පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාසයක් ඇතුළත තවත් කිරිපිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුරුණෑගල දී අරඹන බවත්, එළඹෙන වසරේ දී චීනයට කිරිපිටි අපනයනය කිරීමට කටයුතු කරන බවත්, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. පසුගිය දා විකාශය වූ 'එක්ව ජයගමු' සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

    "කිරි තියාගන්න බැහැ මාස 06කට වැඩිය. කිරි පිටි හදලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා මාස 06කට වැඩිය තියා ගන්න බැහැ කියලා. මම අනිවාර්යෙන් එන අවුරුද්ද වෙනකොට චීනයට යවනවා. අපි ඒකේ ගහනවා, "Shelf Life - Six Months" කියලා ගහනවා. බටර් තියාගන්න පුළුවන් මාසයයි. නැත්නම් පුස් හැදෙනවා. අද වෙන කොට කිරිපිටි හදන්නේ මම විතරමයි. ටොන් 30 ක් හදනවා දැන්. දවසකට ටොන් 30ක් මම කොළඹට ගේනවා. ඊයේ හදපු කිරි, අද වෙනකොට පිටි කරලා ගේනවා. තව මාසයක් ඇතුළත තවත් ෆැක්ටරියක් කුරුණෑගල දී පටන් ගන්නවා", යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආණ්ඩුව දැන හෝ නොදැන ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවෙන්න වැඩ කරලා, සුළු පිරිසකට හම්බකරගන්න වෙළඳ මාෆියාවක් හදලා දෙනවා.
     
    • Like
    Reactions: sudathmadusanka

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    Kitty Milk GIF