කෙටියෙන් මෙහෙමයි. මේ ටිකේම දැක්ක නූල් බැලුවම කසාද ජීවිතේ අමු සොහොනක් නේහ් බන්ස්. දැන් කිරියේ ඉන්නේ ගොඩක් බැඳපු තලතුනා උන්.. අත් දැකීම් තියෙන උන්..
අවුරුදු ගානක් ලව් කරලා,බැඳලා බෙර ගහලා, ආවම පවුල් ජීවිතේ අවුල්..
සමහරු ඩිවෝස් වෙන්න අහනවා. සමහරුන්ට වලි රණ්ඩු සැක.. ඇනෙක්සිටි.. ඩොකාලා මීට් වෙලා බේතුත් අරන්..
බඳින්න කලින් හිතපු රම්පෙට පොරි හැලෙන්න සුකන සීන් සුම්මා...
කිරියේ හොඳට පවුල් කන එකෙක් ඇත්තෙම නැද්ද බන්???
බැන්දම අනියම් සබඳතා.. සෝශල් මීඩියා නිසා පිට යන්න චාන්ස් වැඩී..fb / whtzapp/ imo.. කෙනෙක්ගේ දුර්වලතාවයට හරියට කට්ට ගැහුවොත් හුටා පටා තමා..
මේ ලෝකේ එකට ගැලපෙන උන් කොහෙවත් නෑ.. ගලපගෙන කටයි පුකයි වහන් ඔහේ ඉන්න තියෙන සීන් එකක් මට පේන්නේ..
ඇත්තටම කසාද ජිවීතේට වඩා තනියෙන් ඉන්න එක සැපයි වගේ..
ගැලපෙන කෙල්ලෙක් මැරි කරොත් නං අවුලක් නෑ මචන්. හොයල බලන්න ඕනෙ කියල මට හිතෙන දේවල් ටිකක් දාන්නං ඕනෙ කියල හිතෙන කෙනෙකුට බලා ගන්න.
1) පෙනුමට තමන් කැමතිද කියන එක. කොච්චර ලස්සන උනත් තමන් කැමති නැති වෙන්න පුලුවන්. කොච්චර කැත උනත් හොඳයි කියල හිතෙන්නත් පුලුවන්. ඒක සාපේක්ෂයි. බඳින්න කලින් ඇඳුනුත් ගලවල බලන්න. වාහනයක් ගන්න ගියත් පාට්ස් චෙක් කරනවනෙ.
2) common habits;hobbies;goals and views තියෙනවද බලපන්. මොකද මේ කෙනා එක්ක තමයි ජීවිතේ වැඩිම කාලයක් ඉන්නෙ. උඹ හැම වේලකටම පරිප්පු කනව කියල කෙල්ලත් හැම වේලටම පරිප්පු කන්න ඕනි නෑ. ඒ උනාට දෙන්නම කැමති දේවල් ගොඩක් තිබ්බොත් වැඩේ ලේසියි. උදාහරනයක් විදියට මායි වයිෆුයි දෙන්නම cricket පිස්සො. අදටත් මැච් එකක් තිබ්බොත් රෑ එලි වෙනකන් බලනව.
3) තමන්ගෙ iq level එකට ගැලපෙන එකක් බලපන්. Iq ගැප් එක අඩු නන් ගැටලු අඩුයි.
4) Family background එක. ගොඩක් ගති genes වලින් එනව. ඒව ගැන idea එකක් ගන්න පුලුවන්.
5) අනික් අයට පවුලට අත දාන්න දෙන්න එපා. අම්මලට තාත්තලට උනත්. දෙන්න එක්ක කතා කරල තීරන ගනින්. නෙගටිව් උන්ගෙන් ඈත් වෙයං.
6)financially stable වෙන ගමන්ම කෙල්ලටත් attention එක දියන්.
ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. මැරි කරල අවුරුදු 6යි. යාලු වෙලා 12ක් වගේ. මොන්ටිසෝරි කාලෙ ඉදන් යාලුවො. තාම නන් කිසි අවුලක් වෙලා නෑ.