions: D_Mad