කිරි අම්මා ධානයක් දෙන්න ඉන්නේ

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    මම කිරි අම්මා ධානයක් දෙන්න ඉන්නේ මගේ දියුණුව පතා. ඉතිං දෙන විදිහ නම් අහගත්තා. කැවිලි ටික හදාගන්නත් කෙනෙක් හොයා ගත්තා. ඒත් කිරි අම්මාවරු හොයාගන්නේ කොහෙන්ද? අපේ ගෙවල් ලග එක අක්කා කෙනෙක් නම් ඉන්නවා බබාට කිරි දෙන. එයාව කතා කර ගන්න පුළුවන්. තව කසින් අක්කා කෙනෙක් ඉන්නවා කිරි දෙන. ඉතිරි 5 දෙනා කොහෙන්ද හොයා ගන්නේ? ගාථා කියන්නත් තියෙනවා නේද? අනික මම අපිරිසිදු කිරි අම්මලට කැමති නැහැ. මෑතකදී පුංචි අම්මලාගේ ගෙදර තිබ්බ ධානෙට ආපු අම්මලා හරි අපිරිසිදුයි. මුණ හොදලත් නෙවේ ආවේ. අනික කකුල් එහෙම පැලිලා ජරා වෙලා. කකුල් අපිරිසිදු ගෑනු අය කොහොමත් අපිරිසිදුයි. මට කැවිලි තියලා වදිද්දී අප්පිරියා හිතුනා. වයසක අම්මලා ගේන්න එපා කියලා තියෙද්දී හැම තැනකම වගේ ගේන්නේ කොන්ඩේ ඉදුණු අපිරිසිදු අය. මොන මොන ලෙඩ තියනවද දන්නේ නැහැ. එහෙම අය මේ ධාන වලට ගේන්නේ නැතිලු. මට එහෙම බැහැ හරියට වැඩේ කරන්න ඕනේ. මම අම්මිට කෝල් කරලා කිවුවම කිවුවා අපේ කසින් අක්කි ගන්න පුළුවන් නේද කියලා. අම්මි මට පිස්සුද ඇහුවා. මේකට පත්තිනියෝ වගේ අම්මලාවලු ගෙන්න ගන්නේ. අපේ කසින් අක්කි බියර් බොනවා. මේ නිසා හරියන්නේ නැතිලු. අනික කිරි දෙනම අය වෙන්න ඕනේ නැහැලු. ලගදි කිරි දීපු මැදි වියේ අය හොයා ගන්න කිවුවා. අපේ ගෙදර වැඩට ඉන්න කෙනාටත් 2 / 4 වයසේ ළමයි ඉන්නවා. එයාගේ කකුලුත් පිරිසිදුයි. ඉතිං මෙයාටත් ආරාධනා කරන්න බැලුවේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අම්මලට ආරාදනා කරන්න යන්න ඕනේ ගෑනු කෙනෙක් ලු. ඉතින් එහෙම යවන්න ඉන්නේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා. එතකොට එයාව ධානෙට ගත්තට අවුලක් නැත්ද? අනික සුරාව පානය නොකරන දුරාචාරයේ නොයෙදෙන කේලම් කියන්නේ නැති අයද කියලා බලන්න කිවුවා. ඉතින් ඒවා කොහොමද හොයා ගන්නේ? අනික මෙහෙම නොකරන ගෑනු දැන් ඉන්නවද අනේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,075
    1
    61,253
    113
    Mother Earth
    මේ ආතල් දෙන්න එපා යකෝ උදේ පාන්දර. පෝය දවසේ පන්සලට ගිහින් self confession එකක් කරපන් උබේ වැරදි හදා ගන්නවා කියල. 🙂
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Ado uba nam......:shocked:
    මේ ආතල් දෙන්න එපා යකෝ උදේ පාන්දර. පෝය දවසේ පන්සලට ගිහින් self confession එකක් කරපන් උබේ වැරදි හදා ගන්නවා කියල. 🙂
    මම මේ සත්‍යක්මයි පවසන්නේ. මට මේවා අහන්න වැඩිහිටි අය නැහැ. පිරිසිදු කතාව ඇත්ත. මම හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවා. වයසක අයට ලෙඩ තියෙනවලු. එහෙම අය ගන්න එපා කිවා.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,075
    1
    61,253
    113
    Mother Earth
    මම මේ සත්‍යක්මයි පවසන්නේ. මට මේවා අහන්න වැඩිහිටි අය නැහැ. පිරිසිදු කතාව ඇත්ත. මම හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවා. වයසක අයට ලෙඩ තියෙනවලු. එහෙම අය ගන්න එපා කිවා.
    Ok. හැබැයි උබට හිත පිරිසිදු කරගන්න ඔය වගේ ලොකු දේවල් කරන්න ඕන නෑ. ළමා නිවාසෙකට වැඩිහිටි නිවාසෙකට දානයක්, සත්තුන්ට කෑම ටිකක් දියන්. ඒ වෙලාවට හිතට දැනෙන සතුට කොහොමද ❤️ අන්න ඒකයි ඕන.
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Ok. හැබැයි උබට හිත පිරිසිදු කරගන්න ඔය වගේ ලොකු දේවල් කරන්න ඕන නෑ. ළමා නිවාසෙකට වැඩිහිටි නිවාසෙකට දානයක්, සත්තුන්ට කෑම ටිකක් දියන්. ඒ වෙලාවට හිතට දැනෙන සතුට කොහොමද ❤️ අන්න ඒකයි ඕන.
    ගිය අවුරුද්දේ ළමා නිවාසෙකට දුන්නා. මට ඕනේ කිරි අම්මා දානයක් දෙන්න. ඒකක් දීලාම නැහැ. ඒකට

    1. මහලු කාන්තාවන්
    2. සුව කල නොහැකි ලෙඩ ඇති කාන්තාවන්
    3. වැන්දබු කාන්තාවන්
    4. වද කාන්තාවන්
    5. මතට හුරු කාන්තාවන්
    6. දුරාචාරයේ යෙදෙන කාන්තාවන්
    7 .කේලම් කියන කාන්තාවන්
    8. ගැබිණි කාන්තාවන්

    ගන්න එපා කිවුවා.
     
    • Wow
    Reactions: Candid-B

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මම උඹේ ඔක්කොම කමෙන්ට් එක කියෙව්වෙ නෑ‍. පෙනුන විදිහට කිරි අම්මලනේ ඕනේ.
    උඹ හොයලා බලපං ඔය පැත්තේ කිරි දාන ලගදි දීපු කෙනෙක්. එයා දන්න කිරි අම්මල කට්ටියක් ඇති. ඒ කට්ටියට වැඩේ බාර දීපං. එයාලම ඇවිල්ලා කැවුම් එහෙමත් හදලා දෙනවා. එහෙම ඉන්න අය පිරිසිදුව ඉන්නවද කියලා අහලා අඩ ගහ ගනිං.

    කිරි දාන වලට කිරි දෙන අම්මලම වෙන්න ඕනෙ නෑ. මම දන්න විදිහට දුවෙකුට සහ පුතෙකුට කිරි දීපු අම්මා කෙනෙක් වෙන්න ඕනේ. වයස අය ප්‍රශ්නයක් නෑ. අව්රුදු 60ක 65ක වගේ ගෑනු අය ඉන්නවා. එයාලා චාරිත්‍ර එහෙමත් හරියට දන්නවා.