කිරිපිටි_ඉහළට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කිරිපිටි මිල ඉහළට

    1552667986_6274754_hirunews_milk.jpg


    ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදී තිබෙනවා.

    ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ යනවා.

    කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුවයි මෙලෙස මිල සංශෝධනය වී ඇත්තේ.


    Source: Hiru News
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැන් සිංහලු කිරි බොන්නේ නැත්තම් කිරිපිටි පැකට් එකක් ලක්ෂයක් උනත් මොකෝ බන්..
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    wadi wena eka hodai ethakota owa bona eka adu wei ne
    habai oya ganata highland & palwatte ganan wadi karai da danne ne
    සින්හලුන්ව ගොනාට අන්දවලා බලපන්කො පැලවත්තේ එකයි හයිලන්ඩ් එකයි කිරිපිටි වැඩි කරන්නේ නැද්ද කියලා.. ඇන්කර් ෆොන්ටෙරා එක ලගදීම පැලවත්ත එක පර්චෙස් නොකලොත් මගේ කණ කප්පන්..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දේශීය_කිරිපිටිත් ඉහළට

    දේශීය කිරිපිටි මිලත් වැඩි කිරීමට සිදුවන බව, ඇමති හැරිසන් කියයි

    ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

    ආනයනික කිරිපිටි මිල ඊයේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදුන්නා.

    ඒ, කිරිපිටි මිල ඉහළ දමන ලෙසට කිරිපිටි සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් ඒ සඳහා සකස් කළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමඟයි.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ ගියා.

    ආනයනික කිරිපිටි මිල මෙලෙස ඉහළ යාමත් සමඟ දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් කිහිපයකින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ දේශීය නිෂ්පාදිත කිරිපිටි මිල ද ඉහළ දැමීමට අවශ්‍ය වුවත් ඊට අනුමැතියක් ලැබී නොමැති බවයි.




    Source: Hiru News
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මාස 3න් 3ට

    මාස 3කට වරක් කිරිපිටි මිල සංශෝධනය වන ලකුණු

    මාස 3කට වරක් ආනයනික කිරිපිටි මිල සලකා බලා මිල සංශෝධනය කෙරෙන බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.

    ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගිය කිරිපිටි මිල ගණන් පිළිබදව නිවේදනය කරමින්.

    ඔවුන් නිකුත් කළ උපරිම සිල්ලර මිලට අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 370ක් වන අතර, කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 920 ක් වනවා.

    එසේම, ග්‍රෑම් 18 රුපියල් 20කට, ග්‍රෑම් 60 රුපියල් 60කට, ග්‍රෑම් 70 රුපියල් 65 කට, ග්‍රෑම් 150 රුපියල් 140කට සහ ග්‍රෑම් 250 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 230කට අලෙවි කළ යුතුයි.

    ග්‍රෑම් 900 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 820 ක්.




