මම කිරි අම්මා ධානයක් දෙන්න ඉන්නේ මගේ දියුණුව පතා. ඉතිං දෙන විදිහ නම් අහගත්තා. කැවිලි ටික හදාගන්නත් කෙනෙක් හොයා ගත්තා. ඒත් කිරි අම්මාවරු හොයාගන්නේ කොහෙන්ද? අපේ ගෙවල් ලග එක අක්කා කෙනෙක් නම් ඉන්නවා බබාට කිරි දෙන. එයාව කතා කර ගන්න පුළුවන්. තව කසින් අක්කා කෙනෙක් ඉන්නවා කිරි දෙන. ඉතිරි 5 දෙනා කොහෙන්ද හොයා ගන්නේ? ගාථා කියන්නත් තියෙනවා නේද? අනික මම අපිරිසිදු කිරි අම්මලට කැමති නැහැ. මෑතකදී පුංචි අම්මලාගේ ගෙදර තිබ්බ ධානෙට ආපු අම්මලා හරි අපිරිසිදුයි. මුණ හොදලත් නෙවේ ආවේ. අනික කකුල් එහෙම පැලිලා ජරා වෙලා. කකුල් අපිරිසිදු ගෑනු අය කොහොමත් අපිරිසිදුයි. මට කැවිලි තියලා වදිද්දී අප්පිරියා හිතුනා. වයසක අම්මලා ගේන්න එපා කියලා තියෙද්දී හැම තැනකම වගේ ගේන්නේ කොන්ඩේ ඉදුණු අපිරිසිදු අය. මොන මොන ලෙඩ තියනවද දන්නේ නැහැ. එහෙම අය මේ ධාන වලට ගේන්නේ නැතිලු. මට එහෙම බැහැ හරියට වැඩේ කරන්න ඕනේ. මම අම්මිට කෝල් කරලා කිවුවම කිවුවා අපේ කසින් අක්කි ගන්න පුළුවන් නේද කියලා. අම්මි මට පිස්සුද ඇහුවා. මේකට පත්තිනියෝ වගේ අම්මලාවලු ගෙන්න ගන්නේ. අපේ කසින් අක්කි බියර් බොනවා. මේ නිසා හරියන්නේ නැතිලු. අනික කිරි දෙනම අය වෙන්න ඕනේ නැහැලු. ලගදි කිරි දීපු මැදි වියේ අය හොයා ගන්න කිවුවා. අපේ ගෙදර වැඩට ඉන්න කෙනාටත් 2 / 4 වයසේ ළමයි ඉන්නවා. එයාගේ කකුලුත් පිරිසිදුයි. ඉතිං මෙයාටත් ආරාධනා කරන්න බැලුවේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අම්මලට ආරාදනා කරන්න යන්න ඕනේ ගෑනු කෙනෙක් ලු. ඉතින් එහෙම යවන්න ඉන්නේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා. එතකොට එයාව ධානෙට ගත්තට අවුලක් නැත්ද? අනික සුරාව පානය නොකරන දුරාචාරයේ නොයෙදෙන කේලම් කියන්නේ නැති අයද කියලා බලන්න කිවුවා. ඉතින් ඒවා කොහොමද හොයා ගන්නේ? අනික මෙහෙම නොකරන ගෑනු දැන් ඉන්නවද අනේ?
