කිරි ඉතිරේවා. . . නව වසරේ. . .!

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීමත් සමග උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුදු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් සමග එක්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14) තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වනු ලැබීය. ඉන් අනතුරුව අපර භාග 01.06 ට යෙදුනු සුභ හෝරාවේදී කාල්ටන් නිවසේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරිබතක් පිසීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා සහ නාමල්, යෝෂිත හා රෝහිත රාජපක්‍ෂ යන මහත්වරුන් එක්ව සිටියහ. එම අවස්ථාව මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. අපර භාග 03.18 ට රන්වන් පැහැයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ආහාර අනුභවය චාරිතානූකූලව සිදු කළ ජනාධිපතිතුමා ගණුදෙනු කිරීම සඳහා තංගල්ල මහජන බැංකුවට හා ලංකා බැංකුව වෙත ද ගියේය.