    Source: Hiru News
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කිරි පිට 1000 පැනලා ගියත් අපිට මොකෝ බන්. ගොන්නු තමයි ඕවා බොන්නෙ. මේවෙලේ හයිලන්ඩ්, පැලවත්ත කම්පැනිවලට කරන්න තියෙන්නෙ තිබ්බ මිලටම කිරි විකුණන එක​. එතකොට පිටි කිරි බොන කෙනෙක් ඒවා ගන්න පෙළබෙයි. දැන් චූන් පාන් ත්‍රීවීල් වගේ කිරි විකුණන ත්‍රීවීල් තියනවා. එළු කිරි එහෙමත් තියනවා. උවමනවාක් තියනව නම් අපේ රටේ මිනිස්සු දියර කිරි, ලංකාවේ පිටි කිරි බොන්න පුරුදු කරන එක මහ දෙයක් නෙමෙයි. කවුරු මොන කථා කිව්වත් පිටරටින් ගේන කිරි පිටි බොන්න එපා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කිරි පිට 1000 පැනලා ගියත් අපිට මොකෝ බන්. ගොන්නු තමයි ඕවා බොන්නෙ. මේවෙලේ හයිලන්ඩ්, පැලවත්ත කම්පැනිවලට කරන්න තියෙන්නෙ තිබ්බ මිලටම කිරි විකුණන එක​. එතකොට පිටි කිරි බොන කෙනෙක් ඒවා ගන්න පෙළබෙයි. දැන් චූන් පාන් ත්‍රීවීල් වගේ කිරි විකුණන ත්‍රීවීල් තියනවා. එළු කිරි එහෙමත් තියනවා. උවමනවාක් තියනව නම් අපේ රටේ මිනිස්සු දියර කිරි, ලංකාවේ පිටි කිරි බොන්න පුරුදු කරන එක මහ දෙයක් නෙමෙයි. කවුරු මොන කථා කිව්වත් පිටරටින් ගේන කිරි පිටි බොන්න එපා.
    :lol::lol::lol:
    Deshiya ewath lagadima wadiwenawa, amathiya kiyala thiyenne deshiya ewath lagadima wadi karanawa kiyala & every 3 months prices wenas wenna puluwanlu aluth "Pitikiri Sutraya" nisa :love::love:
    Mama first post ekata pahalin dala thiyena comment 2kath balanna
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    සින්හලුන්ව ගොනාට අන්දවලා බලපන්කො පැලවත්තේ එකයි හයිලන්ඩ් එකයි කිරිපිටි වැඩි කරන්නේ නැද්ද කියලා.. ඇන්කර් ෆොන්ටෙරා එක ලගදීම පැලවත්ත එක පර්චෙස් නොකලොත් මගේ කණ කප්පන්..
    එක කෙසේ වෙතත් මුන් හයිලන්ඩ් එක ගත්තත් පුදුම වෙනඩ දෙයක් නැ

    මෙච්චර කියද්දී තාමත් ඔය කිරි බොන උන් ඉන්නවනේ මුන් කිරි වලටත් මොනවා හරි දාලා එවනවද දන් නැ ඇඩික් වෙන්ඩ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එක කෙසේ වෙතත් මුන් හයිලන්ඩ් එක ගත්තත් පුදුම වෙනඩ දෙයක් නැ

    මෙච්චර කියද්දී තාමත් ඔය කිරි බොන උන් ඉන්නවනේ මුන් කිරි වලටත් මොනවා හරි දාලා එවනවද දන් නැ ඇඩික් වෙන්ඩ
    Local ewath lagadima wadi wenawa, imported witharak neme :(
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එක කෙසේ වෙතත් මුන් හයිලන්ඩ් එක ගත්තත් පුදුම වෙනඩ දෙයක් නැ

    මෙච්චර කියද්දී තාමත් ඔය කිරි බොන උන් ඉන්නවනේ මුන් කිරි වලටත් මොනවා හරි දාලා එවනවද දන් නැ ඇඩික් වෙන්ඩ
    ඕකත් අර තිලකවර්දන නොලිමිට් බිස්නස් එක වගේ තමා.. ආනයනික පිටිකිරි බොන්න එපා කියලා ලංකාවේ සමාගමක් ප්‍රමෝට් කරලා අන්තිමට බලපන් ඔය ලංකාවේ සමාගම රටින් කිරි ගෙනත් සිංහලුන්ට පොවන්නේ නැද්ද කියලා. එතකොට හොල්සෙල් ෆොන්ටෙරා එක පැල්වත්තට බඩු දානවා. සිංහලු ෆොන්ටෙරා කිරි පැලවත්ත පැකට් එකෙන් අරන් බොනවා. කිඉපිටි හදන්න තරම් කිරි ප්‍රමාණයක් ලංකාවේ නැහැ.. අනිවාර්යෙන් මේ ගොන්කිරි බොන එක නැවතුනේ නැත්තම් රටින් ගෙන්න වෙනවමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශීය කිරිපිටි මිලත් වැඩි කිරීමට සිදුවන බව, ඇමති හැරිසන් කියයි

    ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය


    :P
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Stop drinking milk. There's no difference whether it's local or international. They add preservatives. Do you know what disesases these cows have? or how poor calf was deprived its milk? Just stop drinking milk. Plain tea/green tea/ herbal teas do a wonderful job than milk.