කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ දේශනා සහ තවත්

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ දේශනා සහ තවත්

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සහ මහමෙව්නා අසපුවේ වීඩියෝ එකතුව:
http://www.trekmentor.com/si/content/book/500

ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ වීඩියෝ එකතුව:
http://www.trekmentor.com/si/content/book/501

Oct 31, 2012
535
31
0

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔබ මේ කරන්නට සැරසෙන්නේ කවර නම් ව්‍යායාමයක් ද? :confused::confused:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබ මේ කරන්නට සැරසෙන්නේ කවර නම් ව්‍යායාමයක් ද? :confused::confused:

    පින්වත් ex-muslim Ahmed,

    ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන අවබෝධය ගිහි පැවිදි දෙපිරිසටම ඇති වන්නටත්, ධර්මය සහ විනය මතු වන්නටත්, අධර්මය සහ අවිනය යට යන්නටත් හේතු වන උපක්‍රමයක් යොදන්න හිතුවා. බුදුරජානන් වහන්සේ පවසා ඇති පරිදි ධර්මයට හා විනයට අනුකූල ලෙසම එය කලොත් ඒ උපක්‍රමයෙන්ම සඞ්ඝ සමගිය කියන කාරණාවත් ඇති වේවි.

    සඞ්ඝ සමගිය ඇති උනොත් එය බෙහෙවින්ම වැඩ දායකයි. එය නැති වීම බෙහෙවින්ම අන්තරායකරයි. සඞ්ඝ සමගිය ඇති කර ගැනීම සඞ්ඝයාට පමණක් තනිවම කරන්න අපහසුයි. උදාහරණයකට නීතිය වගේ ගිහියන් විසින් සම්මත කර ගන්නා දේවල් සඞ්ඝයාටත් බලපානවානේ. සඞ්ඝ සමගිය ඇතිවීමට ප්‍රත්‍ය වන පරිදි ගිහියන් විසිනුත් ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන අවබෝධය වැඩි වැඩියෙන් ඇති කර ගත්තොත් එය බෙහෙවින්ම පහසුවක් වෙනවා.

    සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ නීවරණ වග්ගයේ අසමය - සමය සූත්‍රය [ අසමය - සමය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/126 ] කියවා බලන්නකෝ.

    වැඩේ හරියට උනොත් ජාති බේද, වර්ග බේද ආදිය විසිකොට බොහෝ දෙනෙක් තමන්ගේත්, අන් අයගේත් යහපතටම කටයුතු කරාවි.

    ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන අවබෝධය ගිහි පැවිදි දෙපිරිසටම ඇති වන්නටත්, ධර්මය සහ විනය මතු වන්නටත්, අධර්මය සහ අවිනය යට යන්නටත්, සඞ්ඝ සමගිය පිණිසත් ක්‍රියා කිරීම මට වැටහෙන්නේ අපහසු උවත් ප්‍රායෝගිකව කල හැකි සීමාවේ තිබෙනවා කියලා. ඒ නිසයි මම හිතුවේ ඒ පිණිස ධර්මයට සහ විනයට අනුකූල උපක්‍රමයක් යොදන්නම් කියා.

    බුදුරජානන් වහන්සේ දේශනා කල අනුත්තර විද්‍යා චරණ සම්පත්තීන් ඇති වන්න නම් ඊට ප්‍රත්‍ය වන කරුණු පවතින්න ඕනෑ. එම ප්‍රත්‍ය නැත්නම් හෝ අඩු නම් එම ප්‍රත්‍ය ඇති කර ගන්න, වැඩි කර ගන්න ක්‍රියා කරන්න ඕනෑ. එම ප්‍රත්‍ය නැත්නම් කොච්චර බණ කීවත් ඒ උත්සාහයේ ප්‍රතිඵලය පෙනේරයකට දාන වතුරෙන් පෙනේරයේ රැදෙන වතුර ප්‍රමානය හා සමානයි. පෙනේරයකට දාන වතුර පොඩ්ඩ වෙලාවකට පෙනෙරය තෙත කර වැඩි වතුර ප්‍රමානයක් අපතේ යන්නා සේ අනුත්තර විද්‍යා චරණ සම්පත්තීන් ඇති වන්න ප්‍රත්‍ය අඩු නම් කොපමණ බණ කීවත් ඉන් ඇතිවන්නේ ස්වල්ප සහ කෙටි කාලීන ඵලයක් පමණයි.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ex-muslim Ahmed,

    සඞ්ඝ සමගිය ඇති උනොත් එය බෙහෙවින්ම වැඩ දායකයි. එය නැති වීම බෙහෙවින්ම අන්තරායකරයි. සඞ්ඝ සමගිය ඇති කර ගැනීම සඞ්ඝයාට පමණක් තනිවම කරන්න අපහසුයි. උදාහරණයකට නීතිය වගේ ගිහියන් විසින් සම්මත කර ගන්නා දේවල් සඞ්ඝයාටත් බලපානවානේ. සඞ්ඝ සමගිය ඇතිවීමට ප්‍රත්‍ය වන පරිදි ගිහියන් විසිනුත් ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන අවබෝධය වැඩි වැඩියෙන් ඇති කර ගත්තොත් එය බෙහෙවින්ම පහසුවක් වෙනවා.

    Skylark

    :yes::yes:
    ඔබේ ප්‍රාර්ථනාව එලෙසම සඵල වේවා.