කිරිබත් ආරච්චිලාගේ කැවිලිදාස

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කිරිබත් ආරච්චිලාගේ කැවිලිදාස

ඔන්න එකෝමත් එක රටක වාසය කලා කිරිබත් ආරච්චිලාගේ කැවිලිදාස කියල වයස 25ක පමණ තරුණ ගැමියෙක්. මේ ගැමියගෙ ආදායම් මාර්ගය උනේ කැවුම් කිරිබත් යනාදී කැවිලි පෙවිලි හදල ඒව විකුනල ලැබෙන සුළු මුදල. ඒක එයාලගෙ පරම්පරාවෙ මුතුන් මිත්තන් ඉඳන් පැවතගෙන එන වෘතිය.

ඉතින් කැවිලිදාස කරන්නෙ මේ රැකියාව උනත් එයාට කැවිලි පිළිඹඳ තිබුනෙ හරිම අප්‍රසන්න හැඟීමක්. එයා කැවිලි වලට කොච්චර අකමැතිද කිව්වොත් ඒව බදිනකොට එන සුවඳ දැනෙන්නෙ නැති වෙන්න නහයට ලේන්සුවක් පවා බඳිනව. ඉතින් කැවිලිදාසට දවසින් දවස මේ රැකියාව එපා වෙන්න ගත්තලු. ඒත් එයාට වෙන ආදායම් හොයන ක්‍රමයක් නෑ. මොකද එයාගෙ මුතුන් මිත්තන්ගෙන් ලැබුනු උරුමය තමයි කැවිලි හදන එක.

දවසක්දා කැවිලිදාස පැත්තකට වෙලා අහස දිහා බලාගෙන කල්පනා කර කර හිටියලු. මේ මගේ උරුමය, මගේ ලැබීම මේකයි, මට මෙතනින් එහා ජීවිතයක් නෑ, මේ වගේ දේවල් එයාගෙ ඔලුවෙ දිගින් දිගටම දෝංකාර දුන්න. ඉතින් කැවිලිදාස ඔහොම අහස දිහා බලාගෙන ඉන්නකොට එයා දැක්කලු කුකුළෙක් ඈත අහසෙ ඉඳල වේගයෙන් පියාඹගෙන ඇවිත් බිම හිටපු ගැරඬියෙක්ව අල්ලගෙන යනව.

වසර 25කට පසු...

අතිගරු ජනාධිපති කැවිලිදාස මහතාගේ සම්ප්‍රාප්තිය!:cool: